අගහරු ලෝකයෙන් එන කුරුමිට්ටෝ ගැනත් පාවෙන පීරිසි ගැනත් අපේ ඇත්තෝ බොහෝ කාලයක සිට කතා කළහ. පෘථිවි වාසීන් හැමදාමත් සිතා සිටියේ පෘථිවියට හා සමාන පරිසරයක් අගහරු මත ඇතිබවත් අගහරු ලෝකයේ ජීවීන් සිටින බවත්ය. මේ නිසාම අගහරු ලෝකය ගැන බොහෝ දෙනකු සිතුවේ ගෞරවනීය හැඟීමකිනි. රාතී‍්‍ර අහසේ දිස්වන මේ ග‍්‍රහවස්තුව අනෙකුත් ආකාශ වස්තුවලට වඩා පැහැයෙන් වෙනස්ව වඩාත් රතු පැහැයකින් දිස්වන නිසාම එය රතු ග‍්‍රහයා යැයි පැවසූ පැරැුන්නෝ අගහරු ගින්නට අධිපති දෙවියායැයි සිතූහ. මේ නිසාම රුසියාවත් ඇමරිකාවත් තම අජඨාකාශ ගමන්වලදී සඳ මෙන්ම අගහරු පිළිබඳව ද අවධානය යොමුකළහ. යම් දිනක අගහරු මත පා තැබිය යුතු බවත් අගහරුගේ පවතින ජීවය සොයා යා යුතු බවත් ඔවුන්ගේ අදහස විය. සිකුරු හැරුණුවිට පෘථිවයට වඩාත් සමීපයෙන් පිහිටි ග‍්‍රහලෝකය වන්නේ අගහරුය. පෘථිවි විශ්කම්භයෙන් අඩක් පමණ වූ විශ්කම්භයක් සහිත අගහරු ලෝකය මත දිනක් පෘථිවි දිනකින් වෙනස් වන්නේ ද සුඑ වශයෙනි. පෘථිවිය හිරු වටා යන කාලය මෙන් දෙගුණයක කාලයක් අගහරු හිරු වටා යාමට ගතකරයි. අගහරුගේ ගුරුත්වාකර්ශන බලය පෘථිවියේ ගුරුත්වාකර්ශන බලය මෙන් තුනෙන් එකකි. අගහරු ග‍්‍රහයාගේ ගමන් මග පිළිබඳ තාරකා විද්‍යාඥයන් සිතේ තිබූ ගැටලූව සාර්ථකව නිරාකරණය කිරීමට සමත්වූයේ 1609 දී ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥ ජොහැන්නස් කෙප්ලර්ය. ඉන් අනතුරුව 1610 දී ගැලීලියෝ ගැලිලි තම දුරේක්ෂ උපයෝගීකරගනිමින් අගහරු පූර්ණ ගෝලාකාර ග‍්‍රහයකු නොවන බව කියා සිටියේය. ගියෝවානි කැනසි නම් විද්‍යාඥයා අගහරුගේ ධ‍්‍රැව වසාගෙන හිමතට්ටු පැතිර පවතින බව කියා සිටියේය. අගහරු තමන් වටා භ‍්‍රමණය වීමට පැය 24 ක් හා මිනිත්තු 39 ක් ගතකරන බව ගියෝවානි සොයාගත්තේය. ඔහු කොතරම් නිරවද්‍යද යන්න අද සනාථ වී තිබේ. නූතන විද්‍යාත්මක සොයාගැනීම් අනුව ගියෝවානිට වැරදී තිබුනේ විනාඩි තුනක් පමණි. යුරේනස්, නෙප්චූන් වැනි ග‍්‍රහලෝක සොයාගත් විලියම් හර්ෂෙල් අගහරු සතුව තුනී වායුගෝලයක් ඇතැයි ප‍්‍රථමවරට හෙළිකළේය. අගහරු ද පෘථිවිය මෙන් තමන්වටා භ‍්‍රමණය වන තලයට ලම්භක නොවී ආනතව භ‍්‍රමණය වන බැවින් ඒ මත සෘතු බේදයක් හටගන්නා බව ද හෙතෙම කියා සිටියේය. අගහරු ග‍්‍රහයා ගැන අප ලෝකයා දත් දේ වෙනස් වීමට පටන් ගත්තේ 70 දශකයේදීය. එදා මෙදා තුර මිනිසා විසින් නිර්මිත යානා 