යාල සහ කුමන ජාතික වනෝද්‍යාන අයත් භූමිය මුලූමනින්ම කතරගම දෙවියන්ගේ අඩවිය ලෙස හදුන්වනු ලබයි. මේ නිසා නාගරික හෝ ග‍්‍රාමීය පරිසරයෙන් ඔබ්බට වු වනගත පරිසරයේදී හුදකලාවන කෙනෙකුට පිහිටට ඇත්තේ දෙවියන් පමණක්ය යන හැගීම ඇතිවීම ඉබේටම සිදුවන්නකි. යාල ජාතික වනෝද්‍යානය කලාප කිහිපයකින් සමන්විතය. කලාප අංක එකට අයත්වන්නේ සාමාන්‍ය සංචාරකයන් නරඹන කලාපයයි. ඒ  කිරින්ද ප‍්‍රදේශයෙන් ඇතුළුවී මැණික් ගඟ දක්වා වු ප‍්‍රදේශයයි. මේ ප‍්‍රදේශයන් අතීතයේ පටන් රාජ්‍ය නායකයන්ගේ විශේෂ අවධානයට ලක්වු ප‍්‍රදේශයන්ය. මෙම කොටසෙහි පිහිටි නවබුතව  සංචාරක බංගලාව වර්තමානයේ නාවික හමුදාවේ රේඩාර් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරයි. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ කාලයේ ඔහු නිතර යනඑන තැනක්වූ මෙතැන පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මල්පුජා කිරිමට මල්නෙළු සමන්පිච්ච වැල අදටත් පවතී. යාල කලාප අංක දෙක ලෙස සලකන්නේ මැණික් ගග සහ කුඹුක්කන්ඔය අතර ප‍්‍රදේශයටය. මුහුදට සමාන්තරව පිහිටි මෙම ප‍්‍රදේශයෙන් සාම්ප‍්‍රදායික පාදයාත‍්‍රා වන්දනාකරුවන්ගේ ගමන්මග වැටී ඇත.  කතරගම දෙවියන්ගේ හාස්කම් රැුසක් වාර්තාවු පොත්තන, පිළින්නාව වැනි ප‍්‍රදේශ පිහිටා ඇත්තේද මේ කලාපයේය. කලාප අංක තුන යාල ජාතික වනෝද්‍යානයේ විශාලතම කලාපයයි. කුඹුක්කන්ඔය මායිමේ සිට රට ඇතුළට සැතපුම් විස්සක් දක්වාම විහිදෙයි. කතරගම දෙවි`දුන් භාවනානුයෝගීව වැඩ වෙසෙතැයි කියවෙන කැබිලිත්ත දේවාලයද පිහිටියේ මේ කලාපයේය. කලාප අංක හතර ලෙස හැදින්වෙන්නේ කතරගම බුත්තල පාරේ ගල්ගේ සිට වල්ලිඅම්මා ආර (වල්ලිඅම්මාර) අතර කොටසයි. මැණික්ගග, සෙල්ලකතරගම, සිට බුත්තල දක්වා පාර සහ මැණික් ගග අතර බුත්තල කොටස යාල කලාප අංක පහවේ. මේ ප‍්‍රදේශයේද කතරගම දෙවියන්ගේ බැල්ම විශේෂයෙන් ඇති ප‍්‍රදේශයක් වේ. කතරගම දෙවියන්ගේ අඩවියේ වනසතුන්ගේ ආරක්‍ෂාවට ඔවුන්ගේ පිහිටට සිටින වනජීවී නිලධාරීන් පවා විවිධවු අකරතැබ්බයන්ට මුහුණදුන් අවස්ථා තිබේ. එවැනි බොහෝ අවස්ථාවල කතරගම දෙවියන්ගේ පිහිට ලැබුණු බව එම නිලධාරින් වැඩි දෙනෙකුගේ අදහසයි. යාල ජාතික වනෝද්‍යානයේ අඩවි ආරක්‍ෂකවරුන් ලෙස 2002 වර්ෂයේ සේවය කළ තරුණ නිලධාරීන් එවැනි