සිරිපා අඩවිය මහානුභාව සම්පන්නය. සිල්වත් බවින් මිදුන බොහෝ දෙනකුට මේ භූමිය ගෙන එන්නේ අසුබ ඵල යැයි විශ්වාසයක් පවතී. සිරිපා අඩවියට අරක්ගත් සුමන සමන් දෙවියන් සෝවාන් ඵලයට පත් දෙවි කෙනෙක් බවට බෞද්ධ ජනතාව අතර විශ්වාසයක් පවතී. බුදුන් වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටි සමනොළ කන්ද පිහිටියේ මේ අඩවියේ නිසා ‘‘සිරිපා අඩවිය’’, ‘‘සමනොළ අඩවිය’’, ‘‘හිමේ’’ යන විවිධ නම්වලින් මේ ප‍්‍රදේශය හ`දුන්වයි. සමනොළ කන්ද මුදුනේ බුදුරදුන්ගේ සිරිපා සටහන ලෙස බෞද්ධයන් වැද පුදන අතර හින්දුන් සලකන්නේ ‘‘ශවනොලි පාදම්’’ ලෙසය. එනම් හින්දුන්ගේ වන්දනාමානයට පත්වූ ‘‘ශිව’’දෙවි`දු පැමිණි ස්ථානයක් ලෙසය. එසේම මුස්ලිම්වරු ‘‘ආදම්ගේ පා’’ සලකුණ මෙහි ඇතැයි සලකා වන්දනාමාන කිරීමට පැමිණෙති. මේ කවුරු ආවත් සිරිපා අඩවියට පැමිණිය යුත්තේ සියලූ දුසිරිත්වලින් වැළකීමෙන්ය. ඒ නිසා සිරිපා අඩවිය ශුද්ධ භූමියකැයි යන මතය ජනතාවගෙන් ඈත් කළ නොහැක. අශුද්ධවන්තයන්ට හෝ කට වරද්දා ගන්නා පුද්ගලයන්ට මේ අඩවියේ දී විවිධ අකරතැබ්බවලට මුහුණ පාන්නට සිදුවූ කතා පුවත් සිරිපා අඩවිය අවට විවිධ ප‍්‍රදේශවලින් විවිධ ආකාරයෙන් අසන්නට ලැබේ. වර්තමානය වන විට මේ කතා අසා ඇති අය අල්පය. එවැනි තොරතුරු රැුස් කර තබා ගැනීමට සිරිපා අඩවිය අවට ගම් රැුසකම කළ චාරිකාවක දී සටහන් කරගත් සිදු වීම් නම් බොහෝය. සිරිපා වන්දනාවේ යන ප‍්‍රධාන මාර්ගවලට අතිරේකව ඇති මාර්ගයක් වන්නේ බෙළිහුල්ඔය, ගලගම ආදී ප‍්‍රදේශවල ජනතාව සිරිපා වන්දනාවේ යන මාර්ගයයි. බෙලිහුල්ඔයෙන් හෝටන්තැන්න මාර්ගය ලෙස සමහරු මෙම මාර්ගය හදුන්වති. බෙලිහුල්ඔය, කුඹුරුතැනිවල, ගලපොතුතැන්න, දිඹුල්ගස්තැන්න, නාගරැුක් (නැග්රැක්) වතු යායට වැටී එතැනින් හෝටන්තැන්න හරහා ගලා එන බෙලිහුල්ඔයෙන් එගොඩවී සීතාඑළිය කැලෑව හරහා බගවන්තලාවට ගොස් එතැනින් කොටියාගල මස්කෙළිය හරහා යන පාරක් ද ඇත. මෙය සම්පූර්ණයෙන්ම පයින් යා යුතු ගමනකි. මේ ගමනේ දී සිරිපා අඩවියට ඇතුළු වුණ සමහරුන්ට අත් විදින්ට වූයේ අමිහිරි අත්දැකීම්වලටය. බෙලිහුල්ඔයෙන් එහා බගවන්තලාව තෙක් හිසට සෙවණක් නැත. ඒ නිසා ගිමන් හරින්නේත් නවාතැන් ගන්නේත් ගස් යටය. විශේෂයෙන් මේ මාර්ගයෙන් වංශවත් මෙන්ම ධනවත් දෙමළ හෙට්ටි ජනතාව ද සිරිපා ගමන් කිරීම