අධිකරණය පිළිබඳව අප තුළ පවත්නා ආකල්පය ධනාත්මක එකකි. එහෙම කියන්නේ දේවාලයක සිද්ධස්ථානයක හැසිරෙන සීරුවෙන් අධිකරණය හමුවේ හැසිරීමට අප හුරුවී සිටින නිසාය. කිසිදු චෝදනාවක් නඩුවක් නොමැතිව වුවත් ඕනෑම කෙනකුට අධිකරණ පරිශ‍්‍රය හෙවත් උසාවිය වෙත යා හැකිය. එහෙත් එසේ යන්නා පවා චෝදනාවක් නඩුවක් සඳහා අධිකරණයට ගිය අයකු මෙන් එහි හැසිරිය යුතුව ඇත හෙවත් අධිකරණය කෙරෙහි අවනත විය යුත්තේය. තමන් පැමිණි කාරණය කුමක් වුවත් අධිකරණයෙහි පැවැතිය යුතු නිශ්ශබ්දතාව රැකිය යුතුවේ. එපමණක් නොවේ. අධිකරණය දෙන තීන්දු අවසානාත්මක ලෙස පිළිගත යුතුව ඇත. එය සමාජ වගකීමකට එහා ගිය නෛතික බැඳීමකි.
අප මෙසේ අධිකරණය කෙරෙහි අනුගතව හැසිරෙන ගිවිසුම හෝ හේතුව කුමක්ද? ඒ ගිවිසුම හෝ හේතුව සාධාරණත්වය පිළිබඳ අප තුළ පවත්නා විශ්වාසයයි. ඉහත කී ආකාරයෙන් අධිකරණය කෙරෙහි ජනතාව යටත්පහත්ව කොන්දේසි රහිතව අනුගතවන්නේ අධිකරණය නම් බිත්ති හතර අතර සාධාරණත්වය ඇත යන විශ්වාසයෙනි. එය හරියටම කිසි දිනෙක දෙවියන් දැක නැතද, දේවාලය කෙරෙහි පවත්නා ගරුත්වය භක්තිය වැනි සම්මතයට සමානය. දේවාල සිද්ධස්ථාන පවත්නේ යම් යම් විශ්වාසයන් නිසාය. එහි විශ්වාසය හරහා අප තුළ පූර්ව නිගමනය ඇතිවේ. බාරහාර වී තම වුවමනාවක් සපුරාගැනීමට පඬුරු බැඳීම පොල් ගැසීම සමහර විට ප‍්‍රාථමික හැසිරීමකි. ඒ ප‍්‍රාථමික හැසිරීම කලක් ගතවූ පසුව පූර්ව නිගමන නිර්මාණය කරයි. සෙත් කවියක් කී විට සාන්තියද, වස් කවියක් කී විට විනාසයද මිනිසා අපේක්‍ෂා කළේ ඇස පියාගෙනය. ආරක්‍ෂාව, ශාන්තිය පිණිස දේවාල ගානේ යන මිනිස්සු සාධාරණත්වය අපේක්‍ෂාවෙන් අධිකරණය වෙත යති.
මේ සියලූ තත්ත්ව අතර අධිකරණයේ පදනම වන නඩු අසන්නා තීන්දු දෙන්නා වන ගරු විනිසුරුවරයා ද මනුෂ්‍යයෙකු බව සමාජය මැනවින් දැන සිටියි. එකී විනිසුරුවරයාගේ ස්ත‍්‍රී පුරුෂ භාවය අධිකරණ පද්ධතියෙහි සැලකිල්ලට නොගැනෙයි. විනිසුරුවන්ගේ වර්ණය මහත දෙහෙත ප‍්‍රිය අප‍්‍රිය බව කිසි විටෙකත් සැලකිල්ලට ගන්නේ නැත. මනුෂ්‍ය දුර්වලතාවලින් අධිකරණය කිළිටි නොවේ. අධිකරණය කියන්නේ අධිකරණයටය. සකල මනුෂ්‍ය සමාජයම මේ ආකල්පය සහමුලින් දරාසිටිති.
