Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 20 වන සඳුදා
(මෙහි පළමු කොටස පාසලේ පිට්ටනිය බස් පොළකට ලෙසත් දෙවැනි කොටස ඉඩම අයිති කුණ්ඩසාලෙටද? පාතදුම්බරටද? ලෙසත් මීට පෙර පළවිය )
(තරිඳූ ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
පාසල් පිට්ටනිය කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාවට පවරා ගැනීමට කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය ලේකම් අත්සන් තැබූව ද මෙම ඉඩම සැබෑ ලෙසම අයිති කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයයටද යන්න ප‍්‍රශ්න සහගත බව මීට පෙර වාර්තා කළේය.
මේම ගැටලූව නිරාකරණය කර ගැනීමට මේ වන තෙක් නිසි විමර්ශනයක් පවත්වා නැත.
මුඩු ඉඩමක්ද?
ප‍්‍රශ්නය මෙසේ තිබිය දී මෙම බස්නැවතුම්පොළ ආරම්භ කිරීමේ මූලික පියවර ගැනුණේ පසුගිය මාසයේය. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියගේ ප‍්‍රධානත්වයෙනි. ඒ පාසල් ප‍්‍රජාවගේ විරෝධතාවය මධ්‍යයේය. මෙය මුඩු ඉඩමක් බවත්, එනිසා පවරා ගැනීම සාධාරණ බවත් පිරිසක් කීහ.
මෙය වසර ගණනාවක් තිස්සේ ප‍්‍රයෝජනයට ගත් ක‍්‍රීඩා පිටියකි. දැන් බස් නවත්වා ඇත්තේ ක‍්‍රීඩා පිටියේ වොලිබෝල් සෙල්ලම් කරන ප‍්‍රදේශයේය. මෙම ක‍්‍රීඩා පිටිය කෙතරම් වැදගත්ද කියතොත් අවට පාසල්වල සිසුන් පවා ක‍්‍රීඩා පුහුණුවට සහ ක‍්‍රීඩා තරඟවලට මෙම පිට්ටනියට එති. 2016 වත්තේගම කලාප අධ්‍යාපන තරඟවලියේ එල්ලේ, ක‍්‍රිකට්, පාපන්දු ආදී තරඟ පැවැත්වූයේ තෙන්නකෝන් විමලානන්ද මහා විද්‍යාලයයේ මේ කියන ක‍්‍රීඩා පිටියේය. වත්තේගම අධ්‍යාපන කලාපයේ 2015 කණ්ඩායම් ක‍්‍රීඩා තරඟයේ පාපන්දු තරඟ මෙන්ම එල්ලේ තරඟද පැවැතියේ මේ කියන ක‍්‍රීඩා පිටියේය. මේ උදාහරණ වසර දෙකක පමණි. මෙවැනි උදාහරණ ඕනෑ තරම් ඇත. විශේෂයෙන්ම මෙම ක‍්‍රීඩා පිටියේ එක් කොටසක ස්වභාවික ධාවන පතයක් ඇති අතර සෑම සිකුරාදාවකම සියලූම සිසුන් එහි දිවීමට එක් වෙති. මෙම ක‍්‍රීඩා පිටිය මුඩු ඉඩමක් බවට පතුරන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැති බව පාසල් සංවර්ධන සමිතිය උදාහරණ සහිතව පෙන්වා දෙයි.
බස් නැවතුම්පොළක් අවශ්‍ය නම් එය සෑදීමට වෙනත් ඉඩමක් වෙන් කර ගත හැකිය. පාසලක ක‍්‍රීඩා පිටියක කොටසක් බස් නැවතුමකට ගැනීම ‘පාසල් ගිය’ කිසිවකු අනුමත නොකරන බව නොඅනුමානය. මේ ගැන ජනපතිගේ අවධානය යොමු වන තුරු මෙම විද්‍යාලයේ සිසුහු සහ දෙමාපියෝ බලා සිටිති.