සිරිතක් කරගෙන තිබුණි. අතවැසියන් සමග ඔවුන් මේ ගමන යාම පුරුද්දකි. එහෙත් අසූනවයේ ජාතිවාදී ගැටුම්වලින් පසු මෙම මාර්ගයෙන් සිරිපා වන්දනාවේ යෑම නඩයකට දෙකකට සීමා විය. තිහේ දශකයේ බෙලිහුල්ඔය ගලගම ප‍්‍රදේශයේ සිටි කිරිඅප්පුහාමි නම් උපාසක මහත්මයකු මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරද්දී කට වරද්දා ගැනීම නිසා දහතුන් වතාවක් ඔහුට සිරිපා මලූවට යාමට නොහැකිවූ පුවතක් පැරණි ගැමියන් අතර පවතී. සිරිපා අඩවියට ඇතුළු වන විට තුන් සරණ කීම සිරිතකි. කෙසේ හෝ උපාසක තැනට සිරිපා මළුවට යන්නට ‘‘බෑ’’ කියා කට වැරදුණි. ඔහු අන්තිමේ දී සිරිපා කරුණා කරන්නට ලැබුණොත් වෙහෙරගොඩ පන්සලේ කිරිමැටියෙන් වෛත්‍යයක් තනන බවට බාර වීමෙන් පසු දාහතර වැනි අවස්ථාවේ සිරිපා මළුවට යන්නට හැකිවූ බව ඒ අතීතය මතක තිබූ කිහිප දෙනෙක්ම පැවසූහ. ඉර අවරට යන්නට කලින් ගමෙන් පිටත් වන පිරිස රාත‍්‍රිය පුරාම ගමන් කරන්නේ සිරිපා අඩවියෙනි. ඇතැම් අවස්ථාවල ඉතා ළගපාත හේවිසි හඩ ඇහෙන්නට පටන් ගනී. එදා අද මෙන් විදුලි ආලෝකය හෝ වෙනත් සන්නිවේදන පහසුකම් නොතිබුණ නිසා සමහරු මළුව ළග යැයි රැවටෙන අවස්ථා ද තිබුණි. නමුත් ඒ හඩ ළග ඇසුන ද මළුවට ළගා වන්නට පැය දහයක්වත් ගතවු අවස්ථා තිබිණි. රාත‍්‍රි ගමනේ දී අදුර මකා ගන්නේ පන්දම් හෝ ලන්තෑරුම් එළියෙනි. ඒ නිසා නඩයේ සැම දෙනාම පෙනෙන දුරකින් යාම සිරිතකි. යම් හෙයකින් නඩයෙන් ඈත්වී තනි වුණොත් පාර වරදින්නට පුළුවන. එසේ වුවහොත් සතා සිවුපාවාට ගොදුරු විය හැකිය. මෙවැනි නඩවල සිටින කියන දේ නාහන තරුණ ගැටවු කිහිප දෙනෙක්ම ඒ අකරතැබ්බයන්ට පත්වූ අවස්ථා ඇති බව කියන්නේ සිරිපා අඩවිය අවට ගම්වල වැඩිහිටියන්ය. එක් අවස්ථාවක එසේ නඩයෙන් ඈත්වු තරුණයෙක් රාත‍්‍රියේ අතරමං විය. ඔහු නැති බව නඬේ පිරිසට දැනුනේ අතරමග නැවතී ගිමන් හරින විටය. නඬේ ගුරුන්නාන්සේ අත්දැකීම් ඇති වැඩිහිටියෙක් විය. මුලින්ම ඔහු සමන් දෙවිදුන්ට පඩුරක් බැද බාරයක් විය. හොදින් හද එළිය තිබූ ඒ දිනයේ මේ මග හැරුණු තරුණයා සොයා වැඩිහිටියන් කිහිප දෙනෙක් ආපසු ආවේ නඬේ සෙසු පිරිස එතැන විවේක ගන්නට ඉඩ සලස්වාය.  