ගෙවුණ නොවැම්බර් දෙසැම්බර් සහ ජනවාරි මාස කිහිපය අධිකරණයේ පැවැත්ම බෙහෙවින් අර්බුදකාරී විය. විවාදාත්මක විය. එමෙන්ම තීරණාත්මක විය. ඒ නිසාම ගමේ කඩ මණ්ඩියේ පවා මිනිසුන් අධිකරණය ගැන සිතන්නට බය දේවල් එලිපිට කතා කරනු අසන්නට ලැබිණ. ඒ අවස්ථාව පෑදුණේ දෝෂාභියෝගය නිසාය. දෝෂාභියෝගයෙහි අන්තර්ගත කරුණු චෝදනාය. දෝෂාභියෝගය ආරවුලක් වුණේ එකී චෝදනා විභාග කළ ආකාරය නිසාය. විනිසුරුවන්ට එරෙහිව චෝදනා නැගෙන්නේ කලාතුරකිනි. වරක් කෑගල්ලේ විනිසුරුවරයකුට එරෙහිව බරපතළ චෝදනාවක් නැගිණ. එනම් පක්‍ෂග‍්‍රාහී තීන්දු දෙන බවය. ඊට හේතුවුනේ විවාහක නීතීඥවරියක සමග පවත්නා අනියම් සබඳකමකි. එකී නීතීඥවරිය එවකට බලයේ සිටි ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකුගේ භාර්යාව වීම විශේෂයකි. මේ කතාව ප‍්‍රදේශයේ කඩමණ්ඩි ගානේ පැතිර ගිය බව විපක්‍ෂ මන්ත‍්‍රිවරයෙක් පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. ඒ නිකම්ම නොවේ. ඒ සිද්ධිය සම්බන්ධ මිනිසුන්ගේ කතාබහ ඇතුළත් හඬ පටයක් පාර්ලිමේන්තුවේ වාදනය කරවීමෙනි. සිද්ධිය කෙළවර එකී විනිසුරුවරයාට ලැබුණේ ස්ථාන මාරුවක් පමණකි. එකී නීතීඥවරිය ඉන් පසුවත් නීතීඥ වෘත්තියේ නිරත වූවාය. මේ සිද්ධිය සිදුවෙලාවත් අධිකරණය පිළිබඳව පැවති මහජන විශ්වාසය පලූදු වුණේ නැත.
පී.ඇම්. ජයතිලක කලක් පත‍්‍ර කලාවේදියෙකි. ඔහු අද අප අතර නැත. පී.ඇම්. ජයතිලක පසුව අධිනීතීඥයෙකු වී කුරුණෑගල සේවය කළේය. ආසන්න වශයෙන් වසර 30 ගණනක් ජයතිලක කුරුණෑගල, මහව, පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර ආදී අධිකරණයන්හි සේවය කළේය. ඔහු විසින් ලියා පළකරනලද පොත්පත් රාශියකි. ඒ අතර සිය නීතීඥ අත්දැකීම් ඇතුළත් ‘‘නීතිය, යුක්තිය හා අධිකරණය’’ යනු අද දවසට ඉතා කාලෝචිත කියවීමකි. මනුෂ්‍යයන් විසින් පවත්වා ගෙන යනු ලබන අධිකරණය පිළිබඳ අපූරු තොරතුරු එහි ඇතුළත්වේ.
වරක් සමූපකාර මුදල් ගෙවීම් සම්බන්ධ නඩුවක චූදිත වෙනුවෙන් ජයතිලක මහතා පෙනී සිටියේය. නඩුව විභාග වුණේ කුරුණෑගල අධිකරණයේය. මෙම නඩුව කැඳවන විට වේලාව දහවල් එකත් පසුවී තිබිණ. සාමාන්‍යයෙන් මේ වන විට අධිකරණයක කවුරුත් සිටින්නේ වෙහෙසට පත්වෙලාය. අදාළ නඩුවේ පැමිණිල්ලේ පැවැති නීතිමය ඌනතාවයක් ගැන චූදිත වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ජයතිලක මහතා සූදානම් විය. ඔහු තම අරමුණ විස්තර කරන්නට පටන් ගත්තා පමණකි.
