IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


කතරගමින් මතුවුණේ රජකාලේ මැනික් ගබඩාවක්ද?

ලූණුගම්වෙහෙර ජලාශයේ වේල්ල ඔස්සේ සීනුක්කුව, බෙරළිහෙළ, තම්මැන්නාව හරහා කතරගමට දිවෙන අතුරු මාර්ගයේ තාර දමා ඇත්තේ බෙරළිහෙල කුඩා ගම්මාන එක කොටස තෙක් පමණි. එතැනින් ඉදිරියට කතරගම දෙසට වන්නට වූ පාර කලකට ඉහතදී ග්‍රෙවෙල් පස් යොදා තැනූවකි. මත්තල ඉදිකෙරෙන නව ගුවන් කොටුපළට කතරගම සිට යාමට මංතීරු හතරක නව ප‍්‍රවේශ මාර්ගය ඉදිවෙන්නේද මේ ප‍්‍රදේශය ඔස්සේය. ඵහි ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින අතරේ පසුගිය මාසයේ දෙවැනි සතිය ආරම්භයත් සමගම හදිසියේම දහස් ගණනක ජනතාවක් මේ ප‍්‍රදේශයට පැමිණියහ. ඉල්ලංකූරු, ලන්ඩා, පෙතියකඩ, උදලූ, මුල්ලූ, කූඩා, පෝරකවර පමණක් නොව ඉල්ලම් වට්ටිද එසේ පැමිණ පිරිස් අතවිය. ‘‘ලූණුගම්වෙහෙර, තම්මැන්නාව ප‍්‍රදේශයේ මැණික් ඉල්ලමක් මතුවෙලා’’ යන රාවයත් සමග මෙසේ ජනගගක් ගලන්නට විය. මේ නිසා තම්මැන්නාව, පිළිමහෙළ, පඩිකැපුහෙළ, බෙරළිහෙළ, සිනුක්කුව, ලූනුගම්වෙහෙර කුඩා ගම්මාන එක, දෙක, තුන, හතර යන ගම්වල ජනතාවට නින්දක් පවා නැතිවිය. ‘‘තම්මැන්නාව හරියේ පාර හදන කොටසේ තිබිලා නිල් මැණික් වගයක් හම්බවෙලා. ලක්‍ෂ ගාණකට විකිණිලා. ගල් හම්බවෙන්නේ එක පොකුරටලූ. පස් කවරයක් ගෙනාවොත් ලක්‍ෂ ගාණක ගල් තියනවලූ. පස්කපන තැන මැණික් නිධියක්ම තියනවලූ’’ තම්මැන්නාවේ මැණික් ඉල්ලම ගැන රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත, නිවිතිගල, ඇඹිලිපිටිය, මොණරාගල, බිබිල, ඔක්කම්පිටිය, පස්සර, හැටන්, තලවකැලේ ආදී ප‍්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන් අතර පැතිරගියේ එලෙසය. ආරංචිය ලද සැනින් ඔවුන් එහි පැමිණියේ පළපුරුදු පතල් කපන්නන්, මැණික් ගරන්නන් එක්ව ඒ ස`දහා අවශ්‍ය උපකරණද සමගිනි. ව්‍යාපාරිකයන් පැමිණියේ අතිනවීන වාහනවලිනි. මේ නිසා මේ ප‍්‍රදේශයේ අතුරු මාවත්වල ගමට නුපුරුදු සුඛෝපභෝගී වාහන සැරිසරන්නට විය. ‘‘තම්මැන්නාව ගමේ පාසල් යන කුඩා ළමයෙක් පාසල් යන්න එනකොට පාර හදන හරියේ තිබිලා නිල්පාට ගලක් අහුලලා තියනවා. ඒක ඒ දරුවා එයාව පාසල් එක්කගෙන ගිය තාත්තාට දීලා. මේ පැත්තේ අපි ගොවියෝ මැණික් ගැන දන්නේ නෑ. ඒ තාත්තත් ඒක ගණන් අරං නෑ. ගෙදර ගෙනැල්ලා මේසේ උඩතියලා. ළමයා ඉස්කෝලෙ ඇරිලා ආපුවම මේසේ උඩ තිබණු නිල්පාට ගල දැකලා ඒක අරගෙන මොකකින්ද ගහලා පොඩිකරලා. පස්සේ ඒ තාත්තා පොඩිවුණ කෑලි දෙකක් ඔක්කම්පිටි ගෙනිහිං රුපියල් ලක්‍ෂ දෙකකට