සැතපුමක් දෙකක් ආපසු එන විට පාරෙන් තරමක් දුරින් පුංචි එළියක් එහා මෙහා යනු පැමිණි කිහිප දෙනාට දැක ගන්නට ලැබී තිබේ. ඒ සමගම ගස්වල අතු බි`දින ශබ්දයත් ඔවුන්ට ඇසී තිබෙනවා. ඉන් තරමක් බියට පත්වූ පිරිස අතු බිදින ශබ්දය ඇසුණු දෙසට කන් යොමාගෙන අවධානයෙන් ටික වෙලාවක් සිටිය ද කිසිදු ශබ්දයක් ඉන් පසු ඇසී නැහැ. ඒ ශබ්දය ඇසුණු දෙසට කන් යොමද්දී මුලින් දුටු එළිය ගැන ඔවුන්ගේ අවධානය ගිලිහී එය නොපෙනී ගොස් තිබේ. කෙසේ වෙතත් මේ පිරිස එළි වෙන තෙක් අතරමංවූ තරුණයා සෙව්ව ද ඔහු හමුවී නැහැ. එළිය වැටුණු පසු නඬේ අනික් අය බොහෝ දුරකින් ඈත්ව ඇති බව සිතා අතරමංවූ තැනැත්තා සෙවීම නවතා ආපසු ඉදිරියට ගොස් තිබේ. එසේ විනාඩි කිහිපයක් ගත වන විට වන්දනා නඩයක කතාබහක් පිරිසට ඇසී ඒ ගැන සොයා බලද්දී තමන්ගේ නඬේ පිරිස ගිමන් හරිමින් ඉන්නවා දැක තිබේ. පසුව සොයද්දී සැතපුම් ගණනක් ඇවිද තිබෙන්නේ නැවතී සිටි ස්ථානය අවටමය. නඩෙන් අතරංමංවූ තරුණයා තමන් ඉදිරියෙන් පැන්න කළු ගුලියකට බියවී ගහක් මුල සැගවී සිටි බව පවසා ඇතත් ඔහු සැගවි  සිටියා යැයි කී තැනට ඔහු සෙවීමට ආ පිරිස කිහිප වතාවක්ම ඇවිත් ගොස් ඇති බව නඬේ ගුරාට අවබෝධවී තිබුණි. මෙය නඬේ කෙනකුගේ කට වරද්දා ගැනීමකින් වුවක් නිසා බව නඬේ ගුරාගේ විශ්වාසය විය. කළු ගුලියක් සේ දිස්ව ගියේ වළසාගේ දිෂ්ටිය බවට ඔහු විශ්වාස කළ බවත් අතු කඩනවා සේ ශබ්දයක් ඇසුනේ අලියාගේ වුවත් එය ද අද්භූත සිදු වීමක් ලෙස එම පිරිස විශ්වාස කළ බව ගැමියන්ගේ මතයයි. මේ සිද්ධිය මතක ඇති වැඩි දෙනෙක් ඉන් පසු සිරිපා ගමනේ දී බොහොම පරිස්සම් වන්නට වූ බව ද ඔවුහු කියති. ගලගම වෙළහාමි මහතා ද මේ ගම්වල සිරිපා නඩවල ගුරුන්නාන්සේ කෙනෙක් ලෙස කටයුතු කළ අයෙකි. වලකඩවල ගමේ පදිංචි හැත්තෑපස් හැවිරිදි එච්.ඒ. පේ‍්‍රමරත්න මහතා එවැනි මතකයන් ඇති කිහිප දෙනාගෙන් කෙනෙකි. සිරිපා අඩවියේ බවුන් වඩන හිමිවරු ගැන කතා ද ඇත. ඒ අතර වලහා පැන්න හාමුදුරුවන් ගැන ගම් කිහිපයකදීම අසන්නට ලැබුණි. මේ වන විට ජීවතුන් අතර නොමැති බව පවසන මේ හිමිනම සිරිපා අඩවියේ දී දැක ඇත්තේ කිහිප දෙනෙක් පමණකැයි ද කියති. ඇසින් දුටුවන් කියුවැයි පවසන උදවිය පවසන්නේ සිහින් සිරුරකින් හෙබි භික්‍ෂූ නමක් එලෙස සිරිපා අඩවියේ කුණුදියගල ප‍්‍රදේශයේ ගල් ගුහාවක බවුන් වැඩූ බවයි. සිරිපා අඩවියේ වැඩෙන ඵලවැල අනුභව කරමින් මිනිස් වාසයෙන් බැහැරව විසූ උන්වහන්සේගේ මුහුණට සිරිපා අඩවියේ වෙසෙන වලසෙක් පැන හානි කිරීමෙන් පසු