”මොනවද විරෝධතා.....? ගෙවනවද නැත්ද.....? නැත්නම් හිරේ යනවද? විනිසුරුවරයා මාරාවේශවී නීතීඥයාගේ මුහුණට කඩා පැන්නේය. අර සමුපකාර නඩුවේ චූදිත අධිකරණයට ආවේ සාධාරණ විනිශ්චයක් අපේක්‍ෂාවෙනි. නඩු ඇසීම අධිකරණ ක‍්‍රියාවලියයි. හෙම්බත්වූ වෙලාවක නඩුව දිග්ගැසීම ගැන නඩු කාරයාට තදවීම හා නීතීඥයාට කෑගැසීම අධිකරණයේ ගෞරවය කෙළසීමකි.
ඉන්පසුව තම අත්දැකීම පී.ඇම්. ජයතිලක මහතා මෙසේ විස්තර කරයි. ”සාමාන්‍යයෙන් තැන්පත් කෙනකු ලෙස පිළිිගැනීමක් තිබූ කෙනකු වන විනිසුරුවරයා එසේ මගේ ඇඟට කඩාපැනීම ගැන බොහෝ අය විමතියට පත්විය. එහි සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජෙරී පෙරේරා මහතා මේ සිද්ධිය ගැන තම විස්මය පළකළේය.
මට හරි පුදුමයි ඇයි පී.ඇම්.ගේ ඇඟට කඩා පැන්නේ කියලා. මොනවත් පරණ කෝන්තරයක්වත් තියෙනවාද? ජ්‍යෙෂ්ඨ නීතිඥ ජෙරී පෙරේරා කරුණාවෙන් විමසීය. එවැනි කෝන්තරයක් ගැන නම් මා කිසිවක් නොදන්නා බව මම ඔහුට කීවෙමි. එහෙත් එම විනිසුරු අසුන් ගන්නා එම මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි හෝ ඉන්පසුව උසස්වීම් ලැබ ඔහු රාජකාරී කරන්නාවූ වෙනත් අධිකරණයක හෝ කිසිම දිනෙක ඔහු ඉදිරියේ පෙනී නොසිටීමට මම තීරණය කළෙමි. මේ සිද්ධිය කියවන කෙනෙකු ඉතින් කාටද පාඩුයයි ජයතිලකට සිනාවෙන්නට පුළුවන. එහෙත් මේ සිද්ධියේදී ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ පී.ඇම්. ජයතිලක අර විනිසුරුවරයාට වඩා ගරුත්වයක් හිමිකර ගනී. ඒ විනිසුරුවරයා කැත කළ අධිකරණයේ ගෞරවය වෙනුවෙන් කළ කැපකිරීම හරහාය.
බොහෝ නීතීඥයන් සිය වෘත්තිය කටයුතු අතර, මෙවැනි අපහසුතාවන්ට මුහුණ දී ඇතිවාට සැක නැත. එහෙත් මෙවැනි අවස්ථාවල ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ පී.ඇම්. ජයතිලක මෙන් සමබර වීමට බොහෝදෙනකුට නොහැකිය. සමහර අවස්ථාවල සිය සේවාදායකයා වෙනුවෙන් නීතීඥයන් සණ්ඩු කරගන්නා අවස්ථාවන්ද නැතුවා නොවේ.
අනාචාර චෝදනාවක් නිසා දික්කසාද කළ කාන්තාවකට තම කුඩා දියණියද අහිමි වුවාය. දැරිය පියාගේ භාරයට පත්විය. තෙල්මන්ද මෝරා පවුල කඩාගත්තාට ඒ ගැහැනියගේ දරු සෙනෙහස සිඳීගොස් නොතිබිණි. ඒ නිසා මේ කාන්තාව දරුවාගේ භාරකාරත්වය ඉල්ලා නැවත උසාවි ගියාය. එහිදී ඇයගේ අනාචාරී පැවැත්ම නිසා කුඩා දැරියක භාරදිය නොහැකි බවට දැරියගේ පියා වෙනුවෙන් තර්ක කෙරිණි. එහෙත් විනිසුරුවරයා නඩුව ඇසුවාට වඩා කළේ දැරියගේ මව වෙනුවෙන් කරුණු කීමය. මේ ගැන දැරියගේ පියා සිය නීතීඥයාට රහසක් කීවාය.
