IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අපේ කෙල්ලන්ගේ විළිබිය සිඳින ඉන්දියානු ක‍්‍රීඩාව

1   

 

හෝලි කියන්නේ ඉන්දියාවේ ජනප‍්‍රිය චාරිත‍්‍රයක්. පාට පාට කුඩු වලින් බාල තරුණ මහලූ සියලූ දෙනා වර්ණ ගැන්වෙනවා. ඉන් ඔවුන් බොහෝ විනෝද වෙනවා. අද හෝලි සැණකෙළිය ලංකාවටත් ඇවිල්ලා. ලංකාවේ තරුණ තරුණියනුත් හෝලිවලින් විනෝද වීමට යනවා.

 

5
විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට පෙනී සිටි තරුණ තරුණියන් ලංකාවේ හෝලිවල ඉලක්කයවී සිටිනවා.


ඒ නිසාම ලාංකීය සංස්කෘතියට අදාළ නොවන ඒත් ලංකාවේ ජනප‍්‍රිය කිරීමට වෙහෙසෙන හෝලි පිළිබඳ මා සොයා බැලූවා. එහිදී අන්තර් ජාලයේ තිබෙන මෙවැනි දැන්වීමක් දුටුවා. එහි සඳහන් වෙලා තිබුණේ මේ වගේ දෙයක්.


”ලංකාවේ සාමාන්‍ය පෙළ උසස් පෙළ අවසන් කළ තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් හෝලි ව්‍යසනයක් පැමිණ තිබෙනවා.


මේ හෝලි සැණකෙළිය පිළිබඳ මිතුරන් දැනුවත් කරන්නේ ෆේ්්ස්බුක් මාර්ගයෙන්. ටිකට් එකක් රුපියල් 500යි. රු. 500ක් දීලා ටිකට් අරගෙන පෙම්වතුන් ලෙස හෝ තනි තනි වශයෙන් තරුණ තරුණියන් හෝලි සැණකෙළියට සහභාගි වෙනවා. පාට කුඩුවලින් ක‍්‍රීඩා කරන අතරතුරේ තරුණියන්ට නොයෙකුත් අපහසුතාවයන්ටත් ලක්වෙන්න සිද්ධ වෙනවා. ඒත් හෝලි ක‍්‍රීඩාවක් නිසා ඒ හැම අපහසුතාවයක්ම විඳ දරාගෙන ඉන්න තරුණියන්ට සිදුවෙනවා”


 ඇත්තටම එම ප‍්‍රකාශයේ සඳහන්ව තිබුණේ තරුණියන්ගේ සදාචාරය ගිලිහිලා යන ආකාරයයි. ඒත් ඊට එහායින් ගිය දේවලූත් එතන සිදු වෙනවා. ලැබුණ ආරංචියේ හැටියට නම් ටිකට් අරගෙන ඇතුල් කළ පසු ක‍්‍රීඩකයන් ගැන කිසිම අධීක්ෂණයක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම එතන තව තවත් ජාවාරම් සිදු වෙනවා.


ඒ පිළිබඳ ඊට සම්බන්ධ එක් තරුණයෙක් කිව්වේ මේ වගේ කතාවක්.

3
ගොඩක් පිරිමි ළමයි විනෝදෙට හෝලි සෙල්ලම් කරන්න යන්නේ. සමහර කොල්ලෝ කණ්ඩායම් හැදිලත් එනවා. ටිකට් අරගෙන ඇතුළට ගියාම මොනවද කරන්නේ කියලා බලන්න කවුරුත් එන්නේ නැහැ.


