IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජන සමාජය ඔපවත් කරන තෛපොංගල්

පිරිසුදු බව, කෘතවේදීත්වය, සෞභාග්‍ය, සතුට සහ සමගිය උදාකරවන තෛපොංගල් උත්සවය අනාදීමත් කාලයක සිට දෙමළ හින්දු ජනයා ඉතා උත්සවාකාරයෙන් සමරණ උත්සවයකි. තෛපොංගල් උත්සවයේ සමාජ විද්‍යාත්මක විග්‍රහයක් ඇත. එම සමාජ විද්‍යාත්මක පැත්ත විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණයි.

සමාජයෙන් මතු වූ ජනවහර
“තෛපිරන්දාල් වලි පිරක්කුම්” මෙය දෙමළ ජනවහරෙහි එන සුප්‍රසිද්ධ ප්‍රස්ථාව පිරුළකි. සාමාන්‍යයෙන් ප්‍රස්ථාව පිරුළු මතුවන්නේද ජනයා තුළිනි. දෙමළ ජනසමාජය තෛ යනුවෙන් හැඳින්වූයේ දුරුතු මාසයයි. “පිරන්දාල්” යන්න ඉපදීම නොහොත් උදාවීම වේ. මෙහිදී “වලි” යනුවෙන් හැඳින්වූයේ “මාවත” පාර යන අර්ථ දේ. “පිරක්කුම්” යනු ඉපදේවි, උදාවේවි, “විවරවේ” යනුවෙන් අදහස් කෙරේ. සම්පූර්ණයෙන් මෙය සිංහලයට නැගූ විට අර්ථය නම් “දුරුත්ත ලැබූවිට මාවත විවර වේ” යනුවෙන් අර්ථවත් වේ. එදා සිට අද දක්වාම මෙම අදහස දෙමළ ජනසමාජයේ කිඳා බැස වර්ෂය මුලදී මෙවැනි අදහසක් මහ ජනතාව වෙතින් නැගෙන්නේ එදා ජනතාවගේ ධනාත්මක චින්තනය හැටියට පෙන්වා දිය හැකිය. තෛපොංගල්වල එක් කරුණක් වන්නේ ජීවිතයට අරුත ගෙන දීමයි. මෙම ප්‍රශ්නයට ඉහතින් සඳහන් කළ පිරුළ එය අර්ථවත් කරන බව පෙනේ.

කෘතවේදීත්වය
ඕනෑම අයෙකුට උපකාරයක් කළහොත් එයට උපකාර ලබන්නා කෘතවේදීත්වය දැක්වීම මනුෂ්‍ය සාරධර්මයකි. තෛපොංගල් දිනයේදී එක් පරමාර්ථයක් වනුයේ කෘතවේදීත්වය දැක්වීමයි. දෙමළ හින්දු ජනයා මෙසේ කෘතවේදී වන්නේ ස්වභාව ධර්මයට, සූර්යයාට සහ ගොවිතැනට උපකාරිවන සතාසිව්පාවන්ටය. මේ සම්බන්ධයෙන් දෙමළ ජනවහරේ ප්‍රසිද්ධ ප්‍රස්තාව පිරුළක් නිර්මාණය වී තිබීම විශේෂත්වයකි. මෙම ප්‍රස්ථාව පිරුළ වන්නේ, “උන්ඩි්‍රකොඩුත්තෝරේ උයිර් කොඩුත්තෝර්” මෙයින් අදහස් වන්නේ “යමක් යමෙකුට උපුටා දෙන්නේ නම් ඔවුන් පණ දුන් හා සමාන වන බවය”.

මෙම ප්‍රස්ථා පිරුළ සමාජ විද්‍යාත්මකව විග්‍රහ කළහොත් යමක් යමෙකුට දෙන්නේ නැති බැරි අවස්ථාවලදීය. බඩගින්නේ ඉන්න අයෙකුට කෑම දීමෙන් ඔහුගේ ගින්න නිවේ. මෙම අදහසට අනුව එදා ජනතාවගෙන් මෙම ප්‍රස්ථාව පිරුළ නිර්මාණය වූවා යැයි සිතිය හැකිය. තවද භව භෝගවලින් සියලුම මිනිස් වර්ගයම ජීවිතයට රැකගැනීම ආහාර ලැබේ. මෙම ආහාර නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් හිරු උපකාරි වේ. මේ නිසා සූර්ය දිව්‍යරාජයාණන්ට කිරි උතුරුවා අද පූජා කොට එකල දෙමළ හින්දු ජනතාව කෘතවේදීත්වය පළකර සිටිති. දින හතරකින් යුත් තෛපොංගල්වල ප්‍රථම දිනය සූර්ය දිව්‍යරාජයාණන් උදෙසා පුද පූජා, කිරි ඉතිරවීම් කිරීම දෙමළ ජනතාවගේ සිරිතය. ඊළඟ දෙවන දිනයේදී පට්ටිපොංගල් යනුවෙන් හඳුන්වනු ලබන සතාසිව්පාවන්ට කෘතවේදීත්වය පල කරනු ලබන දිනයකි.