විකුණලා’’ මැණික් නිධිය ගැන ආරංචිය පැතිරගිය හැටි ගැන සමහර ගම්වැසියන් කියන්නේ එවැනි කතාවකි. ‘‘පාරේ වැඩකරන මැෂින් ඔපරේටර් කෙනෙක් තමයි මුලින් ගල් අහුලලා තියෙන්නේ. එයා කිහිප දෙනකුට කියලා තියනවා. කවුරුවත් ගණන් අරං නෑ. ඊට පස්සේ තමයි ගමේ අය පස් කපන තැනට ගිහිං තියෙන්නේ. කොහොමහරි දැන් ඒ මැෂින් ඔපරේටර් දකින්න නැතිලූ. ගමේ අය මැණික් නිධිය හමුවුණයි කියන තැනට ගිහිං පස් ගේන්න පටන් ගත්තා.  ආරංචිය කටින්කට ගිහිං දහස් ගාණක් එතෙන්ට එන්න පටන් ගත්තා. පස්සේ පොලීසිය උසාවි නියෝගයක් අරගෙන මේ හරිය තහනම් කලාපයක් කරලා පොලිසියෙ හා හමුදාවෙ ආරක්‍ෂාව යෙදෙව්වා.’’  මැණික් නිධිය ගැන ගමේ කියවෙන තවත් කතාවකි. මේ මැණික් නිධිය ගැන විවිධ මත පළවී තිබේ. පැරණි රුහුණු රාජධානියේ මැණික් ගබඩාවක තිබු මැණික් එලෙස මතුවී ඇතිය යන්න එක් අදහසකි. හමුවූ මැණික්වල කැපූ ආකාරයක් පෙනෙන්නට ඇති නිසා එවැනි මතයක් ගෙන එතැයි සිතීමට ද හැකිය. තවත් මතයක් වන්නේ මෙවැනි පොකුරට මැණික් මතුවන්නේ පසේ අති විහේෂිතවූ ඛනිජ සම්පත් ලක්‍ෂණයක් හේතුවෙන් බවයි. එකතැනක පමණක් මැණික් ඇති බව දක්නට ඇත්තේ ඒ නිසා යන්න තවත් මතයකි. රටපුරා විසිරි සිටින මිනිසුන් මෙසේ තම්මැන්නාවට රොක්වෙද්දී ආරක්‍ෂක අංශ ඔවුන් පළවා හැරීමට පසුගිය මාසේ 13දා සිට අපූරු උපක‍්‍රමයක් භාවිත කළේය. ඒ එහි එන පිරිස්වලට පහරදී එළවා දැමීමයි. අවසානයේදී රාත‍්‍රී කාලයේ ගෙවල්වලට පැන මෙසේ පහරදුන් බව ද ගම්මු කියති. ‘‘ගමේ අපට ගහලා ගෙවල්වලින් එළියට බහින එක නවත්වලා ආරක්‍ෂක අංශවල ආරක්‍ෂාව යටතේ දේශපාලන ක්‍ෂෙත‍්‍රයට සම්බන්‍ධ ඌව පළාතෙයි දකුණු පළාතෙයි අය ටිපර්, ටෙන්වීල් ආදියට බැකෝ යොදලා ඉල්ලම්පස් පැටෙව්වා.’’ නම්ගම් හෙළි කිරීමට අකමැති ගම්වාසීහූ කියති. කෙසේ වෙතත් මේ ජනතා මර්දනය පාරාවළලක් වියහැකි බවට සැකසිතීමෙන් දෝ දේශපාලන අධිකාරිය මැදිහත්ව මැණික් නිධියෙන් පස් දැමූ බවට කියන පාර ප‍්‍රදේශයේ කොටස් කඩාගැනීමට 22දා රාත‍්‍රියේ සිට පොදු ජනතාවට අවසර දුන්නේය. ඒ අවසරය ලැබන විට අවට ප‍්‍රදේශයේ හිතවතුන්ගේ නිවාසවල, මගතොටේ වාහනවල සිටි පිරිස ද දහස් ගණනක් වූහ. රටහැම තැනින්ම ආ ජනයා සාමයෙන් සමගියෙන් පාර කඩා කවරවලට පස් පුරවන්නට වූහ. සමහරු ටිපර්, ලොකු පොඩි ට‍්‍රැක්ටර්, ත‍්‍රිරෝද රථ සහ යතුරුපැදි වලින් පස් පිරවූ කවර පිටතට ගෙනියන්නට වූහ. පාරේ පස් කපන්න ඉඩදෙන ආරංචිය පැතිරගිය පසු විවිධ ප‍්‍රදේශවලින් ඉල්ලම්වට්ටි වෙළෙන්දෝ ද වට්ටි ලොරිවල පටවාගෙන එහි එන්නට වූහ. රුපියල් අටසියයයේ සිට ඉහළට වට්ටිවල මිලවිය. තැඹිලිවලූ පැටවු අත්ටැක්ටර්, බුලත්විට වෙළෙන්දෝ, වතුර බෝතල් සහ බීම බෝතල් වෙළෙන්ඳෝ ජංගම ආපනශාලා ක්‍ෂණිකව ස්ථාපිතවිය. ඒවායේ භාණ්ඩවල මිල ඉතා අධිකවිය. රුපියල් විස්සේ තැඹිලි ගෙඩිය රුපියල් පනහකි. බුලත්විටක්  සමහර තැනක රුපියල් තිස්පහකි. රුපියල් පනහේ වතුර බෝතලේ රුපියල් සියයකි. රුපියල් පහළොවේ පොල් රොටිය රුපියල් හතළිහකි. පොලිසිය හෝ ආරක්‍ෂක හමුදාව පේනතෙක් මානයක නොසිටි මේ ගැරුම් පොළේ සාමය රකිමින් විසිදහසකට අධික පිරිසක් පාර කඩන්නට වූහ. මෙසේ පාරකඩන පිරිසට තම්මැන්නාව ප‍්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදා මැණික් නිධිය තිබූ ප‍්‍රදේශයට ඇතුළුවීම තහනම්කර තිබුණි. එතැන ගුරුපාර හරහා පොලිස් මාර්ග බාධකයකි. කැලෑ ඇදුමින් හා යුදහමුදා ඇදුමින් සැරසුණු ආරක්‍ෂක නිලධාරින්ය. ඊටත් දුරින් යුද්ධයේදී භාවිතයට ගන්නා හමුදා බෆල් රථයකි. තරුණ තරුණියන්, වැඩිහිටි පිරිමින්, කාන්තාවන්, වයසක ඇත්තන් පමණක් නොව ආබාධ සහිතවුවෝද මැණික් ඉල්ලම් සොයමින් පාර හැරූවන් අතර වූහ. මේ හාරන පස්වල මැණික් තිබේද යන්න බොහෝ දෙනාගෙන් විමසූවිට ඔවුන් පැවසුවේ ලොරි තුන හතරක ප‍්‍රමාණයක් සේදුවද තමන්ටනම් මැණික් නොලද බවයි. මේ අතර විවිධ කටකතා පැතිර යන්නට විය. ‘‘ලක්‍ෂ පනහකට ගලක් මේ දැන් වික්කා’’, ‘‘පොල්වත්ත ළග පස්කවරයක තිබිලා ලක්‍ෂ හැටක ගලක් හම්බවෙලා’’, ‘‘තම්මැන්නාව පන්සලට යන පාර ළ`ග පස්ගොඩක තිබිලා මැණික් ලොට් එකක්ම ලැබිලා’’, එවැනි කතාය. මැණික් සොයා පස් සේදූ අයගෙන් වැඩි දෙනෙක් මේක මහා ප්‍රෝඩාවක් යැයි කියමින් තවදුරටත් මැණික් සොයද්දී මෙසේ ලක්‍ෂ ගණනින් මැණික් හමුවූ අය කවුරුන්ද යන්න සෙවීමට උත්සාහ කළෙමි. ‘‘මේ වෙලාවේ හම්බවෙච්චි අය කියන්නේ නෑ. අනික සමහරු මැණික්ගල් ගැන දන්නේ නැති නිසා කලබලේට විකුණන්නේ නෑ. ඒ වුණාට අපේ ගමේ කිහිපදෙනකුටත් අල්ලපු ගමේ කිහිප දෙනෙකුටත් ගල් හම්බවෙලා තිබුණා.’’ ගමේ වැඩි දෙනෙක් කීවද ලක්‍ෂ ගණන් වටින මැණික් හමුවූවායැයි කියන කිසිවකුත් නම්ගම් වශයෙන් හෙළිකිරීමට මැළිවිය. මේ අතර පසුගිය 24දා මේ මැණික් නිධියේ ආරක්‍ෂක අංශවල ආරක්‍ෂාව යටතේ ඇති බිම් කට්ටි 46ක් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ දැමිණි. ඒ සියල්ල රුපියල් කෝටි 27ක මිලකට අලෙවි විණි. ‘‘ගමේ මිනිස්සු කිව්වානේ ආරක්‍ෂක අංශ යොදලා මේකේ ඉල්ලම් ගෙනිච්චා කියලා. එහෙනම් මෙච්චර මිලක් දීලා වෙළෙන්ඳෝ ගනීද? අපි ගමේ අයටත් කට්ටි තුනක් වෙන් කරලා