අත්අදැකීමකට මුහුණ දී තිබුණි. ඒ එම වසරේ නියං සමයේදීය. මේ නියං සමය වනවිට වනෝද්‍යානය ඇතුළේ ජල හිගයක් හේතුවෙන් සංචාරකයන් සදහා එය වසා දමනු ලබයි. මේ සිද්ධිය එසේ වසා දැමූ කාලයේ වූ එකකි. ඉහතදී අප ස`දහන් කළ යාල අංක දෙක කලාපයේ ‘‘වලස්කෙම’’ නම් ස්ථානයේ වු ‘‘ගල්කෙම’’ (වතුර පිරුණු ගල්වලක්) කාලයක් තිස්සේ සුද්ධ පවිත‍්‍ර නොකිරීම නිසා පස්වලින් වැසී ගොස් තිබුණි. ඒනිසා වැහි කාලවල්වල වතුර එකතු නොවීම සතුන්ට තදින් බලපායි. යාල වනෝද්‍යානයේ සියලූම සේවකයන් මේ ‘‘වලස්කෙම’’ සුද්ධ පවිත‍්‍රකිරීමට ස්වේච්ඡාවෙන් ශ‍්‍රමදානයක් සූදානම් කළහ. කතිකා කරගත් දිනක ‘‘වලස්කෙම’’ බලා පිරිස ට‍්‍රැක්ටරයකින් සහ කැබ්රථයකින් පිටත්ව ගියහ. දින කිහිපයකට අවශ්‍ය ආහාරපාන, සුද්ධපවිත‍්‍ර කිරීමට අවශ්‍ය උපකරණ ද රැුගෙන ගියහ.  පිරිස එහි නවතා කැබ් රථය ආපසු යාලට පැමිණියේය. නැවත දින තුනකට පසු එළැඹි දිනයේ පෙරවරුවේ කැබ් රථය යළි ‘‘වලස්කෙම’’ බලා පිටත්ව ගියේය. ඒ ශ‍්‍රමදානයේ නිරතවු පිරිසගේ අඩුපාඩු සොයා බැලිමේ අරමුණිනි. මීට වසර ගණනාවකට පෙරදී යාල ජාතික වනෝද්‍යානය තුළදීම සිදුකළ වැටලීිමකදී වෙඩිවැදී මියගිය අඩවි ආරක්‍ෂකයෙකුවු එච්.කේ.සිරිල් කුමාරසිංහ මහතාද  මේ ගමනට එක්ව සිටියේය. ඔහුගේ බිරි`ද ගමනේ නිරත පිරිසට රොටි සාදා දී තිබුණේ අතර මගදි කෑමට ගන්නටය. ගමන කිලෝ මීටර් පහනක හැටක අතිදුෂ්කර එකකි. ත‍්‍රස්තවාදී කලබල පමණක් නොව යාල කැලෑව තුළද ත‍්‍රස්තවාදී ක‍්‍රියා සිදුවෙමින් තිබු කාල වකවානුවකි. යාල සිට මැණික්ග`ග දක්වා ගමන් කළ කැබ් රථය මැණික් ගෙ`ගන් එගොඩ වුයේ කොළ අත්තක් කඩා එල්ලා කතරගම දෙවියන්ගේ ආශිර්වාද ඉල්ලමින්ය. කැබ් රිය ඉදිරියට යද්දී පොත්තන පිලින්නාව අතර ප‍්‍රදේශයේදී ‘‘වළස්කෙම’’ නැවතී සිටි කිහිප දෙනෙකු පයින් ඉදිරියට එනවා මුණගැසිනි. ඒ අයගෙන් විස්තර ඇසූවිට ‘‘වළස්කෙම’’ පවිත‍්‍ර කරන තැන තිබු ට‍්‍රැක්ටරය පොත්තන කළපුවේ එරි ඇතිබව දැන්වීය. මේවනවිට ඒපිරිස දැඩි කුසගින්නේ පසුවිය. ගෙනගිය රොටී වලින් කොටසක් ඔවුන්ට පිරිනැමිනි. ඉන්පසු ඔවුන්ද නංවාගෙන කැබ් රථය ‘‘වළස්කෙම’’ බලා යද්දී ‘‘වළස්කෙම’’ සිටි පිරිසගෙන් තවත් කොටසක් අතරමග විය. යාල ජාතික වනෝද්‍යානයේ පළමු පාලකයාවු එංගල්ස් බ්‍රේක් ගේ ගවගාල පිහිටි තැනවු දංගහක් යට