”සර් මං වෙනුවෙන් මහන්සි වෙනවා. ඒත් ටිකක් පරෙස්සමින්’’. එසේ කී දැරියගේ පියා අපූරු රහසක් හෙළිකළේය. සිය බිරිය පෙම්වතා සමඟ පැන යනවිට ඔවුන් වාසය කළේ බිරියගේ නිවසේය. තම දෝණිය කළ අවමානය ගැන කිපුණු බිරියගේ පියා අවශ්‍ය නීති උපදෙස් ගන්න බෑනා සමග ගියේ ඥාතියකු වන වෙනත් විනිසුරුවරයකු වෙතය. දික්කසාද නඩුව පවරා ටික කාලයකින් අප්පලා දුවලා නැවත එක්විය. බෑනා තනිවිය. ඉන්පසුව අර විනිසුරුගේ කරුණාව පීළි පනින්නට ඇත. ඊළඟ නඩු දිනයේ විනිසුරුතුමා සතියක් ඇතුළත දැරිය මවවෙත භාර දෙන ලෙස යෝජනා කළේය. දැරියගේ පියාගේ නීතීඥයා සතියට රාත‍්‍රි දෙකක් දැරිය මවට භාරදීමට එකඟ විය. ඒ විනිසුරුගේ වදයෙන් බේරෙන්න බැරි තැනය.
මේ තත්ත්වය සමතයක් නොව ගරු අධිකරණයට අවනත වීමක් ලෙස සටහන් කරන්නැයි දැරියගේ පියාගේ නීතීඥයා ඉල්ලා සිටීමට අමතක කළේ නැත. ඊළඟ නඩු දිනයේ දැරිය මාසයක් අම්මා වෙත නතරකිරීමේ යෝජනාවක් ඉදිරිපත් විය. දැරියගේ පියාගේ නීතීඥයා ඊට මුළුමනින්ම එරෙහි විය. ඔහු දැරිය රාත‍්‍රි දෙකක් දැරිය මව භාරයේ තැබීම නිසා මතුව ඇති අහිතකර තත්ත්ව අධිකරණයට විස්තර කරන්නට විය.
”මේ තැනැත්තිය තමාගේ දෙවැනි සැමියාට අප්පච්චි කියන්න කියලා මේ දැරියට බලකරන බවට පැමිණිලි තියෙනවා’’. නීතීඥයාට බාධා කරමින් විනිසුරුතුමා හඬ අවදි කළේය.
”ඉතින් ළමයාට අප්පච්ච්ලා දෙන්නෙක් ඉන්න එක කොච්චර හොඳද?’’ නීතිය සදාචාරය තම රස්සාව පසාරු කරගෙන විනිසුරුගේ කට ඉස්සර විය. කටකාර නීතීඥයාට තැන නොතැන අමතකවිය.
‘‘ස්වාමීනි, මේ රටේ සදාචාරය අනුව අප්පලා දෙන්නෙක් ඉන්න දරුවන්ට කියන්නේ අහවලීගේ දරුවා කියලා. මේ අහිංසක දරුවා අධිකරණයකදීවත් එහෙම ලජ්ජාවට පත්වීම අපරාධයක්. ඒ වුණාට මේ දැරියගේ අම්මා දික්කසාද තීන්දුවකින් ඒ සම්මානය ලබාගෙන තියෙනවා’’. තමන් කී කතාවේ බරපතලකම වැටහුණු විනිසුරුවරයා වහා නඩුව කල් තැබීය. මේ වචන හුවමාරුව හරහා ඉස්මතුවන්නේ විනිසුරු අසුන සමබර නොවූ අවස්ථාවක් මිස අධිකරණය හෑල්ලූවීමක් නම් නොවේ.
සමහර විනිසුරුවන් මෙසේ හාස්‍යයට ලක්වුණාට අධිකරණය පළි නැත. එහෙත් කිසිවකු මේ නිසා අධිකරණයට හිනාවීම නම් මහා අපරාධයකි. හේතුව සාධාරණය ඉටුවේයයි අපේක්‍ෂා කරන අධිකරණය කෙළෙසීමේ අවාසිය අවදානම විඳින්නේ සාමාන්‍ය මිනිසා නිසාය.
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අධිකරණය සහ විගඩම්
ලාල් Tuesday, 05 February 2013 06:49 PM
හොද ලිපියක්. (නි)