තියෙන්නේ’’ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීහු කීහ. එම වෙන්දේසියේදී එවැනි ඉහළ මිලකට බිම්කට්ටි ගත්තෝ මැණික් පිළිබ`ද හසල දැනුමක් ඇති ජාත්‍යන්තර වෙළෙන්ඳෝය. රාජ්‍ය තාන්ත‍්‍රිකයෝද ඒ අතර වූහ. මේ අතර දින කිහිපයකට පෙර වාර්තාවූයේ මේ ඉල්ලමට සැතපුම් හතර හමාරක් කැලේ ඇතුළෙන් තවත් ඉල්ලමක් මතුවී ඇති බවයි. මහජනයාට තහනම් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රක්‍ෂිතවල මෙවැනි ඉල්ලම් ඇති බව දැනගත්තේ කෙසේද යන්න ගැටලූවකි. රත්නපුර පැත්තෙන් එහි ගිය පිරිසක් ගෙනා ඉල්ලම් පස් යැයි පැවසු   පස් කවර කිහිපයක් සෝදද්දී මැණික් ගල් කිහිපයක් හමුවූ බව කියයි. ඒවා වට්ටියෙන් පෙන්වා ඇත්තේ කතරගම ප‍්‍රදේශයේ අය ඉදිරියේ බවත් පැවසේ. එම ගල් හැර වෙනත් කිසිම මැණික්ගලක් එහි තිබී හමුවී නැති බවත් කතරගම ප‍්‍රදේශයේ ජනතාව කියති. මැණික් ගරන්නට අවශ්‍ය ව්‍යාපාරිකයන් මැණික් ඇති බවට බොරු ප‍්‍රචාරය යවා ජනතාව උසිගැන්වීම මෙහි අරමුණ  බව වැඩි දෙනාගේ අදහසයි. සමහර අවස්ථාවල මැණික් ඇති බව පෙන්වීමට පිටින් ගෙනා අඩු වටිනාමක් ඇති ඉරඔට්ටු (විකුණාදීම සදහා අනුන්ගෙන් ඉල්ලාගන්නා මැණික්.) මේ පස් ගොඩවල් වලට දමා මැණික් ඇති බවට රාවයක් යවා  මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ලවා වෙන්දේසිකරවා ගැනීම සමහර විට අරමුණ විය හැකි බවට පවසන පිරිස්ද සිටිති. මෙලෙස  මහපාරේ මැණික් සොයා පස් ටිපර් දහස් ගණනක් ලූණුගම්වෙහෙර වම් ඉවුරේ වාරිමාර්ගවල සේදීමෙන් ඒවාට විශාල අනර්ථයක් සිදුව ඇතැයි ප‍්‍රදේශයේ ගොවි සංවිධානවල නියෝජිතයෝ පවසති. ලූණුගම්වෙහෙර වම්ඉවුර ව්‍යාපාර උපකමිටු සභාපති එඞ්මන් ජයාසේකර මහතා පැවසුවේ අතිනවීන වාහන වලින් පැමිණි ව්‍යාපාරිකයන් කම්කරුවන් යොදා වාරිමාර්ගවල ඉල්ලම් සේදූ බවයි. සැතපුම් දාහතරක් දුරැති ප‍්‍රධාන වම් ඇළේ හැතැක්ම දහසයකම එසේ ඉල්ලම් සෝදන ලද බව ද ඔහු කියයි. පොලිසිය, වාරිමාර්ග නිලධාරින් එක්ව ඇළට ඉල්ලම් සේදූ මිනිසුන් පළවා හැරීමට කටයුතු කළත් ඵලක් නොවූ බව ද ඔහු කීවේය.‘‘දැන් පස් ටිපර් දාස්ගාණක් හෝදලා ඇති. ඇළට බහින්න බෑ අඩියේ රොන් මඩ. ගමේ මිනිස්සු මේවට සම්බන්‍ධ නෑ. පිටින් ආපු මිනිස්සු මේවා කරන්නේ. ගොවිතැන් බත්කරලා කාපු අපට මේ මැණික් කතාවක් හින්දා බඬේ පාර වැදෙනවා.’’ යැයි කීවේය. රුහුණුපුර ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ආරියසේන පෙරේරා මහතා පැවසුවේ අතු ඇළවල් එකොළහකද මෙලෙසම මැණික් සොයා පස් ටිපර් දහස් ගණනක් සෝදා ඇති බවයි. ‘‘අපි මැණික්වලින් ජීවත්වෙන මිනිස්සු නොවෙයි. ඇග වෙහෙසලා වැඩකරලා, දාඩිය හලලා, දෑතේ වාරුවෙන් හම්බකරගෙන කාපු අපි කබලෙන් ලිපට දානව මේ සල්ලිකාරයෝ ඇවිත්. ඒ විතරක් නෙවෙයි කතරගමට යන්න තිබුණ පාරත් නැතිවුණා.’’ ආරියසේන පෙරේරා මහතා කීවේය. ලූණුගම්වෙහෙරෙ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයකු වූ සරත් චන්‍ද්‍රසේකර යාපා මහතා පැවසුවේ මැණික් ඉල්ලමක් නිසා ගම්මුන්ට පහරදී ඒ අයගේ මූලික අයිතීන් කඩකළ අය සක්වළගල ගසා ද`ඩුවම් දෙන්නැයි කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටින බවයි. තම්මැන්නාවේ පදිංචි හර්ෂ මනෝහර මහතා හෙවත් කොළඹ මල්ලී පැවසුවේ ගමේ අයට බිම් කොටසක් වෙන් කළ බව කියමින් සමහරු එයද ගසාගෙන කන්නට සුදානම් වන බවයි. පවුල් එකසිය පණහක් අතරේ පර්චස් තිහක කොටසක් බෙදා දෙන ක‍්‍රමවේදය කුමක්දැයි ඔහු ප‍්‍රශ්න කළේය. ‘‘දැන් මේ වෙන්කරපු ඉඩම් කොටස ඌව සහ දකුණු පළාත් දෙකේ අයට ඉල්ලම් ගන්න දෙන්න යනවා කියලයි අපට ආරංචිය තියෙන්නේ. දැන් මේ ඌව පළාතේ ගම්මාන තුනේ බොන්නවත් වතුර නැතුව පවුල් එකසිය පනහක් එකසිය හැටක් විතර ඉන්නවා. දකුණු පළාතේ ගලපිටයාය කියන ගමේ පවුල් හතළිස් පහකට තමයි මේ ඉල්ලම දෙන්න හදනවාය කියන්නේ. හැබැයි එහෙම දෙනවා නම් ඒක අසාධාරණයි. ග‍්‍රාමසේවක මහත්තයා ළ`ග ඡුන්ද හිමි නාමලේඛනයක් ඇති. ඒකේ ස්ථිර පදිංචිකාරයෝ ඇති ඒ අයටත් දෙන්න  ඕනෑ. නැත්නම් වෙන්දේසි කරලා මුදලාලිලාටම දීලා එහෙමම යටපත් කරන්න  ඕනෑ. නැත්නම් මේ ගම්මානවල ඉන්න අපි දෙබරු වගෙ අවුස්සාගෙන ඔය ඉල්ලම නැතිකරගන්න එකයි වෙන්නේ. මෙතන දුප්පත් හැමෝටම දෙනවාද නැත්නම් ඒඅයට දේශපාලනය කරපු අයට විතරක් දෙනවදැයි කියලා රජය තීරණයකට ආයුතුයි’’ යැයි හර්ෂ මනෝහර මහතා කීවේය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ ඒ සදහා විධිමත් ක‍්‍රමවේදයක් සකසන බවයි. මේ අතර සති අන්තය වනවිට ප‍්‍රසිද්ධියේ  පෙනී සිටි ක`දසුරිඳුගම පදිංචි තල්පේ පැලෑ`දගේ චමින්ද නැමැති විසිඅට හැවිරිදි තරුණයකු කියා සිටියේ මේ මැණික් හමුවූ ඉඩම් කොටසේ තමන් වසර දහයක් තිස්සේ අනවසරව පදිංචිව සිටින බවකි. එම ඉඩම ඇතුළු ඉඩම් අක්කර හතරක් පමණ කෝටි විසි හතකට වෙන්දේසියේ විකුණුවද තමන්ට අන්තිමට ඉඩමත් නැතිවූ බව ඔහු මාධ්‍ය මගින්ද ප‍්‍රකාශ කර තිබුණි. මේ සම්බන්‍ධව මොනරාගල දිසා වනනිලධාරි රසාල් වීරසිංහ මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ මෙම කියන ඉඩම් කොටස්වල කිසිවකුත් පදිංචියේ නැති බවයි. වරින්වර අනවසරයෙන් එළි පෙහෙළි කර හේන් වගාව