‘අවුරුදු ගණනක් පැරණි ක‍්‍රීඩා පිටියේ දැන් බස් නවත්වනවා’යයි හිටපු ගුරුවරයකු වන අසංක කුලතුංග මහතා කියයි.
‘ආණ්ඩුකාරවරිය විදුහල්පතිට අවවාද කළා’යයි කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසේල ඒකනායක මහතා කියයි.
“ආණ්ඩුකාරවරියගේ ක‍්‍රියාකලාපය ගැන ජනපතිට ලිව්වා“යයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි
“අපි වැඩ කළේ නීත්‍යනුකූල රාමුව තුළයි“යයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය කියයි
sam Friday, 14 July 2017 07:39 AM
ලංකාවේ "නීතිය" කියන එක අර්ථ දැක්වෙන්නේ තමන් දරන තනතුර අනුවයි. මෙතන ප්‍රශ්නය විදුහල්පති හා ආණ්ඩුකාරවරිය අතර නිසා "නීතිය" ආණ්ඩුකාරවරියගේ පැත්තේ වන අතර අවනීතිය ඇයට සාපේක්ෂව පහළ තනතුරක් දරන විදුහල්පතිතුමාට නිතරඟයෙන් හිමි වෙනවා.
Reply : 0 365
kumari Friday, 14 July 2017 09:51 AM
මේ ආණ්ඩුකාරතුමිය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් කටයුතු නොකිරීම ගැන කණගාටුවට කරුණකි. පිනට ඉගෙනගෙන පස්සේ මුල අමතක වීම සාමාන්‍ය දෙයක්... දරුවන්ගේ අයිතිය කොල්ලකෑමක්... ඡන්දෙ දීපු අපිටත් මේ අයගේ කෙරුවාවල් බලලා හොඳටම ඇතිවෙලා. ජනාධිපතිතුමාගේ දැන්වත් ඇස්, කන් අැරුණොත් අඩුගානේ අපේ ඡන්දෙටවත් අඩුගානේ අපේ ඡන්දෙටවත් අගයක් එකතුවුණා කියලා හිත හදාගන්න පුළුවන්.
Reply : 14 29
banda Saturday, 15 July 2017 02:00 PM
මේ ඉඩම අයිති කුණ්ඩසාලෙටද, පාතදුම්බරටද කියලා කියන්න අමාරු ඇති.. අනේ මොකද එතුමා ආණ්ඩුකාරතුමාද? තුමියද? කියන එකත් හරියට කියන්න අමාරු නිසා...
Reply : 0 126
kamal Saturday, 15 July 2017 04:14 PM
මුළු කුණ්ඩසාලේටම බස් නවත්තන්නයි තියෙන්නේ... පාසැලේ ළමුන්ට ක්‍රීඩා කරන්නට තිබෙන මෙම ඉඩම පමණක්මද කියායි. දේශපාලකයන් බොහෝදෙනෙක් නූගත් අය බැවින් (එවැනි අයට අපහාස කරනවා නොවේ) ඒ අයට දරුවන්ගේ අනාගතයට ක්‍රීඩා පිටියක ඇති ආයෝජනය නොපෙණුනත් ආණ්ඩුකාරවරියට මෙතන තිබෙන්නාවූ මානුෂීය ප්‍රශ්නය ගැන සිතා බලා කටයුතු කල යුතුව තිබුණා..
Reply : 0 1
Dileepa Sunday, 16 July 2017 03:23 AM
බණ්ඩා... මෙතෙන්ට අනවශය දේවල් ගාවගන්න එපා. ඉඩමේ ප්‍රශ්නෙට තුමාද තුමියද කියන එකේ මොකද්ද අදාලත්වය?
Reply : 0 0
sarath Sunday, 16 July 2017 08:46 AM
ඉඩම අයත්වන්නේ කුමන ප්‍රාදේශීය සභාවටද කියා විමසිය යුත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් නේද?
Reply : 0 0