රටේ නීතියට හා ජාත්‍යන්තර නීතියට අපි ගරු කරමු. ඊට අපේ බැඳීමක් ඇත. ජාත්‍යන්තර නීතිය හා බැඳෙන්නේ රටක් ලෙස අප අත්සන් තබා ඇති ප‍්‍රඥප්ති හරහා ය. මානව හිමිකම් ක්‍ෂෙත‍්‍රයේ නම් ඇමරිකාවටත් වඩා සාධනීය ප‍්‍රඥප්තිවලට අප අත්සන් තබා ඇත. උදාහරණ වශයෙන් ජගත් මානව හිමිකම් කමිටුවට පුරවැසියකුට අභියාචනා කිරීමට ඇති අයිතිය ඇමරිකාව පිළිගන්නේ නැත. එහෙත් අපි පිළිගන්නෙමු. සමස්තයක් වශයෙන් ගත් විට ජාත්‍යන්තර නීතිය යනු බලවතුන්ගේ නීතිය යැයි කියැවේ. එය හරියට නඩුත් බඩුත් දෙකම හමුදුරුවන්ගේ වාගේ ය. වැටත් නියරත් ගොයම් කන විට ඒ අසාධාරණය පැවසීමට කෙනකු නැහැ වගේ ය. වෙන විධියකින් මෙය තෝරු හාල් මැස්සන්ගේ න්‍යාය ලෙස ද හැඳින් වේ. ප‍්‍රඥප්තිවල මොන කාරණා සඳහන් වුව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වී වැඩෙන්නේ මෙවන් සාධාරණත්වයකින් තොර වටා පිටාවකයි. මේ නිසා ම පසුකලෙක අප වැනි රටවල් එකතු වී නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය ගොඩනඟා ගත්තෙමු. ඊට පුරෝගාමි වන එක් නායිකාවක් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. පසුකලෙක සෝවියට් කඳවුර බිඳ වැටීමත් සමඟම නොබැඳි ව්‍යාපාරයේ ද හුළං බැස්සේය. ශක්තිය අඩුවිය. දැන් එය රබර් සීල් එකක් පමණි. මේ ජාත්‍යන්තර වටාපිටාව තේරුම් නොගෙන රටක් ලෙස අපට දේශපාලනය කළ නොහැක. එහෙත් ඉන්දියාව වැනි රටවල් අප අසලින්ම සිටීමත්, ලෝක බලවතුන්ට බලපෑම් කළ හැකි කලාපීය බලවතකු සේ ඉන්දියාව ඉස්මතු වීම නිසා හිතන තරම් යකා කළු නැත. යහපත් ජාත්‍යන්තර දේශපාලන කළමනාකරණයකින් ගනුදෙනු බේරා ගැනීමට වුව ද බැරිකමක් නැත. ශී‍්‍ර ලංකාව ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදී සංවිධානයක් සේ ගැනෙන එල්.ටී.ටී.ඊ. ය මුළුමනින්ම පරාජයකර මේ වන විට වසර 2කුත් මාස 9ක් ගත වී තිබෙන්නේ මෙවන් අන්තර් ජාතික වටා පිටාවක් තුළයි. එම යුද ජයග‍්‍රහණයෙන් මාස 4කට පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ දී අපට වාසිදායක යෝජනාවක් සම්මත විය. එය කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙනි. මෙමගින් කොටි පරාජය කිරීමේ අපේ කි‍්‍රයාදාමය පැසසුමට ලක් වුණි. මේ යෝජනාව බටහිර ජාත්‍යන්තරයට එතරම් ඇල්ලූවේ නැත. ඔවුන්ගෙන් සමහරු ඊට විරුද්ධ වූහ. තුන්වැනි ලෝකයේ රටවල බහුතරය ඊට පක්ෂ වූහ. එදා සිදු වූ විරෝධතාව හරහා බටහිර ප‍්‍රබලයන් පැවසුවේ. මානුෂික මෙහෙයුමේ අවසන් අදියර ප‍්‍රශ්නකාරි වූ බවයි. බී.බී.සී., සී.එන්.ඒ. වැනි බටහිර මාධ්‍යයන්හි ප‍්‍රචාර මෙන් ම පසුගිය දා මිය ගිය මාධ්‍යවේදිනි මාරි කොල්වින්ගේ ”සුදු කොඩි” කතාව ඇතුළු විවිධ තොරතුරු ද ඊට හේතු වුණා විය හැකිය. මේ අතරවාරයේ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කි මූන් මෙරටට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඒකාබද්ධ ප‍්‍රකාශනයකට ද අත්සන් තැබීම කිසිවකුට රහසක් නොවේ. එමගින් වූයේ යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් වී නම් එ්වා ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා එකඟ තාවකට පැමිණීමයි. අප එකඟ වී සිටින ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥප්තිවලට අනුව ද, ශී‍්‍ර ලංකාව රටක් ලෙස ද එවැනි එකඟතාවකට එක් වීමේ වරදක් නැත. එහෙත් යුද්ධයේ අවසන් අදියර සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් කරන බවට මේ ඒකාබද්ධ ප‍්‍රකාශනයේ එකඟතාවක් නැත. එම ඒකාබද්ධ ප‍්‍රකාශනයට අනුව ම ජනාධිපති මහින්ද රාජපක්ෂ, 2010 ජූනි 16 වැනි දා උගත් පාඩම් ප‍්‍රතිසංවිධාන කොමිසම පිහිටුවීම ප‍්‍රකාශයට පත් කළේය. එම මාසයේ ම සැප්. 16 වැනි දා දරුස්මන් කමිටුව පත් කිරීමට එ.ජා. මහලේකම් බෑන් කි මූන් යුහු සුළු විය. බෑන් කි මූන් කියන්නේ එය ඔහුට උපදෙස් ගැනීමට පත් කළ බවයි. එසේ ම එය ශී‍්‍ර ලංකාව සමඟ අත්සන් කළ ඒකාබද්ධ ප‍්‍රකාශයට අනුව ද නිවැරදි බව හෙතෙම සඳහන් කරයි. එහෙත් ඔහු පවසන්නේ අසත්‍යයකි. එය මතු වී එන්නේ දරුස්මාන්ගේ ප‍්‍රකාශ හරහා ය. දරුස්මාන් සූදානම් වන්නේ යුද්ධයේ අවසන් අදියරේ සිදු වූවා යැයි කියන සිදුවීම් මාලාවක් ගැන සෙවීමටය. ඒකාබද්ධ ප‍්‍රකාශනයේ එවැන්නක් ගැන සඳහන් නොවේ. බෑන් කි මූන් කියන්නේ බොරුවකි. මෙය බෑන් කි මූන් අපේ ස්වෛරී භාවයට එල්ල කරන තර්ජනයකි. මේ සම්බන්ධයෙන් කෙරෙන හරයාත්මක විවේචනයක් මඟින් බෑන් කි මූන් දරුස්මාන් හරහා කරනු ලබන යුද්ධයේ අවසන් අදියරේ සොයා බැලීම් නතර කිරීමට අප සමත් නොවූයේ මන්දැයි කියන්න දන්නේ නැත. මින් ටික කලකට පසුව යුද්ධයේ අවසන් අදියරේ සිදුවීම් යැයි සඳහන් කරමින් වැනල් 4 නාලිකාව වාර්තා චිත‍්‍රපටයක් නිකුත් කරන්නේ ද දරුස්මාන් ගේ කි‍්‍රයාවලියට සහායක් ලෙසිනි. පසුව දරුස්මාන් කමිටුව ශී‍්‍ර ලංකාව පත් කළ උගත් පාඩම් කොමිසම් සාමාජිකයන් හා ඉන් පරිබාහිර කීපදෙනකු හමු වීමේ කැමැත්තක් පළ කළේය. එවන් හමුවක් තරයේ ප‍්‍රතික්‍ෂෙප කළ අප අවශ්‍ය නම් ශී‍්‍ර ලංකාවට පැමිණ උගත් පාඩම් කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට හැකි යැයි දරුස්මාන්ලාට දැන් වීය. මේ නිසා දෙපිරිසේම මුහුණට මුහුණ හමුවීමක් සිදු වූයේ නැත. දෙපිරිසට වෙන් වෙන් වශයෙන් වාර්තා දෙකක් නිකුත් කිරීමට උනන්දු විය. එසේ ම මේ අතර තුළ කාලයේ දී ශී‍්‍ර ලංකාවේ විදේශ අමාත්‍යාංශය හා බෑන් කි මූන් ගේ කාර්යාලය අතර ලිපි හුවමාරුවේ අඩුවක් සිදු වූයේ ද නැත. අවසානයේ එක් මොහොතක අප වඩාත් නම්‍ය ශීලී වූවා සේ හැඟේ. ඉන් ප‍්‍රකාශ වන්නේ ජාත්‍යන්තර සම්මුති හා නීතිරීති කෙරෙහි අපේ ඇති පක්ෂපාතී භාවයයි. මේ නිසා උගත් පාඩම් කොමිසමේ වැඩ කටයුතු පිළිබඳව රජයේ ස්ථාවරය බෙදා හදා ගනිමින් දරුස්මාන්ලා ගේ හා බෑන් කි මූන් ගේ ප‍්‍රශ්න 15කට පිළිතුරු සැපයීමට අපේ විදේශ අමාත්‍යාංශයේ එකඟතාවය පළ විය. මෙය කෙනෙකු මතභේදාත්මකව දැකිය හැකි