විඩාවට පත්ව ඔවුන් සිටිනු දිස්විය. ගෙනගිය රොටීවලින් ඉතිරි කොටසින් කොටසක් ඔවුන්ගේ කුසගිනි නිවීමට පිරිනැමිණි. වතුරයි රොටී වලින් යන්තම් ජිවයක් මේ විඩාපත් පිරිසට ලැබුණි. දැන් පිරිස මහ වනාන්තරේය. ‘‘වළස්කෙමට’’ තව බොහෝදුරක් යායුතුය. මෙකල ජංගම දුරකතන තිබුණද මේ ප‍්‍රදේශය ඉන් ආවරණය නොවීය. වනජීවි දෙපාර්තමේන්තුවේ රේඩියෝ පණිවිඩ යන්ත‍්‍රය තිබුණ ද සංඥා අහළකවත් නැත. ‘‘වළස්කෙම’’ සුද්ධපවිත‍්‍ර කරන්නට ආවත් කිසියම් තැනක අඩුපාඩුවක් ඇති බව කවුරුත් අවබෝධ කරගත්හ. කොටි ත‍්‍රස්තයන්ද ගැවසෙන අඩවියේ නිරායුධව මෙසේ රැු`දී සිටීම අවදානම්ය. සිදුව ඇති අකරතැබ්බ පලටුපාන කාර්යාලයට දැනුම් දෙන්නටද ක‍්‍රමයක් නැත. ‘‘වළස්කෙම’’ ඉන්න අයට කුමක්වී දැයි තොරතුරක්ද නැත. ‘‘දැන් ඉතින් මේ අඩවියේ අපිට කතරගම දෙවියන් හැර වෙන කාගේ පිහිටක්ද?’’ හැමෝම දෙවියන්ට කියන්නට වුහ. ඉන්පසු පිරිස ‘‘වළස්කෙම’’ බලා කැබ් රථයෙන් ගමන් කරන්නට විය. ටිකදුරක් යද්දී ගුවන්විදුලි සංඥා යන්ත‍්‍රයට ‘‘හෝටන්තැන්නේ’’ වනජීවී කාර්යාලයේ ගුවන්විදුලි සංඥා යන්ත‍්‍රයෙන් නිකුත් වන පණිවිඩයක් ශ‍්‍රවනය විය. ඒ අනුව වාහනය නවත්වා තමන් පත්ව ඇති තත්ත්වය කියා එරුණු ට‍්‍රැක්ටරය ගන්න එන්න කියා පලටුපානට පණිවිඩය යවන්න යැයි ඉල්ලීමක් කළේය. එහෙත් ලැබෙන සංඥා දුර්වල තත්ත්වයක තිබිණි. කෙසේ වෙතත් පැයක් පමණ ඉක්මගිය පසු යළිත් වතාවක් හෝටන්තැන්නෙන් සංඥාවක් ලැබිණි. ඉන් කියවුනේ පලටුපානට පණිවිඩය දුන් බවයි. පිරිස සවස 03.00 පමණ වනවිට ‘‘වළස්කෙමට’’ ළ`ගාවිය. එතැන සිටි පිරිස ඒවනවිට  උග‍්‍ර පානීය ජල හි`ගයකටද මුහුණ දී තිබුණි. ගෙනගිය වතුරයි රොටී කිහිපයකුයි දී එතැන තිබු හිස් වතුර බුලි කැබ්රියේ පටවාගෙන හාල්පාන් ඕඩයට (කුඹුකන්ඔය පිටාර ගැලූවිට වතුරගලායන තැන) ගියේ බොන්න වතුර ගේන්නය. මේ අතරවාරේ කැබ්රියේ ටයරයක හුළං බැස්සේය. අතිරේක රෝදය සවිකරගෙන වතුරද පුරවාගෙන වළස්කෙමටද වතුරදී ට‍්‍රැක්ටරය එරුණු තැනට නුදුරු දංගහ ළ`ග සිටින අයට වතුර දෙන්නට කැබ්රථය පරිස්සමින් ඉදිරියට ඇදුණි. දංගහ ළග සිටි අයත් ඒවනවිට ට‍්‍රැක්ටරය එරි  තිබු තැනට ගොස් සිටියහ.  