
මනෝ ගනේෂන් අගමැතිවරයා සමගත් ආණ්ඩුව සමඟ හොඳ හිතකින් ගනුදෙනු කරන ඇමැතිවරයෙකි. එහෙත් දැන් දැන් වන විට මනෝ ගනේෂන් හා එක්සත් ජාතික පක්ෂය අතර නොහොඳ නෝක්කාඩු ස්වරූපයක් ඉස්මතු වෙමින් තිබේ. මනෝ ගනේෂන් චෝදනා කළේ එජාපයේ උප සභාපතිවරයකු වන හිටපු ඇමැති රවි කරුණානායකටය. ඔහුගේ අඩන්තේට්ටම් හා අසාධාරණකම් වලට තමන්ට යටවීමට සිදුව ඇතැයි ඔහු කීවේය. එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය තිබුණා. අගමැතිතුමාගේ හා පක්ෂ මහ ලේකම්වරයාගෙන් මට ආරාධනා ලැබුණා. එජාපය සමඟ මම අමනාප නැහැ. මම මුහුණ එක්ක තරහ වෙලා නහය කපා ගන්නේ නැහැ. දේශපාලනයෙන් ඉගෙන ගන්න දෙයක් මට තියෙනවා.” යැයි මනෝ ගනේෂන් කියන්නේය. “කොළඹ ඉන්න එක්තරා මන්ත්‍රීවරයෙක් මට චෝදනා කරනවා. අපිත් එක්ක සුහදව ඉඳලා තරහා වෙලා දැන් මනෝ ගනේෂන්ලා වෙනම ඉල්ලන කතාවක්. ඒ මන්ත්‍රීවරයා කියනවා. මනෝ ගනේෂන්ගේ පක්ෂය කොළඹින් අතුගාලා දාන බවටත් ඒ එජාප මන්ත්‍රීවරයා පාරම් බානවා. ඊට පස්සේ එතුමා කියනවා මනෝ ගනේෂන් ජනාධිපතිතුමත් එක්ක ඩීල් දාලා තියෙනවා. මම කියන්න කැමැතියි මනෝ ගනේෂන් කියන්නේ ඩීලර් කෙනෙක් නෙමෙයි ලීඩර් කෙනෙක්.” යැයි මනෝ ගනේෂන් උතුරු කොළඹ වතු රැස්වීම් හා වෙනත් රැස්වීම්වල මේ දිනවල කිය කියා යන්නේය. ඔහු දිගින් දිගටම චෝදනා කරන්නේ රවි කරුණානායකටය. රවි - ගනේෂන් ගැටුම හේතුවෙන් මනෝ ගනේෂන්ට විශේෂ ආරක්ෂාවක්ද සපයා දීමට ජනාධිපතිවරයාට සිදුවූ බවය දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. මනෝ ගනේෂන්ගේ විශේෂ ඉල්ලීම හේතුවෙන් ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාවක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බවය. ඒ අනුව මනෝ ගනේෂන්ට මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සැලසී තිබේ.
මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මේ වන විට නියෝජනය කරනුයේ ඒකාබද්ධ විපක්ෂයය. මන්ත්‍රීවරයා මීට දින කිහිපයකට ඉහතදී කොළඹ ඩාලි පාර ඔස්සේ ගමන් කළේය. ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටින් ගමන් ගන්නා අතර මන්ත්‍රීවරයාගේ රථය ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිට එකවරම නතර වූයේය. මහින්ද යාපා වාහනයෙන් බැස ශ්‍රීලනිප මූලස්ථානය දෙසට දෑත් ඔසවා වැඳ නමස්කාර කළේය. මහින්ද යාපා ශ්‍රීලනිප මූලස්ථානයට නමස්කාර කරන ආකාරය ඒ අවස්ථාවේදී ශ්‍රීලනිප මූලස්ථානයේ සිට එළියට එමින් සිටි ජනමාධ්‍යවේදීන් පිරිසක් දැකගත්හ. එම ජනමාධ්‍යවේදීන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වී එළියට එනු ඇතැයි එම අවස්ථාවේදී මහින්ද යාපාට නොහිතෙන්ට ඇත. මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් දුටු විගස ඔවුන්ට කිසිවක් අසන්නට ඉඩ නොතබාම වාහනයට නැග ඉක්මනින් පිටත් වීය.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැඳුම්කර ආන්දෝලනය
Rohana Saturday, 13 January 2018 01:15 PM
අගමැතිතුමාගේ හැසිරීම නම් ලාමකයි. ජනාධිපතිතුමා අපහසුතාවට පත්කළා...