ය. එහෙත් ඊට ජනාධිපතිවරයාගේ අනු දැනුම මත ජනාධිපති ලේකම් කාර්යාලය ද සම්බන්ධ කර ගෙන තිබීම නිවැරදි දැයි කියන්න දන්නේ නැත. එසේ ම මෙය පෙරදා ඔවුන්ට එරෙහි වී පසුව දරුස්මාන් ගේ ප‍්‍රශ්නවලට තැපෑලෙන් පිළිතුරු සැපයීමක් ලෙස ද කෙනෙකුට තර්ක කළ හැකි ය. එවන් තර්කයන් ගොඩ නැගෙන්නේ හැම හත්තිලව්වකටම සිංහ කොඩිය ඉන වටේ ඔතාගෙන ද්‍රෝහියන් පවාදෙන්නන් කියන ස්ථවාරයේ සිටිමින්, නම්‍යශීලි වීම යටත් වීමක් සේ කල්පනා කරන සංදර්භයක් තුළය. අපේ දේශපාලනඥයන් ප‍්‍රශස්ත තැනකට රටේ ජාතික ජාත්‍යන්තර දේශපාලනය කළමනාකරණය කර ගැනීමට උනන්දු වන්නේ නම් මෙවන් සැකසංකා විපක්ෂයෙන් වත් මතු වන්නේ නැත. කෙසේ නමුත් මෙම පිළිතුරු කි‍්‍රයාවලිය හරහා උගත් පාඩම් වාර්තාව පිටවීමට පෙර සිටම එහි නිර්දේශ ජාත්‍යන්තර වී තිබේ. මේ වන විට දරුස්මාන් වාර්තාවේ වටිනාකමක් නැත. එය බෑන් කි මූන් ගේ ලිපිගොනු අතර සැඟ වී ගොසිනි. එහෙත් දරුස්මාන්ලාට කල් ඇතිවම වාගේ පිළිතුරු සපයා ප‍්‍රශ්නය ජාත්‍යන්තරයට යොමු කර තිබේ යන හැඟීමක් කෙනෙකුට ඇති විය හැකි ද ? එහෙම වෙන්නත් නොවෙන්නත් ඉඩ තිබේ. මේ සියලූ තත්ත්වයන් යටතේ වූව ද උගත් පාඩම් කොමිසම් වාර්තාව හා එහි නිර්දේශ වර්තමානයේ අපට පිළිසරණක් වෙමින් තිබෙන බව පෙනේ. අද ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර ජාත්‍යන්තරය පවසන්නේ ඔවුන් එදා ප‍්‍රතික්‍ෂෙප කළ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කරන ලෙසය. හෙට අනිද්දා ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේ දී දිග හැරීමට යන්නේ එවන් යෝජනාවකි. දැන් දරුස්මාන්ගෙන් වැඩක් නොවන තැන බටහිර ජාත්‍යන්තරය උගත් පාඩම් කොමිසමේ නිර්දේශවල එල්ලීම එක් ක‍්‍රමයකට අපලත් ජයග‍්‍රහණයකි. ඔවුන්ගේ පරාජයකි. ”එදා අප කී දේට නුඹලා සවන් දුන්නේ නැත. එදා නුඹ දරුස්මාන් බදාගෙන අපේ කොමිසම හෑල්ලූ කළේය. එහි විශ්වාසනීයත්වය ගැන ප‍්‍රශ්න කළේය. දැන් එය කි‍්‍රයාත්මක කිරීමට බලකරන්නේය. එදත් අප නිවැරදිය. අදත් අප නිවැරදිය. දැන් ඇති වී තිබෙන මේ තදියම කුමක් ද? උගත් පාඩම් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට අපට කාලයක් ඕනෑ. එතෙක් ඉවසපල්ලා” කියා නිර්භීතව පැවසීමට දැන් ශී‍්‍ර ලංකාවට අවස්ථාවක් උදා වී තිබේ. අමාත්‍ය මහින්ද සමරසිංහ තාන්ති‍්‍රක ලීලාවෙන් නිවී සැනසිල්ලේ පසුගිය දා ජාත්‍යන්තරයට ලබා දුන්නේ එම පණිවිඩයයි. අමාත්‍ය සමරසිංහ එදා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පැවසුවේ පොඞ්ඩක් ඉවසන්න අප දැනටමත් වැඩ පටන් අරගෙනයි තිබෙන්නේ”... අපට කාලයක් දෙන්න යනුවෙනි. ”කොමිසම හමුවට ඉදිරිපත් කොට ඇති කරුණු වලින් නිශ්චිත සිද්ධි කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු වෙයි. ඒවා තවදුරටත් විමර්ශනය කළ යුතු බවට කොමිසමේ අදහස වෙයි. නීතිපතිවරයා දැනටමත් මෙම කොමිසමේ නිර්දේශ අධ්‍යයනය කරමින් සිටින්නේ අන්තර්ජාතික මානව