30 ට අධික ප‍්‍රමාණයක් අගහරු වෙත යවා තිබේ. ඒ ඇතැම් යානා සාර්ථක වූයේ නැත. ඇතැම් යානා සාර්ථකව ඉලක්කය වෙත ගොස් මිනිස් සත්ත්වයාගේ කුතුහලය සන්සිදුවමින් තොරතුරු එවන ලදී. එදා මෙදා තුර අගහරු මත සිටිනවායැයි අප සිතා සිටි අපූරු ජීවීන් පසුබිම් කැර ගනිමින් ගෙතුනු දහසකුත් එකක් විද්‍යා ප‍්‍රබන්ධ සියල්ල ප‍්‍රබන්ධයක් ම පමණක් බවට පත්වූයේ මේ අගහරු ගවේෂණයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. ඇසට පෙනෙන තරමේ ජීවීන් අගහරු මත නොමැති ව දැන් බොහෝ පර්යේෂණ වලින් තහවුරු වී ඇතත් අදටද ඇතැම් විද්‍යාඥයන්  සිතන්නේ අප පෘථිවියට ජීවීන් පැමිණෙන්නට ඇත්තේ අගහරු මත සිට බවයි. ඒ හේතුවෙන්ම අගහරුගේ අභ්‍යන්තරයේ කුඩා ක්ෂුද්‍ර ජීවීන් හෝ සිටින්නේ ද යන්න සොයා ඔවුහු විවිධ වූ පර්යේෂණ දියත් කර තිබේ. අගහරු පිළිබඳ තොරතුරු සොයා බැලීමේ කාර්යයේ පෙරමුණ ගත්තේ රුසියාවයි. මාස්නික් එක හා දෙක යනුවෙන් යානා දෙකක් තැනූ සෝවියට් රුසියාව මාස්නික් එක යානය 1960 ඔක්තෝබර් 10 වැනිදා අභ්‍යාවකාශගත කළේය. අගහරු ආසන්නයෙන් ගමන් කරමින් එහි ඡායාරූප හා තොරතුර ලබාගැනීම අරමුණ වුව ද පෘථිවිය වටා කක්ෂගතවීමටත් පෙර මාස්කින් එක විනාශවී ගියේය. ඉන් නොනැවතුණු සෝවියට් බලධාරීන් හරියටම දින හතරකට පසු මාස්කින් දෙක යානය ද මුදාහැරියේ අගහරුවෙත යාමේ දෙවැනි උත්සාහය ද කි‍්‍රයාවට නංවමිනි. නමුත් ඒ යානයට ද අත්වූයේ පෙර යැවූ මාස්කින් එක යානයට අත්වූ ඉරණමයි. මේ යානා දෙකම විනාශ වීමෙන් පසු අගහරු රහස් සෙවීමේ වැඩසටහන තරමක් කල් දැමීමට සෝවියට් දේශයට සිදුවිය. ඔවුහු ඒ සඳහා තෙවැනි පියවර වශයෙන් ස්පුට්නික් 22 යානය සූදානම් කළහ. ස්පුට්නික් යානය 1962 ඔක්තෝබර් මස 24 වැනිදා අභ්‍යාවකාශගත කිරීමට සියල්ල සූදානම් කැරෙන විට මාස් එක නමැති තවත් යානයක් ඔවුන් විසින් සූදානම් කැර තිබිණි. අභ්‍යාවකාශය දක්වා ගමන් කරමින් තිබූ ස්පුට්නික් 22 යානය සෝවියට් දේශයේ අපේක්ෂාවන් සියල්ල බොඳ කරමින් පෘථිවි කක්ෂයට ළගාවීමටත් පෙර විනාශ වී ගියේය. ස්පුට්නික් 22 විනාශ වුව ද සෝවියට් දේශය තමන් සූදානම්කර තිබූ මාස් එක යානය 1962 නොවැම්බර් මස 01 දා අභ්‍යාවකාශගත කැරුණි. මින් ඉහත අගහරු ඉලක්කකැර ගනිමින් යැවූ සියලූ යානා පෘථිවි කක්ෂයට ළගාවීමටත් පෙර විනාශ වී යාමේ අවාසනාවට මුහුණ පා සිටි සෝවියට් බලධාරීන්ගේ සිතට සැනසුමක් එක්කළ මාස් එක පෘථිවි කක්ෂය පසුකොට ඈත අභ්‍යාවකාශයට ඇදී ගියේය. එහෙත් සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහෙන් සිටි අයගේ සිතේ ඒ සතුට වැඩි දිනක් පැවතියේ නැත. ඈතට ගිය මාස් එක යානයේ පෘථිවිය සමග තිබූ සියඑම සන්නිවේදන කාර්යයන් නැවතී ගියේය. මාස්  එක ද ආසාර්ථක වූයේ ඒ ආකාරයෙනි. මාස් එක යානය අජඨාකාශ ගතවී දින තුනකින් එනම් නොවැම්බර් 04 වැනිදා ස්පුට්නික් 24 යානය අජඨාකාශයට යැවීමට සෝවියට් බලධාරීන් සමත්විය. එහි ආයු කාලය රැඳී තිබුණේ පෘථිවි කක්ෂයට ළගාවනතුරු පමණි. සෝවියට් දේශය දිගින් දිගටම අ`ගහරු ඉලක්ක කරගනිමින් අජඨකාශ කටයුතු කරගෙන යද්දී ඇමරිකාවද ඒ කාර්යයටම අතගැසුවේය. ඇමරිකාව මැරිනර් 03 යානය අගහරු ආසන්නයෙන් ගමන්කරවීම සඳහා සකස් කර එය 1964 නොවැම්බර් 05 වැනිදා අභ්‍යාවකාශගත කළේය. ඒ යානයට අත්වූයේද රුසියන් යානාවලට අත්වූ  ඉරණමයි. එම වර්ෂයේම නොවැම්බර් 28 වැනිදා ඇමරිකාව සිය දෙවන අගහරු යානය මැරිනර් 04 මුදාහැරියේය. අගහරු අසලින් පියාසර කිරීමට නියමිතව තිබූ මෙම යානය ඇමරිකාවේ පමණක් නොව සමස්ත පෘථිවි වාසීන්ගේ බලාපොරොත්තු සඵල කරමින් අගහරු ග‍්‍රහයාගේ ඡායාරූප 21 ක් පොළවට නිකුත් කළේය. ඇමරිකාව මැරිනර් 04 යවා දින දෙකකින් සෝවියට් දේශය සොන්ඞ් 2 නමැති යානාවක් අභ්‍යාවකාශ ගතකළේය. එය ඉතාමත්ම සාර්ථකව පෘථිවි ගුරුත්වයෙන් මිදී අගහරු වෙත ගමන් කළ නමුත් ඒ ආසන්නයේදී එහි ගුවන්විදුලි සංඥා පෘථිවියට ලැබීම නොලැබී ගියේය. ප‍්‍රතිඵලය වූයේ සොන්ඞ් 2 අගහරු පසුකර ගිය ද එමගින් ලබාගත් කිසිදු ඡායාරූපයක් හෝ අගහරුගේ තොරතුරක් පෘථිවියට නොලැබීමයි. 1969 පෙබරවාරි 29 වැනිදා ඇමරිකාව තවත් පියවරක් ඉදිරියට තැබුවේ සෝවියට් දේශයට වඩා සාර්ථකත්වය ළගා කැර ගනිමිනි. එදින මැරිනර් හයට යැවුණු අතර අගහරු ග‍්‍රහයා ආසන්නයෙන්ම ගමන්ගත් මැරිනර් හය පෘථිවියට එහි ඡායාරූප 75 ක් එවීමට සමත්විය. ඉන් අනතුරුව මැරිනර් හත යානය ද මාර්තු 27 වැනිදා අජඨාකාශගත කැරුණු අතර එමගින් අගහරු මතුපිට ඡුායාරූප 126 ක් එවා තිබිණි. මැරිනර් අට යානය ද ඇමරිකාව ඉන් වසර දෙකකට පසුව 1971 මැයි 08 වැනිදා අජඨකාශගත කරන ලද්දේ මෙතෙක් යැවූ යානා මෙන් අ`ගහරු ආසන්නයෙන් ගමන්කොට ඡයාරූප එවීමට පමණක් සීමා කිරීමේ අපේක්ෂාවෙන් නොවේ. මැරිනර් අට අගහරු වටා කක්ෂගත කරන පළමු යානය බවට පත්කිරීම ඇමරිකාවේ අදහසවී