(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
පාසල් දරුවන්ගේ ප‍්‍රයෝජනයට ඇති බිම් කඩක් වෙනත් කටයුත්තකට යෙදවීමට ශිෂ්ඨ සම්පන්න සමාජයක කිසිසේත් සිදු නොවන්නකි. සෙල්ලම් කිරීමට ක‍්‍රීඩා පිටියක් නැති පාසල්වල සිසුන් හිස් බිම් කඩක් සොයා ගොස් ක‍්‍රීඩා පුහුණු වන අවස්ථා අප ඕනෑ තරම් දැක ඇත. දුවා දරුවන් දහස් ගණනකගේ ක‍්‍රීඩා කෞෂල්‍ය ඔප් නංවා ගැනීමට මහෝපකාරී වූ ක‍්‍රීඩා පිටියක් වෙනත් අරමුණකට යොදා ගන්නේ නම් ඊට යෙදීමට උපමාවක් සොයා ගත යුතුය.
ඒ අපේ රටේ ක‍්‍රීඩා ඇමැතිවරුන් පවා බිහි කර ඇති මහ නුවර දිස්ත‍්‍රික්කයයි. පාසල වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් තෙන්නකෝන් විමලානන්ද විද්‍යාලයයි. මෙම විදුහලේ ආරම්භය අදින් වසර 145ක් ඈදිතට දිව යයි. පාසල ආරම්භ කර ඇත්තේ 1872 වසරේ දී ය. නාපානේ පෙමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නාහිමියන් ද කුඩා අවධියේ අධ්‍යාපනය ලබා ඇත්තේ මෙම පාසලෙනි.
පාසලේ තිබූ පිට්ටනිය සිසුන්ගේ ප‍්‍රයෝජනයට ප‍්‍රමාණවත් නොවන නිසා හැකි ඉක්මණින් ඉඩමක් සොයාගෙන පිට්ටනිය සකස් කරන ලෙස 1956 නොවැම්බර් 12 වැනි දා පාසලට පැමිණි අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලොග් සටහනක් තැබීය.
ඒ අනුව ඊට සුදුසු ඉඩමක් තෝරා ගනු ලැබීය. මහනුවර දිස්ත‍්‍රික්කයේ ආණ්ඩුවේ උප ඒජන්ත ලෙස කටයුතු කළ ඊ ඇම් ඩී වික‍්‍රමසිංහ මහතා විසින් 1960 අගෝස්තු පස් වැනි දා මහනුවර කච්චිචේරියේ දී ඉඩම රජයට පවරා ගැනීමේ ලේඛනයට අත්සන් කරන ලදුව 1960 අගෝස්තු 12 වැනි දා ඉඩම රජයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය.
මහ නුවර දිස්ත‍්‍රික්කයේ පාතදුම්බර ප‍්‍රාදේශීය ආදායම් කොට්ඨාසයේ උඩගම්පහ කෝරළේ ගුන්නෑපාල උඩගම්මැද්ද සහ අබසිංහ ගම්මැද්ද යන ගම්වල පිහිටි ඉම ඉඩමේ ප‍්‍රමාණය අක්කර තුනයි රූඩ් 2යි පර්චස් 03.1කි. තුම්පොකුණවත්ත නොහොත් තේවරගේ වත්ත නොහොත් බස් වත්ත නමින් හැඳින් වූ ඉඩම මැන නොම්මර ඒ.2686හි කැබලි අංක 1 සහ 2 යනුවෙන් විස්තර කර තිබිණි. ඉඩම රජයට පවරා ගැනීමෙන් පසු එය ගුන්නෑපානේ විද්‍යාලයට එසේත් නැතිනම් තෙන්නකෝන් විමලානන්ද මහා විදුහලට ලබා දී තිබේ.
ඒ අනුව ලැබුණු භූමියේ ක‍්‍රීඩා පිටිය පිළිසකර කිරීමේ වැඩ 1962 ජනවාරි 26 වැනිදා උදේ 9.55ට යෙදුණු ශුභ මොහොතින් ආරම්භ කළේය. එම වකවානුවේ මෙම විද්‍යාලයයේ විදුහල්පති ලෙස කටයුතු කළේ එස් නෙත්තානන්ද මහතාය. ඔහු එම විද්‍යාලයේම ආදි ශිෂ්‍යයෙකි. එම භූමියේ තිබූ ගස් කොලන් ඉවත් කිරීම සඳහා අවසර ලැබුණේ එම වසරේ පෙබරවාරි 16 වැනි දාය. ඒ වන විටත් මෙම විද්‍යාලය ක‍්‍රීඩා අතින් ඉදිරියෙන් තිබී ඇති අතර වොලිබෝල්, බැඩ්මින්ටන්, කැරම් ආදී ක‍්‍රීඩා රැසක් ක‍්‍රියාත්මක වී ඇත.
වසර ගණනාවකදී සිසු සිසුවියන් දහස් ගණනකගේ ක‍්‍රීඩා කෞෂල්‍ය ඔප් නැංවීමට දායක වූ මෙම පිට්ටනියට කන කොකා හඬන්නට ගත්තේ 2007 වසරේ දී ය. එවකට මෙම විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කළේ එච් එම් දිසානායක මහතාය.
අධ්‍යාපනය විමධ්‍යගත කිරීමට යැයි කියමින් ප‍්‍රාථමික පාසල් කිහිපයක් මහා විද්‍යාල බවට පත් කිරීම නිසා ගුන්නෑපාන විද්‍යාලය එසේත් නැතිනම් තෙන්නකෝන් විමලානනද් මහා විද්‍යාලයට අත්වූ ඉරණම ගැන කියමින් හිටපු විදුහල්පති දිසානායක මහතා කතාවට මුල පිරීය.
‘‘අධ්‍යාපනය විමධ්‍යගත කිරීමට යැයි කියමින් ප‍්‍රාථමික පාසල් මහා විද්‍යාල බවට පත් කළා. ළමයින් තුන් දහස් ගණනක් සිටි පාසලක් වුණු මෙම පාසලේ ළමයින් එන්න එන්නම අඩු වුණේ ඉන් පස්සේ. එක අවුරුද්දට හයසීයයක් පමණ ඇතුලත් වුණ උසස් පෙළ කලා, වාණිජ ඇති මේ පාසලේ දැන් ඉන්නේ ළමයින් 150යි. පටන්ගත්ත කාලෙ මෙතැන ඉස්කෝල දෙකක් තිබුණා ගෑනු පිරිමි කියලා. 1950 එකක් ප‍්‍රාථමික කරලා මේක හයෙන් පටන්ගත්තා. ප‍්‍රාථමිකෙ මිශ‍්‍ර කළාම පළමු වැනි ශිෂ්‍යත්ව පිරිමි ළමයා මම. ‘‘ යැයි හිටපු විදුහල්පතිවරයා සිය පාසල් සමය ද සිහිපත් කළේය.
පාසල් ක‍්‍රීඩා පිටියට බස් නැවතුම්පොළ පැමිණීමේ කතාව හිටපු විදුහල්පතිවරයා කීවේ ඉන් පසුවය.
‘‘ පිට්ටනියේ කොටසක බස් නැවතුම්පොළක් සහ කඩ කාමර 20ක් හදන්න 2006 වසරේ යෝජනාවක් ආවා . එම පිඹුරුපත අරගෙන කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාවෙන් මා හමුවෙන්න ආ අවස්ථාවේ මම කිව්වා කඩකාමරවලට නම් මගේ එකඟතාවයක් නැතත් බස් නැවතුම්පලට සමූපකාරයට අයිති ඉඩම ගන්න කියලා. යෝජනාව ගෙන ආ දේශපාලකයාත් මෙම පාසලේ ආදි ශිෂ්‍යයෙක්. මේ පාසලේ සිටි ක‍්‍රීඩකයෙක්. 2007 දි මිනුම් කරන්න ආවත් මම ඉඩදුන්නේ නෑ. ඒ අයව හරවලා යැව්වට පස්සෙ විරෝධය දැක්වීමට හේතු හොයන්න පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙක් ආවා. 2008 දි රත්නායක කියලා විදුහල්පතිනියක් හිටියේ. එයත් මේකට ඉඩදුන්නේ නෑ.’’
මේ ප‍්‍රශ්නය මතු වෙද්දී බස් නැවතුමට ක‍්‍රීඩා පිටියේ ඉඩමක් ඉල්ලීම සම්බන්ධයෙන් එවකට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා 2006 ජූලි 26 වැනි දා වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ මතය විමසා තිබේ. 2006 අගෝස්තු 26 වැනි දා ඊට පිළිතුරු යවමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ ඉඩම් කොටස බස් නැවතුම්පොළට දීමට ඉඩ දිය නොහැකි බවයි.
‘‘මෙම කලාපයේ මහ/වත්/තෙන්නකෝන් විමලානන්ද මහ විදුහලට අයත් පාසල් ඉඩමෙන් බස් නැවතුම්පලක් සඳහා ඉඩම ලබා දුනහොත්, පාසලට අවහිරයක් බැවින්, එයට ඉඩදිය නොහැකි බව කාරුණිකව දන්වමි.’’ යනුවෙන් කලාප අධ්‍යක්ෂවරයා පිළිතුරු ලිපියේ සඳහන් කර තිබේ.
එසේ තිබිය දී යළිත් 2006 ඔක්තෝබර 11 වැනි දා කලාප අධ්‍යක්ෂගේ නමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට තවත් ලිපියක් ලැබී ඇති අතර එහි සඳහන් වී ඇත්තේ බස් නැවතුම්පොළ සඳහා ඉඩකඩ ලබා දීමෙන් පාසලේ කටයුතුවලට අවහිරයක් නොවන බවයි. මාස දෙකක් ඇතුළට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ මතය වෙනස් වූයේද? එසේ නැතිනම් දෙවැනි ලිපිය ව්‍යාජ ලිපියක් ද? එය බොහෝ දෙනකුට ඇති ගැටලූවකි.
මතුසම්බන්ධයි.
අද රටේ තිබෙන්නේ අතීතය ගැන කතා කරන්නට බිය වන විපක්ෂයක් හා වර්තමානය ගැන කතා කරන්නට බියවන ආණ්ඩු පක්ෂයකි.
මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ
මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව
කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නව රජය ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ ජන මනසක් නිර්මාණය කිරීම සඳහා බලපාන සාධනීය කරුණකි. එය හුදෙක්ම පාරිසරික පිරිස
විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පාසලේ පිට්ටනිය බස් පොළකට