හිතවාදී නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා පිළිබඳවයි.” ජාත්‍යන්තරයට අවශ්‍යව තිබෙන්නේ මෙවන් යම් තහවුරු කර ගැනීමක් බව පෙනේ. ඒ සඳහා ඔවුහු මුට්ටිය දමා බැලූවෝය. අපි මුට්ටියට කුඩු වෙන්න පහර දුන්නෙමු. එම පහරදීම හරහා අපේ ප‍්‍රතිවාරය කුමක් දැයි දැනගැනීමට ඔවුන් කලින්ම මුට්ටිය දැමුවා වාගේය. තවම යෝජනාව නිවැරදිව කෙටුම්පත් වී නොමැති බවක් පැවසේ. මේ ඊයේ පෙරේදාත් ඇමරිකාවේ ආසියානු කටයුතු භාර ලේකම් රොබට් බ්ලේක් කීවේ තවම සමහර කාරණා කෙටුම්පත් වෙමින් පවතින බවයි. අපේ ප‍්‍රතිචාරය මත ඔවුන් යෝජනාව නැවතත් සකස් කරනවා විය හැකිය. යෝජනාවක් එන්නත්, නොඑන්නත්, ආවත් ඡුන්දයකට නොයෑමටත් ඉඩ තිබේ. ඔවුන්ට යම් යම් තහවුරු කර ගැනීම් අවශ්‍ය වී තිබෙන බවක් පෙනේ. එය දැනටමත් සිදු වෙමින් පවතී. මෙහි දී තීරණාත්මක කාර්යය ඉටු කරමින් සිටින්නේ ඉන්දියාව බවට විවාදයක් නැත. ඉන්දියාව කොහොමත් අපේ පැත්තේ යැයි කල් ඇතුවම ප‍්‍රචාරය කිරීම වුව ද එතරම් යහපත් තාන්ති‍්‍රක ක‍්‍රමයක් නොවේ. ඉන්දියාව අප සමඟ සිටින බව සත්‍යයකි. එය වාචාල ලෙස ප‍්‍රචාරය කිරීමෙන් තොරව ඔවුන් ගෞරවනීය තැනක අප වෙනුවෙන් තැබීම වැදගත් ය. ඉන්දියාව අපේ නෑයකු හා සමානය. අමාරු හැම මොහොතකම ඔවුහු අප සමඟ සිටිති. ඉන්දියාව ඉක්මවා යමින් සාක් කලාපයේ කිසිදු රටකට අවැඩක් කිරීමට ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර ජාත්‍යන්තරය සුදානම් වන්නේ නැත. ජාත්‍යන්තරය කලාප බෙදා වෙන් කරගෙන තිබෙන්නේ එහෙමය. ඒ සමඟම අපේ නිර්දෝශී හා අවංක බව ද ප‍්‍රදර්ශනය විය යුතුය. උගත් පාඩම් වාර්තාව එම කාර්ය ඉටු කර තිබේ. ඉන්දියාවේ වුව ද වැඬේ පහසු වන්නේ ඒ නිසාය. මේ නිසා ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවක දී ඉන්දියානු ස්ථාවරය තීරණාත්මක වනු ඇත. බොහෝවිට මෙය ඉන්දියාවේ මැදිහත් වීමෙන් කපා කොටා ඔප මට්ටම් කෙරෙන යකා හිතන තරම් කළු නැති ගනයේ යෝජනාවක් විය හැකිය.
2002 වසරේදි 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවනු ලැබූ මෙරට කොමිෂන් සභා පිහිටුවන ලද්දේ දේශපාලනයෙන් තොරව රාජ්‍ය සේවය පවත්වා ගැනීම මූලික අරමුණු කර ග
සියයට 20කින් විදුලි බිල අඩුකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වනවිට රටේ කාගේත් අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ ස
2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා
නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නි
පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, දින සියයක් පැරැණි ජාතික ජන බලවේගය රජයට බලපා ඇති ගැටලුවලට වඩා බරපතළ අර්බුදයක ගිලී සිටියි.
“ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිබෙන්නේ දිළිඳු තත්වයකය. වෘත්තීය අභිමානයක් ඇත්තේම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දියානු භූමිකාව තීරණාත්මකයි