කරන ඉඩම් ප‍්‍රදේශයක් බව ද දිසා වනනිලධාරිවරයා කීවේය. රජයේ කැලෑවක් නිසා එසේ හේන් වගා කළ අයට කරුණු පහදා දී ඉවත් කර ඇති බවත් බලෙන් වගා කරන අයට අධිකරණය හමුවේ නඩු පවරා ඇති බවත් කීවේය. චමින්ද නැමැත්තකුටද එරෙහිවද එසේ නඩු පවරා ඇති බව දිසා වනනිලධාරිවරයා කීවේය. මේ අතර කතරගම, පෙරගිරිගම, අංක 458 දරණ ස්ථානයේ පදිංචි පියසේන ගමගේ සුනිල් යන අය පවසන්නේ ඉහතකී දමින්ද යන අයට අයත් බව කියන ක`දසුරිඳුගම පිහිටි පර්චස් අසුවක හේන් ඉඩමක් රුපියල් ලක්‍ෂ දෙකක මුදලකට තමන් 2011 නොවැම්බර් මිලදී ගත් බවයි. නිතීඥවරයෙකු ඉදිරියේ ප‍්‍රකාශයක් ලියා ගිවිසගත් මුදලින් රුපියල් ලක්‍ෂයක් නොවැම්බර් මාසයේ ද ඉතිරිය ජනවාරි 15 දින ද චමින්ද නැමැත්තාට ගෙවු බව සුනිල් නැමැත්තා පවසයි. මේ පර්චස් අසූව රජයේ ඉඩමක් බවත් ඔප්පු හෝ බලපත‍්‍ර නැති බව හො`දින් දැනගෙන තමන් ඔහුගෙන් ඉඩම මිලදී ගත් බවත් සුනිල් යන අය කීවේය. චමින්ද නැමැත්තා විසින් මිලදි ගන්නා ලද යතුරු පැදියක ෆිනෑන්ස් වාරික තුනක් ගෙවීම අතපසුවී ඇති නිසා එය ගෙවා දැමීමට දෙපාරකට මෙසේ මුදල් ලබාගත් බවත් කීවේය. මෙම ඉඩම් කොටසේ ස්ථිරව කිසිවෙක් පදිංචිව නොසිටි බවත් කී සුනිල් මහතා වරින්වර හේන්කළ ඉඩම් බව ද කීවේය. පාර අද්දර ඉඩමක් නිසා මතු බලාපොරොත්තු ඇතිව තමන් එය මිලදීගත් බව ද කීවේය. ඉඩමේ අඩි හතළිහක පමණ කන්දක් තිබු බවත් පස් කැපීමෙන් පසු එහි කම්බිගැසීමට තමන් බලාපොරොත්තුව සිටි බවත් සුනිල් මහතා කීවේය. මෙම ඉඩම් සම්බන්‍ධව නඩුවක් ඇති බව චමින්ද නැමැත්තා තමන්ට නොදැන්වූ බවත් නඩුව නිසා ඔහු මේ ඉඩම තමන්ට විකුණන්නට ඇතැයි සිතන බවත් කීවේය. මැණික් වෙන්දේසි කළ ඉඩම් කොටස් සලකා බැලීමේදී තමන්ගේ පර්චස් අසූව තුළ පිහිටි ඉඩම් කට්ටි  රුපියල් හයකෝටි විසි ලක්‍ෂයකට වෙන්දේසි වී ඇති බවත් ඔහු කීවේය.

සටහන හා ඡායාරූප -  අජිත්ලාල් ශාන්තඋදය
මැණික්  මහපාර මැද ඇද්දැයි සොයමින් කාන්තාවෝද මැණික් සොයති



අදහස් (0)

කතරගමින් මතුවුණේ රජකාලේ මැනික් ගබඩාවක්ද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 235 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 115 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 241 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 610 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4820 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1156 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site