එතෙන්ට කුඩු ගංජා විකුණන අයත් එනවා. සමහර ළමයි ඒවට පුරුදු කාරයෝ. එයාලා හෝලි සෙල්ලම් කරන ගමන් එතනට ගිහින් ඒවත් ගන්නවා. ඒ වගේම ඒ යන අය අලූතෙන් කවුරුහරි එක්කරගෙන යන්නත් අමතක කරන්නේ නෑ. සමහර වෙලාවට රණ්ඩුවෙන අවස්ථාත් තියෙනවා. ඒත් පොලිසි යන්න තරම් දුරදිග යන්නේ නෑ. අපිත් පොඩි ෆන් එකක් අරගෙන එනවා”


අද තාරුණ්‍ය ගමන් ගන්නේ කොහාටද?
සැබැවින්ම ඛේදවාචකයකි. ඔවුන් කාගේ හෝ දියණිවරුය, කාගේ හෝ සොයුරියන්ය, නැතිනම් කාගේ හෝ පුතණුවන්ය. කාගේ හෝ සොයුරන්ය.
රටේ අනාගතය භාර ගැනීමට සිටින මෙවැන්නන් කුඩු ගංජා අතර අතරමංව උන්මත්තකයින් ලෙස සොයා යන්නේ කුමන සතුටක්ද?


පසුගිය ජනවාරි 17 වැනි සෙනසුරාදා ද මීගමු වෙරළේ මෙවැනිම හෝලි සැණකෙළියක් පවත්වා ඇත. ඒ පිළිබඳව කළ විමසුමකදී ඊට සම්බන්ධ වූ තවත් තරුණයකු පැවසුවේ මෙවැනි දෙයකි.

2


”ගිය සැරේ වාගෙම පොඩි ජොලියක් ගත්තා. ටිකට් එකක් රු. 500යි. හොඳට විනෝද වුණා. ආයේ ජනවාරි 24 කොළඹ තවත් හෝලි සැණකෙළියක් තියෙනවා.


මම ඔහුගෙන් මේ සැරෙත් කුඩු ගංජා වගේ දේවල් විකිණුනාද කියලා ඇහුවා. ඔහු හිස දෙපසට වනලා සිනාසුනා.


ඇත්තටම මෙවන් හෝලි සැණකෙලි ලාංකීය සමාජයට අත්‍යවශ්‍යද? මුළු දවසේම සිය ශ‍්‍රමය කැප කරමින් මව්පියන් උපයනා වැටුපෙන් දරුවන්ට මෙවැනි සැණකෙළිවලට සහභාගිවී සැබෑ සතුටක් ලබා ගත හැකිවේද? ශාක්ෂරතාවයෙන් ඉහළ පිරිසක් සිටින මෙවන් සමාජයක සංස්කෘතිය, හැදියාව සංවේදී බව පහව යමින් මෙවැනි සිහින ලෝක නිර්මාණයවීම සැබැවින්ම සෝචනීය තත්ත්වයකි.


වගකිවයුතු සමාජය අනාගත භාරකරුවන් මංමුලා කරන මෙවැනි දේ පිළිබඳව සොයා බැලීම කාලීන අවශ්‍යතාවයක් බව පසක් කරමි. 

 

sg



අදහස් (0)

අපේ කෙල්ලන්ගේ විළිබිය සිඳින ඉන්දියානු ක‍්‍රීඩාව

ඉන්දික Friday, 20 February 2015 08:55 AM

ඉන්දියාවේ ෆිල්ම් වල තියෙන ඕනෑම ජරාවක් අපේ නංගිලා මල්ලිලා කොපි කරනවා අනවබෝදයෙන්.(හේ)

:       0       0

මල්ෂා Saturday, 21 February 2015 01:27 AM

ශීලාචාර සමාජයක අශීලාචාර දේ කිරීමට‍ රටට එන අශීලාචාරයන්ට එළව එළවා පහරදීමට එක්වෙමු. (නි)

:       0       0

ධම්මික අමරසිංහ Thursday, 05 March 2015 06:50 AM

හෝලි ඉන්දියාවේ පුරාතන වසන්ත සැණකෙළියක්. මහා කවි කාලිදාසයන්ගේ සිව්වෙනි සියවසේ රචනා වලද ශ්‍රී හර්ශයන්ගේ රත්නාවලි නාටකයේද සඳහන්ය. බාල මහලු කවුරුත් අදත් එක නියමිත දිනක අහින්සක විනෝදයක් ලබන උත්සවයක්. නමුත් ජීවිතයේ දුක්ඛ පක්ෂයම අවධාරණය කෙරෙන සංස්කෘතියකට නම් එය හරි නොයන බව පිලිගතයුතුය. (ර)