මුහුණෙහි යම් විකෘති බවක් ඇතිව තිබූ බවයි. වලසා පැනීමෙන් පසු ප‍්‍රතිකාර කරගෙන ඇත්තේ ද ඒ හිමියන් විසින් බවත් කැලෑ කොළ ඖෂධ ලෙස භාවිත කර ඇති බවත් සිද්ධිය ගැන දන්නා වැඩිහිටියෝ කිහිප දෙනෙක්ම කීහ. මේ අතර තවත් තොරතුරකින් කියවුණේ ජීවිතයේ සැදෑ සමයේ මේ හිමිනම සිරිපා අඩවියෙන් ගම්මානයකට පැමිණ විහාරස්ථානයක වැඩ විසිමින් සිටිය දී අපවත්වූ බවයි. අවාරය සිරිපා අඩවියේ වන සතුන් නිදහසේ එහාමෙහා යන කාලය ලෙස සිරිපා අඩවිය අවට ගම්වල වැසියෝ කියති. අවාරයට සුදු ඇතා ද සමනොළ අඩවියේ සැරිසරන නිසා සමනොළ කන්ද පාමුල ප‍්‍රදේශයට නොයා යුතුය යන අදහසක් බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ පැරැුණියන් අතර විශ්වාසයක් පවතී. එමෙන්ම රත්නපුර පැරණිි රජ මාවත ඔස්සේ ගිලීමලේ රංකොත් විහාරය ද වැ`ද සිරිපා ව`දින්නට එන බැතිමත්හු අතීතයේ හිරු අවරට ගිය පසු උඩුතුලාන කදිරවාන් ඇළෙන් එගොඩ නරහින්වලින් ඉදිරියට ගමන් නොකරතියි කියති. විශේෂයෙන් රාත‍්‍රි කාලයට මෙතැනට හේවිසි හඩ ඇසෙන බවත් හාස්කම් නිසා මෙසේ රාති‍්‍ර කාලයට නොයන බව ද කියති. නරහින්වලින් එගොඩවූ විට එකල තිබී ඇත්තේ මහ මූකලානයි. මේ මහ මූකලානේ පිහිටි අලහේන්තැන්න ප‍්‍රදේශය නිස්සංකමල්ල රජුගේ මල්වත්ත යැයි විශ්වාසයක් පවතී. සිරිපා ගමන් මගේ කුරුවිටින් ඇති එරත්න පාරේ සිරිපා අඩවියේ මායිම ලෙස සමහරු හදුන්වන්නේ ජම්බලගස්යට අම්බලමයි. එතැනින් ඉදිරියට යන්නේ පන්සිල් සමාදන් වීමෙන් පසුවය. එසේ ඉදිරියට යන විට වර්ණගල හමු වෙයි. වර්ණගල අම්බලම අසලින් දකුණට ඇති අඩි පාර දිගේ ගිය විට කුරුග`ග දිස්වේ. එම අඩි පාරේ ගිය විට කුරුගෙග් දී අලංකාර දිය ඇල්ලක් හමු වෙයි. එය මන්නකැති ඇල්ල ලෙස ද හදුන්වයි. මේ මන්නකැති දිය ඇල්ල අලංකාර, දර්ශනීය වගේම බිලිගන්නා තැනක් ලෙස සමහරු විශ්වාස කරති. මීට වසර විස්සකට විසිපහකට ඉහත දී සිරිපා වන්දනාවේ යාමට පැමිණි කොළඹ කෝට්ටේ ප‍්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක් මත් වතුර පානය කර එහි දිය නෑමට ගොස් එක් තරුණයකු අතුරුදන් විය. දින ගණනකට පසු නාවික හමුදාවෙන් පැමිණ ඔහුගේ සිරුර ගොඩ ගන්නා විටත් නරක්වී තිබුණි. සමනොළ අඩවියේ අකැප දේවල් කරන බොහෝ දෙනකුට අත්වන්නේ මෙවැනි ඉරණම් බව වැඩි දෙනාගේ අදහසයි. එච්.ඒ. පේ‍්‍රමරත්න මහතා