ඔවුන්ටද වතුර දී කැබ්රිය ආපසු එන්නට මැණික්ගග අසලට එද්දී පලටුපාන කාර්යාලය සමග ගුවන්විදුලි සංඥා මගින් සම්බන්‍ධවීමට හැකිවිය. ඒවනවිට සහායක කණ්ඩායමක් මේ පිරිස සොයා පලටුපානෙන් පිටත්ව තිබිණි. අතරමගදි ඔවුන්ද හමුවිය. ඒ අය පාන් රාත්තල් 16ක් ද රැගෙනවිත් තිබුණි. තිස්සමහාරාමයේ නිව් ප‍්‍රියකලා මෝටර් අධිපති රෝහිත මහතාද මඬේ එරුන ට‍්‍රැක්ටරය ගොඩ ගැනීමට සහායට අවශ්‍ය උපකරණද රැගෙන පැමිණ සිටියේය. වන සත්ව නියාමක මහේන්‍ද්‍ර පීි ගමගේත්, බංගලා භාරකරු ජි.එල්. කුලරත්නත් සිය ජීවිත නොතකා වලසුන් බහුල ‘‘වළස්කෙම’’ රැදි සිටිමින් එහි පවිත‍්‍රතා කටයුතු සංවිධානය කළේය. රියදුරු ආර්.එම්. පේරුසිංහ පසුනොබැස මහ කැලෑවේ රැදෙමින් සැමට සහාය විය. අනතුරටපත් පිරිසට පිහිට වෙන්නට සහායක පිරිස  රැගෙන ආ රියදුරු එස්.එම්. අනුර බණ්ඩාර විශාල මෙහෙයක් කළේය. ‘‘මේ හැමදෙනාගෙම උපකාර අපට ලැබුණේ කතරගම දෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙන්. කොටි ත‍්‍රස්තවාදීන් ගැවසෙන මහ කැලේ අපිට අතුරු ආන්තරාවක් නැතුව එන්න කතරගම දෙවියෝ එදා පිහිට වුණා. අපේ ගිය කට්ටියගේ අඩුපාඩුවක් හින්දා මේ අකරතැබ්බ වෙන්න ඇති.’’ සිද්ධියට මුහුණදුන් දකුණු වනජීවි කලාපයේ  සහකාර අධ්‍යක්‍ෂවරයෙකු වන ප‍්‍රශාන්ත විමලදාස මහතා කීවේය. කතරගම දෙවියන්ගේ අඩවියේ සත්ත්ව හිංසාව කරන කිසිවෙකුටත් සමාවක් නැත. හැට ගණන්වල පානම විද්‍යාලයට ඉංග‍්‍රීසි ගුරුවරයෙක් පැමිණියේය. ඔහු නමින් දේව්දාස් විය. අග‍්‍රාමාත්‍යවරයෙකුවූ ඩඞ්ලි සේනානායක මහතාගේ එකම පන්තියේ මිතුරෙකි. ඔහු දඩයම් කිරිමට තරමක් කැමැත්තක් දැක්වූවෙකි. අඳින්නේ දිග කලිසමය. කෝට්බෑය නිතරම ඇගදාගෙන සිටියි. ඇතැම්විට දඩයම් සොයා පානම සිට කිලෝමීටර් හතළිහක් පමණ දුරැති කුමන ගම්මානයටද ගියේය. දඩයමේ ගිය දේව්දාස මහතා අන්තිමට කුමන ගමේ බින්න බැස්සේය. එහෙත් ඔහු ජිවිතයේ අවසන් කාලයේ සිහිමද ගතියෙන් පෙළෙන්නට වු අතර තනියම ඉංග‍්‍රීසි කියවන්නට විය. අවසානයේ ‘‘පිස්සු මහත්තයා’’යැයි ඔහු හැ`දින්විනි. 1990 හෝ 1991දී මියගිය ඔහුගේ සිරුර මිහිදන් කෙරුණේද කුමන ගම්මානයේමය. 1991දී කොටි ත‍්‍රස්තවාදී උවදුර නිසා කුමන ගම්වැසියන්  සිය ගමඅතහැර ගියහ. කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් පිළිබ`දව බොහෝ කතා ඇත. තම පියාවූ රුහුණු කතරගම සූනියන් දේවාලයේ තේවා භාර කපු මහතාව සිට දැනට අපඅතරින් වියෝවි සිටින කේ. ඞී. ජිනදාස මහතාට සිදුවූ අත්දැකීමක් විස්තර කළේ ඔහුගේ පුත් කේ.