:       0       0

ශාන්ත Monday, 23 February 2015 04:16 AM

මේ ඔක්කොම අහුලාගන්නේ රූපවාහිනියෙන්. මෝඩ කොල්ලෝ කෙල්ලන්ට තමා මේවා හරියන්නේ. (නි)

:       0       0

ශිරන්ති Tuesday, 17 February 2015 07:48 AM

මේවා අපේ සංස්කෘතියට අයිති දේවල් නෙමෙයි. ඉන්දියාවෙන් විසි කරන තුට්ටු දෙකේ මෙගා නාට්‍ය හඩ කව කව පෙන්නන එකේ විපාක තමයි මේ. නීති පනවා හෝ මේ විකාර නැවැත්විය යුතුයි (නදී)

:       0       0

අනිල් Thursday, 19 February 2015 08:34 AM

මේ සෙල්ලන් නිසා සංස්කෘතිය විනාශ වෙනවා.(හේ)

:       0       0

බුද්ධික Monday, 02 March 2015 01:09 PM

ලංකාවේ සංස්කෘතියට යමක් අදාල දැයි තීරණය කරන්නේ කවු ද? ඒ තැනැත්තා යමක් ලංකාවේ සංස්කෘතියට අදාල නැතැයි තීරණය කළහොත් අනෙක් අය එය කිරීම වරදක් ද? (නදී)

:       0       0

අචලා Thursday, 19 February 2015 09:57 AM

මේ ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)

:       0       0

විකී Saturday, 21 February 2015 05:59 AM

රාජපක්ෂ පාලනයේ අතුරු ඵල නෙවෙයි ද මේ?(නදී)

:       0       0

සුජාන් Tuesday, 24 February 2015 08:35 AM

මේ වගේ දේවල් 'මාර' වැඩ හැටියට බාර ගන්න තරම් අපේ තරුණ පරපුරේ බොහෝ දෙනෙක් මෝඩයි , බොළඳයි. ඒ තත්වයට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වග කිව යුතුයි. (නදී)

:       0       0

නලින්ද Tuesday, 17 February 2015 05:35 PM

මේ වගේ හෝලි සැණකෙළියක් පෙබරවාරි 14 පේරාදෙණියෙත් තිබුනා. ලංකාවේ සංස්කෘතියට වෙන්න යන දේ නම් ශෝචනීයයි. (නි)

:       0       0

චමින්ද Saturday, 21 February 2015 07:36 AM

අන්තවාදී වෙන්නේ නැතුව යථාර්තවාදී වුනානම් කාට කාටත් සමාජයටත් හොඳයි (නදී)

:       0       0

සරත් Monday, 09 March 2015 12:54 AM

දම්මිකගේ අදහස හරි. නමුත් හැමදෙයකම සීමාවක් සහිතව. (නි)

:       0       0

රොෂාන් Tuesday, 17 February 2015 09:05 AM

මේවාට යන ළමයින්ටත් පිස්සු ඒවා වලට ළමයි යවන දෙමාපියන්ටත් පිස්සු (නදී)

:       0       0

රංගන Friday, 20 February 2015 01:09 AM

ලෝකේ එක එක තැන යන අය එක එක ඒවා අරන් එනවා . (නදී)

:       0       0

දුමින්ද Monday, 23 February 2015 07:29 AM

මේක සංස්කෘතිය වළදාන වෙළඳාමක් වෙලා (නි)

:       0       0

ගුණේ Tuesday, 17 February 2015 09:21 PM

ඔය පාට කරන්න ගන්න කුඩුවලට මිරිස් කුඩු හෝ ඊට වඩා හොඳ දෙයක් මිශ්‍රකර තිබුනා නම් හොඳයි (නි)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 17 February 2015 09:33 PM

විළිබිය නැත්තන් ගැන පසුතැවෙන්න අවශ්‍ය නැත (නි)

