රෝහණ විජේවීර නම් වූ විප්ලවවාදියා
ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි.
ආණ්ඩුවේ නිල හා නිල නොවන හමුදාත් ආණ්ඩු විරෝධී සටන්කාමීනුත් අතර ගැටුම උත්සන්න වී තිබිණි. මේ අතර රාජ්‍ය හමුදා රෝහණ විජේවීරයන් අත්අඩංගුවට ගනු ලැබ කුරිරු වධ දී රහසිගතව ඝාතනය කර දැම්මේය. එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයින්, මධ්‍යම කමිටු සාමාජිකයන්, පූර්ණකාලීනයන්ද, ක්‍රියාකාරීන් සහ හිතවතුන් හැටදහසක් පමණ ක්‍රෑර වධ බන්ධනයන්ට ලක්කොට මරා පුළුස්සා දැම්මේය.