ඩි. දේවප‍්‍රිය මහතායි. දේවප‍්‍රිය මහතා සිය පියාගේ ඇවෑමෙන් රුහුණු කතරගම සූනියන් දේවාලයේ තේවා භාර කපුනිලයේ කටයුතු කරයි. ඔහු ලේඛකයෙක් හා මාධ්‍යවේදියෙකු වෙයි. ජිනදාස මහතා කපු නිලයේ කටයුතු වලට අමතරව ඡායාරූප ක්‍ෂෙත‍්‍රයේද කටයුතු කළ නිසා බොහෝ දෙනෙක් ඔහු එකල ඇමතුවේ ‘‘ෆොටෝ මහත්තයා’’ යන අන්වර්ථ නාමයෙනි. සිය පරම්පරාවෙන් ලද ශාස්ත‍්‍රයක්වු ගුප්ත වෛද්‍යවිද්‍යාව ඔහු හො`දින් ප‍්‍රගුණ කර තිබුණි. මේ සිදුවීම 1974 වසරේ මාර්තු මාසයේ වුවක් බව දේවප‍්‍රිය මහතා කියයි. ජිනදාස මහතා තනිවම දිනක් පාන්දරම කතරගම යාල වනඅඩවියේ කොච්චිපතාන ප‍්‍රදේශයට ගියේ ප‍්‍රාණජිව ඖෂධය සොය ගන්නය. කැලේ ඇවිද ඖෂධ සෙවු ඔහුට ඉර අවරට යනවා දැනුනේ නැත. ඔහු ආපසු එන්නට හැරුණේය. ටික දුරක් එනවිට දැනුනේ පාර වැරදී ඇතිබවයි. අ`දුර වැටුණද පාර සොයාගත නොහැකිවිය. තමන් මංමුලාවී ඇතිබව ජිනදාස මහතාට අවබෝධවිය. පරිස්සමින් ඉදිරියට එද්දී වනසතුන් කිහිප දෙනෙකුත් අලි රංචුවකුත් ඈතින් දැකීමෙන් තරමක බියක්ද ඇතිවී තිබුණි. තරමක වැහි පොදයක්ද වැටීමෙන්  පසු ජිනදාස මහතා ස්කන්ධකුමාර දැහැන කියවා ‘‘අලිලව්වා පාගලා මරවන්නද හදන්නේ. මට පාර පෙන්නන්න’’ යැයි කියා කොළ අත්තක් කඩා ගහක එල්ලා තිබේ. ඉන්පසු තමන් උදේ පැමිණි ඉස්ව්වයැයි  හිතේ විශ්වාසය ඇතිවු පැත්තට හෙමින් හෙමින් ගමන් කර ඇත. මෙලෙස දෙපැයක් පමණ ගමන් කරද්දී ඈත තැනකින් පන්දම් එළියක් යනවා දැක තිබේ. ඒ පැත්තට ඉක්මනින් ළංවූ ජිනදාස මහතා තරමක් උස් හ`ඩින් ‘‘ මම මේ අතරමං වුණ කෙනෙක් මට පාර පෙන්නන්න උදව් වෙනවාද?’’යැයි විමසා තිබේ. එවිට පන්දම් එළිය නැවතුන නිසා ජිනදාස මහතා ඒ දෙසට ළංව බලද්දී පන්දම අතැතිව සිට ඇත්තේ කතරගම ප‍්‍රදේශයේම පදිංචි පල්ලත්තර මුදලාලි යැයි කවුරුත් හ`දුන්වන හේන් ආදිය කරන මුදලාලි බව අ`දුනා ගත්තේය. කතරගම ප‍්‍රදේශයේ දශක හතරකට පමණ පෙරදී මුලින්ම මැණික් සම්පත ලැබුනේද ‘‘පල්ලත්තර මුදලාලිටය’’ ‘‘අනේ මුදලාලි මට හරි වැඩක්නෙවැ වුණේ. පාර වැරදුණා. වලස්සුත්, අලිත් දැක්කා. දැන් තමයි මගේ ඇ`ගට ලේ ටිකක් ඉනුවේ.’’ යැයි කීවේය. ‘‘එනකොට බං හොයලා බලලා එන්න එපායැ’’ මුදලාලිගේ පිළිතුර විය. ‘‘දැං රෑ වුණා. වාඩියක ඉදලා පලයං’’ යැයිද මුදලාලි කී විට,      ‘‘ගෙදර අය බයවෙලා පොලිසිත් ගිහිං ඇති. මට පාර පෙන්නුවොත් ඇති’’ ජිනදාස මහතා ආයාචනය කළේය. මුදලාලිගේ පන්දම පසුපස ජිනදාස මහතා ටික දුරක් අවේය. කරත්ත පාරක් හමුවෙද්දී, තරුවක් පෙන්නා ඒ තරුව දිහාව බලාගෙන ගියවිට වැඩහිටිකන්ද දෙසට යාහැකිබව පල්ලත්තර මුදලාලි පවසා තිබේ. ‘‘මුදලාලි දැන් ගෙදර එන්නේ නැද්ද?’’ යි ජිනදාස මහතා විමසුවිට ‘‘මම හෙට උදේ එනවා’’ යැයි පවසා ආපසු හැරි ගොස් ඇත. ජිනදාස මහතා එතැන් සිට පාර හොයාගෙන ගෙදර එනවිට ගෙදර අය කලබලවි සිටියේය. ‘‘මං කැලේදි මං මුලාවුණා. හො`දවෙලාවට පල්ලත්තර මුදලාලි කැලේදි මුණ ගැහුණා. මිනිහා පාර පෙන්නලා ආපහු ගියා. මිනිහා මුණ නොගැහුනා නම් මං තවම කැලේ?’’ යැයි නිවසේ අයට පවසා තිබුණි. දින දෙකකට පසු තමන්ට පාර පෙන්නූ මුදලාලිට ස්තුති කරන්නට ඔහුගේ නිවසට ජිනදාස මහතා ගියේ බුලත් පුවක් දුංකළ ආදිය රැගෙනය. නිවසේ අය ජිනදාස මහතා දුටුවිට ආදරයෙන් පිළිගත්තේය.‘‘අනේ මම ආවේ මුදදාලිට ස්තුති කරලා යන්න. දවස් තුනකට උඩදිමම කැලේ අතරමං වුණා. මුදලාලි හම්බවුණ හින්දා නොමැරී ගෙදර ආවා. එයා ඊයේ එනවා කිව්වා ආවාද කියලා බලලා ස්තුතිකරලා යන්න ආවේ’’ යැයි කියන විට හැමදෙනාම පුදුමයෙන් වගේ ජිනදාස මහතා දෙස බලා සිටින්නට විය. ‘‘කවද්ද මහත්තයාට අපේ තාත්තා කැලේදි හමුවුනේ’’ පල්ලත්තර මුදලාලිගේ දරුවො පෙරලා විමසීය. ‘‘මේ පෙරේදා ?’’ ජිනදාස මහතාගේ පිළිතුර විය. ‘‘ඒක කොහෙත්ම වෙන්න බෑ මහත්තයා. තාත්තා ඔත්පල වෙලා මාස තුනක් තිස්සේ ඉන්නේ ඇඳේ. ගිහිං බලන්න’’ යැයි පල්ලත්තර මුදලාලිගේ නිවසේ අයපැවසු දෙයින් ජිනදාස මහතා පුදුමයට පත්විය. පල්ලත්තර මුදලාලි ද බලා ජිනදාස මහතා ගෙදර ඇවිත් සිදුවු දෙය ඒඅ යට පවසද්දී හැම දෙනාගෙම  විශ්වාසය වී තිබුනේ පල්ලත්තර මුදලාලිගේ වෙස් ගෙන පාර පෙන්නුවේ කතරගම දෙවියන් විය හැකි බවයි. කපු මහත්තයා යැයි කටපුරා කතාකරන කිසිදාක  ‘‘බං, බොලං, වරෙන් පලයං’’ යැයි නොකියන  පල්ලත්තර මුදලාලි කැලේදි තමන්ට එසේ කතා කළේ ඇයිද යන්න අවබෝධ වු බව ජිනදාස මහතා පවුලේ අයට පවසා තිබුණි.
අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියෝ යාල පිවිසුම් දොරටුව නිදැල්ලේ වෙසෙන වන සතුන් කේ.ඞී. ජිනදාස කේ.ඞී. දේවපි‍්‍රය