පට්ටිපොංගල්
පට්ටිපොංගල් යනුවෙන් හඳුන්වන්නේ ගොවියන්ගේ ගොවිතැනට උදව් උපකාර කරන සියලුම සතාසිවුපාවුන්ට කෘතවේදීත්වය දැක්වීම මෙහිදී පෙන්වා දිය හැකිය. දකුණු ඉන්දියානු සුප්‍රසිද්ධ කවියෙකු වන කවිංජන් කන්නදාසන් එළදෙනකු පිළිබඳ තම කවියට මෙසේ නගයි.

“සත්‍යම් නීයේ
ධර්ම තායේ
කුලන්දෛ වඩිවේ
දෙයිව මහලේ”

මෙහි සිංහල තේරුම මෙසේ වේ.

“සත්‍යයය නුඹමයි
ධර්මයේ මමමයි
ළදරුවෙකු විලසින්
දෙවි දුවක් වේ”

මෙම කවියෙන් ඔහු කියාපෑමට උත්සාහ ගෙන ඇත්තේ එළ හරකෙකුට ඇති භක්තිය නොවේද? එළ හරකුන් සීසෑමට ගොන් නාම්බන් ලබා දෙනවා පමණක් නොව සියලුම පස්ගෝරසය ලබා දෙන්නේ එළදෙනය. මේ නිසා උන්ට කෘතවේදීවීමට දෙමළ හින්දු ජනයා අමතක නොකරති. මෙම කෘතිවේදී පුද පූජාවේදී ඔවුන් මුලින්ම හරක්පට්ටි, එළුපට්ටි සුද්ධ පවිත්‍ර කොට එම පට්ටිවල ගොමමැටි පිරියම් කොට එම පට්ටිය ඉදිරිපස තැනක කෝලම් රටා දමා පට්ටිය වටේට ගොක්කොළවලින් ද සරසා එහි ලිපක් සාදා එය මොලවා කිරි උතුරවා කිරිබතක් පිස ප්‍රථමයෙන් දෙවියන්ට පුදන්නේය. ඊට පසු තමන්ගේ ගොවිතැනට උපකාරිවන හරකුන්ට කවා ඔවුන්ව සතුටු කරනු ලැබේ.

මෙම කිරිබත කැවීමට පෙර සියලුම ගවයන් නහවා පිරිසුදු කිරීමද සිදුකරනු ලැබේ. ඊට පසු උන්ගේ අං නොයෙක් වර්ණවලින් ආලේපිත කර අලංකාර කරනු ලැබේ. මෙම දිනය සත්‍යවශයෙන්ම ගොවිතැනට උදව් උපකාර කරනු ලබන සතුන්ට කෘතවේදීත්වය පුදකරන දිනය වේ.

දෙමළ සාහිත්‍යයේ තෛපොංගල්
දෙමළ සාහිත්‍ය ලොව අනාදිමත් කාලයක සිට පෝෂණය වූවෙකි. මෙම සාහිත්‍යයේ පත්තුපාඩල් යන කෘතියට ඇත්තේ සුවිශේෂි වූ තැනකි. මෙම කෘතියේ එන එක්තරා කාව්‍ය කාණ්ඩයක මෙසේ සඳහන් වේ.

“උලහම් උවප්පවලන් ඒර්පු තිරුතරු පලර් පුනල්යිරු”

මෙහි තේරුම වන්නේ ලෝකය පැවතීම සඳහා සූර්ය ශක්තිය ලබා දෙමින් වැජඹේ යන්නය. මෙයින් කියැවෙන්නේ සූර්යා නොමැති කලට සියලුම ජීව රාශිවලට පැවැත්මක් නොමැති බවය.
දෙමළ සාහිත්‍යයේ එන තවත් කෘතියකි. “තිරුමුරු කට්ටෘප්පාඩෛල්” මෙම කෘතිය තෛපොංගල් ගැන මෙසේ සඳහන් කරයි.

“ඥායිරු උදයමාකුවදෛ මක්කල් මහල්ච්චියුඩන් වරවේට්කින්රනර්, අවන් වරුකෛ උලකත්තන් ජීවරාගිකල් අනෙත්තුම් ආනන්දත්තෛ කොන්ඩාඩුකින්රණ”

මෙහි තේරුම වන්නේ සූර්ය උදාව ජනතාව ආනන්දයෙන් පිළිගනිති. ඔහුගේ පැමිණීම ලොව සියලුම ජීවීන්ට සතුටක් ඇතිකරගෙන එම සතුට උත්සවාකාරයෙන් සමරණ බවය.