:       0       0

රසික Tuesday, 17 February 2015 09:51 AM

හැමදේම පිටරටින් අපේ සංස්කෘතිය විනාශ වෙනවා නේද මෙහෙම ගියොත් (දිල්)

:       0       0

සිරිමෙවන් Saturday, 21 February 2015 11:28 AM

අනිවාර්යයෙන්ම නතර කරන්න ඕනෑ (නි)

:       0       0

හිරුණි Friday, 20 February 2015 02:09 PM

ඇත්තටම ලංකාවට ගැල පෙන්නේ නෑ (නදී)

:       0       0

සැම්සන් Saturday, 21 February 2015 07:47 PM

මේක අන්ධානුකරණයක්. සමහරවිට මේක ඉන්දියාවෙ සංස්කෘතික අංගයක් වෙන්නෑති (බ)

:       0       0

කසුන් Tuesday, 24 February 2015 02:29 AM

අපිටම කියා තිබෙන ඔය මහා ලොකු සංස්කෘතිය මොකක්ද? සමහරු බොරු බයිලා කිවුවට ආශාව හිත ඇතුළේ. ඊර්ෂ්‍යා කරන්න එපා. (නි)

:       0       0

තිවංක Wednesday, 18 February 2015 02:50 AM

ඉන්දියාවේ නම් මේක තියෙන්නේ අවුරුද්දටම එකපාරයි (නි)

:       0       0

ලසිත් Wednesday, 18 February 2015 02:57 AM

ළමයින් සමඟ හොඳ සම්බන්ධතාවයක් දෙමාපියෝ තියාගන්නවා නම් ළමයි වැරදි වැඩවලට පෙළඹෙනවා අඩුයි. (නි)

:       0       0

දිල්ශාන් Sunday, 22 February 2015 01:38 AM

අපිත් යමුද මිරිස් කුඩු ටිකක් අරන් හෝලි සැණකෙළියට? (දිල්)

:       0       0

ඉන්දික Wednesday, 25 February 2015 05:52 AM

ඉන්දියාවෙන් අපිට ගන්න පුලුවන් දෙය උතුම් වු බුදු දහම පමණයි.ඒ වගේම අපේ දෙමාපියන් ළමයින් පිළිබඳ තව උනන්දු වියයුතුයි. (නි)

:       0       0

නන්දලාල් Friday, 20 February 2015 05:08 PM

ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් ද? අපේ රටේ මිනිස්සු, විශේෂයෙන් තරුණ පරපුර, ලෝකේ ඕනෑම රටකින් එන කුණු බාල්දි දේවත්වයෙන් ඔලුව උඩ තියාගෙන පිස්සු නටන අය වුනේ අද ඊයේ නෙමෙයි. මේකත් අපේ "ලොකු අයියාගෙන්" ලැබුන දායාදයක් නේ! (බ)

:       0       0

නන්දලාල් Friday, 20 February 2015 05:10 PM

මේ වගේ එළිමහන් "සන්ධර්ශන" පවත්වන්න වෙන රටවල නම් පොලිස් අවසර ගන්න ඕන නේද?(හේ)

:       0       0

මලීෂා Thursday, 19 February 2015 04:27 PM

යහපාලනයට මේවාත් බලන්න ඕනෑ ....... (නි)

:       0       0

දිමුත් Friday, 20 February 2015 06:03 AM

ඇතැම් චැනල්වල ඉන්දියන් මෙගා පෙන්නපු එකේ ආදීනව තමයි මේ.(දිල්)

:       0       0

ලක්මාල් Sunday, 22 February 2015 07:05 AM

මේ පුවත් කියවන බලදාරින්ගෙන් ඉල්ලා සිටිනවා මෙවන් දේ සංවිදානය කරන මිනිසුන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස. මෙවන් විකාර අපේ සමාජයෙන් තුරන් කරන්න ක්‍රියාමාර්ග ගන්න. (නදී)

:       0       0

වරුණ Wednesday, 18 February 2015 05:29 AM

අනේ මෙහෙමත් විකාර! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 703 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 309 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 661 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 301 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 217 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 177 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 66 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 81 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 135 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site