තිබිණි. නමුත් සිදුවූයේ ගුවන් ගත කිරීමේදී මැරිනර් අට යානය අසාර්ථක වීමයි. අගහරු තරණය සඳහා වූ තමන්ගේ උත්සාහයන් දිගින් දිගටම අසාර්ථක වීම නිසා දීර්ඝ කාලයක් නිහඩව සිටි සෝවියට් රුසියාව යළිත් කොස්මෝස් 419 නමැති යානයක් තනා එය අගහරුමත ගොඩබැස්සවීමට සැළසුම් කළේය 1971 මැයි මස 08 වැනිදා අජඨකාශගත කරන ලද එම යානය පෘථිවි කක්ෂයට එළඹීමත් සමගම විනාශ වී ගියේ යළිත් වතාවක් රුසියාවේ බලාපොරොත්තු විනාශ කරමිනි. නමුත් ඒ වනවිටත් මාස් අට සහ නමය යන යානා අගහරු වෙත යැවීමට සූදානම්ව තිබිණි. මාස් දෙක 1971 මැයි මස 19 වැනි දින අජඨාකාශගත කරන ලදී. එය මෙතෙක් යාන වලට වඩා බොහෝ සෙයින් වෙනස් වූ යානාවක් විය. කොටස් දෙකකින් සමන්විත වූ මාස් දෙකෙහි එක් කොටසක් අ`ගහරු වටා කක්ෂගත කිරීමත් අනෙක් කොටස අගහරු මත පතිතකිරීමත් රුසියාවේ අපේක්ෂාව විය. අගහරු ආසන්නයට ගිය යානය ඒ වටා කක්ෂගත වූයේය. කක්ෂ යානයෙන් පෘථිවියට ඡායාරූප එවන ලද්දේ රුසියාවේ අපේක්ෂාව පළමු වතාවට මල්ඵල ගන්වමිනි. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් අගහරුමතට ගොඩබැස්සවීමට කටයුතු කළ බිම් යානය ගොඩබැස්සවීමේදී ගිනිගෙන විනාශ විය. මැයි 28 වැනි දින මාස් තුන යානය ද අභ්‍යාවකාශගත කැරුණු අතර එම යානය ද සාර්ථකව අගහරුවටා කක්ෂගත විය. මාස් තුනෙහි කක්ෂ යානයෙන් ද රුසියාවට අවශ්‍ය ඡුායාරූප ලැබුන ද එහි අනෙක් කොටස කක්ෂගතවී විනාඩි කිහිපයකින් විනාශවී ගියේ එය අගහරුමතට ගොඩබැස්සවීමට පෙරාතුවය. සෝවියට් යානා වලට එසේ තම සම්පූර්ණ ඉලක්කය සාර්ථක කරගැනීමට නොහැකිව ලතවෙද්දී ඇමරිකාව යළි 1971 මැයි 30 වැනිදා මැරිනර් නමය යානය අගහරුවෙත යැවීය. ඉතා සාර්ථකව අගහරුවටා කක්ෂගතවූ මැරිනර් නමය යානය පෘථිවියට එවූ ඡුායාරූප සංඛ්‍යාව 7329 කි. මේ ඡායාරූප එකින් එක සියුම් පරීක්ෂාවට ලක් කළ පෘථිවි විද්‍යාඥයෝ අගහරු පිළිබඳ බොහෝ විස්තර ලෝකයට හෙළි කළහ.
සටහන සහ ඡායාරූප සැපයීම  - සජීව විජේවීර
මැරිනර් නවය යානය මැරිනර් නවය යානයෙන් එවූ ඡායාරූපයක් මැරිනර් නවය යානයෙන් එවූ ඡායාරූපයක් මැරිනර් හය යානයෙන් එවන ලද ඡායාරූපක් මැරිනර් නවය යානයෙන් එවූ ඡායාරූපයක් මැරිනර් හය යානය මැරිනර් 3 ගුවන්ගත කරද්දී ස්පුට්නික් 24 අජඨාකාශයට යැවීමට සූදානමින් අගහරුගේ දර්ශනයක් අගහරු ග‍්‍රහයාගේ දර්ශන ගැලීලියෝ ගැලිලි ජොහැන්නස් කෙප්ලර් විලියම් හර්ෂෙල්