තවද වර්තමාන බොහෝ කවීන් මෙම තෛපොංගල්වල සමාජ විද්‍යාත්මක පැත්ත පෙන්වා දීමට කාව්‍ය, ගීත නිර්මාණය වී ඇත. දකුණු ඉන්දියානු කවියෙකු වන ගීත රචකයෙකු වන කන්නදාසන්, එක්තරා ගීතයක මෙසේ කියයි.

“ඒර් මුනෛක්කු නේර් ඉංගේ එදුවූවේ ඉල්ලෛ” යන්නයි.

මෙහිදී “ඒර්” යන්නෙන් අදහස් කරන්නේ ‘නඟුල’යි. “මුනෛ” යනු ‘නඟුලෙහි කෙළවරයි’. මෙම නඟුලෙහි කෙළවරට වඩා කිසිවක් නොමැති බව ඔහු පෙන්වා දෙයි. එනම් නඟුලෙන් සී නොසානවා නම් අස්වැන්නක් ලැබෙන්නේ නොමැති බව මෙම ගීතය පෙන්වා දෙයි.

දකුණු ඉන්දියාවේ ප්‍රබලතම කවියා වන්නේ “මහා කවි භාරදියාර්ය” ඔහු විසින් නොයෙක් අවස්ථාවල තෛපොංගල් උත්සවය ගැන තම කාව්‍ය නිර්මාණවල සඳහන් කර ඇති අවස්ථාවක් මෙසේ පෙන්වා දිය හැකිය.

“උළවුක්කුම් තොළිලුක්කුම් වන්දනෛ සෙයිවෝම් - විනිල් උණ්ඩු කලත්තිරුප්පොරෙ නින්දනෛ සෙයිවෝම්”

“සීසෑමටත් රැකියාවටත් වන්දනා කරමු. අප, එයට නින්දා කරන්න වුන් පැත්තකට කරමු. මෙහිදී ගොවිතැන රැකියාව වශයෙන් කරන මානවයන් හට උසස් තැනක් දීමට උත්සාහ දරා ඇති බව පෙනේ.

තෛපොංගල්වල අවසාන කරුණ හැටියට අප විසින් සලකන ලද්දේ සතුට හා සෞභාග්‍යයි. මෙම කරුණ තෛපොංගල්වලදී පිළිඹිබු කරන්නේ මෙසේය.

තෛපොංගල් අවසාන දින වන හතරවන දිනයේදී සියලුම දෙමළ හින්දු කාන්තාවන් බතක් හත්මාළුවක් එකට මිශ්‍රකර පිසගත් ආහාරය පිණ්ඩ කර කපුටන් ඉන්නා තැනකට ගෙන ගොස් එම පිණ්ඩ කපුටන්ට දානයක් සේ දෙති. කපුටන්ට මෙම ආහාර පිණ්ඩ දෙනවිට ඔවුන් කරන ප්‍රාර්ථනයක් වේ.

“කාක්කා පොඩි වෛත්තේන්
කානුම් පොඩි වෛත්තේන්
උන්කූඩම් කලෛන්දාලුම්
එන් කූඩම් කනෙලයාදු”

මෙම කවියෙන් කියැවෙන්නේ.

“කපුටන් හට බත් පිඬක්
හොඳට අනපු බත් පිඬක්
නුඹේ කූඩුව විසිර ගියත්
මගේ කූඩුව විසිර නොයයි.”

මෙයින් දෙමළ හින්දුන් අදහස් කරන අර්ථයක් ඇත. එනම් යම් කිසි ගෘහයක වෙසෙන මිනිසුන් එකට විරසක නොවී සමඟියෙන් සිටීමට වාසනාව ලැබේවා යැයි කපුටන් හට මේ බත් පිණ්ඩ දමා කරන ප්‍රාර්ථනයක් මේ තුළින් ඉස්මතු වේ.

කපුටන් කොහේ සිටියත් ගොදුරකට ඒකරාශි වෙති. එහෙත් එම ගොදුර අවසන් වූ පසු විසිර යති. ඒ ආකාරයෙන් එසේ නොවිසිරී එම ගෘහයේ වෙසෙන මිනිසුන් සාමයෙන් සමගියෙන් ජීවත්වීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ඔවුන් ප්‍රාර්ථනා කිරීම තුළින් පෙනී යන්නේ තම පවුලත් ඉන් අනතුරුව එය ගමටත් ගමින් නගරයටත් එයින් පසු පළාතටත් රටටත් සමගියේ ප්‍රාර්ථනයක් වීම මෙහි සමාජ විද්‍යාත්මක පැත්තය. සැමට සමගියේ තෛපොංගලක් වේවා !

ආචාර්ය දෙමළ පණ්ඩිත් පන්මොළිවිත්තහර්
මඩුළුගිරියේ විජේරත්න



අදහස් (0)

ජන සමාජය ඔපවත් කරන තෛපොංගල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 629 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site