IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දරු දෙදෙනකු සමඟ කඳුළු ගඟක තනිවූ මව්පියෝ

 හිරාන් ප්‍රියංකර ජයසිංහ

 තම කුසින් බිහිකළ දරුවන් පස් දෙනෙකු එකම රෝගයකට ගොදුරුව ඉන් තිදෙනෙකු මේ වන විටත් මෙලොව ගොස් සිටියදී ඉතිරි දරුවන් දෙදෙනාගේ ජීවිත බේරා ගැනිම සඳහා   සැත්කමට අවශ්‍ය මුදල් සොයමින් ජනතාව අයදින මවකගේ අදෝනාවත්, දරුවන් දෙදෙනා ජීවත් කර ගැනිමට තම ජීවිතය කැප කර සිටින පියකුගේ ආයාචනාත්මක ඉල්ලිමත් ඉවත දැමිමට හදවත් ඇති මිනිසේකුට කෙසේ වත් නොහැකි වනු ඇත.

 නවගත්තේගම මහ අන්දරවැව ප්‍රදේශයේ පදිංචි එච්.එම්.යු. හේරත් සහ ඩබ්ලියු.ටි.එම් .ධම්මිකා යන මව් පියන් ට දාව උපන්  එකම පවුලේ දරුවන් පස් දෙනෙකු අතරින් මේ වන විට  තිදෙනෙකු අඩු වයසින් මියගියේ මව් පියන් සේම ඥාතින්ද මානසික සේම කායික ලෙස අසරණ කරමිනි.

 මේ පවුලේ දරුවන් අතරින් තුන් වැනි දරුවා වු  වයස මාස තුනකට ආසන්න බිලිඳු කවිජ චාමික මියයන්නේ 2008 වසරේ ඔක්තෝම්බර් 3 දිනය. එම මරණයේ දුක  මැකි යන්නටත් පෙර 2009 වසරේ මැයි 31 වන දින ඒ වන විට වයස අවුරුදු පහක් පමණ වූ  පවුලේ පළමු දරුවා   දිලිනි සෙව්වන්දි දැරියද මියයන්නේ එක් දරුවකුගේ කම්පාවෙන් පිඩාවට පත්ව සිටි මව් පිය යුවල අසරණ කරමිනි . පවුලේ දරුවන් දෙදෙනෙකුගේ මරණින් කම්පාවට පත්වු මව් පියන්  තම දෙවනි දරුවා  ඉපදි මාස හයේ සිට රිජ්වේ ආර්යා ළමා රෝහලට   රුගෙන ගොස් සායන සදහා ඉදිරිපත් කරමින් එම දරුවා ගේ ජීවිතය බේරා ගැනිමට මහත් වෙහෙසක් ගෙන තිබුණි. නමුත් පසුගිය වසරේ (2017 ) අප්‍රේල් 10 දින එවකට වයස අවුරුදු අටක් පමණ වූ තුෂාර ශාලුක පින්සර දරුවාද ජීවිතයෙන් සමු ගන්නේ මෙම මව් පියන්ට අන්ත අසරණ කරමිනි .

 කෙසේ නමුත් දෙවනි දරුවාගේ මරණයත් සමග මෙම දරුවා මරණයට පත්ව ඇත්තේ අක්මාවේ ක්‍රියා කාරිත්ව අඩු වීමත් සමග සිරෝසිස් ඇති විමෙන් බවට වෛද්‍යවරුන් සනාථ කරගෙන තිබේ .නමුත් කලින් මරණයට පත් වු දරුවන් දෙදෙනා සම්බන්ධව වෛද්‍ය නිගමනයක් නිසි ලෙස සිදු නොවිම නිසා එය සනාථ වි නැතත් මව් පියන් පවසන්නේ දෙවැනි දරුවාගේ මරණයට සමාන අයුරින් රෝග ලක්ෂණ මතු වු බවයි.

දරුවන්ගේ පියා වන එච්.එම්.වි. හේරත් මහතා

“ දැන් අපිට අඩලා දුක් වෙලා ඇති වෙලා .අඩන්න අපිට දැන් කදුළු නැහැ .ඒ තරම අපිට කියා ගන්න බැරි තරමට අසරණ වෙලා . කලින් දරුවෝ තුන් දෙනාගේ මරණෙවලින් අපි හෙම්බත් වුණා . අපිටම මෙහෙම වෙන්නේ ඇයි කියලා  හිතාගන්න බෑ .අද අපි මැරි මැරි ජිවත් වෙන්නේ . මේ වෙද්දි අනික් දරුවෝ දෙන්නාටම අක්මාව ඉදිම සහ අනික් රෝග ලක්ෂණ මතු වෙලා දැනට මේ දරුවෝ දෙන්නාම ඒ කියන්නේ වයස අවුරුදු පහයි මාස 6 යේ දුව ජීනුලි ජීන්තරා  ගේ සහ අවුරුදු තුනයි මාස අටක පුතා චමික හසිත හර්ෂණ පුතාගෙත්  අක්මාව ඉදිමෙනවා . අපිට කියන්න තේරේන්නෙත් නැහැ . පුතාට මාස තුනක් ඇතුළත අක්මා බද්ධයක් කරගන්න කියලා දොස්තර මහත්වරුන් කියනවා .මේ වෙද්දි දුවගේ සහ පුතාගේ ලේ සහ අනිකුත් සාම්පල් ඉන්දියාව සහ ජර්මන් රටවලට යවලා ඒවායේ රිපෝට් ආවා .දැන් ඉන්දියාවේ දි මේ අක්මා බද්ධය කරන්න ලංකාවේ  මුදලින් රැපියල් කෝටියකට ආසන්න මුදලක් වුවමනා කරලා තියෙනවා . මම කොහොමද එච්චර මුදලක් හොයන්නේ .මම රැකියාව කළේ යුධ හමුදාවේ පළමු වන ගජබා රේජීමේන්තුවේ පළමු බළ ඇණියේ  තුන් පාරක් මම ආබාධිත වුණා .ඒ කියලා මම පැත්ත වැටුණේ නැහැ . දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම අපි දෙන්නා කරනවා අනේ අපි ඉල්ලන්නේ මගේ මේ අහිංසක මල් වාගේ දරුවො දෙන්නා ගේ ජීවිතය බේර ගන්න උදව් කරන්න කියලා .අපිට පිහිට වෙන්න කියලා ,, යැයි ඔහු දෑත් එක්කරමින් ආයාචනා කරන්නේ මේ අහිංසක දරුවන් දෙදෙනාගේ ජීවිත බේරා ගන්න අක්මා බද්ධයට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ආයචනා කරමිනි .

  දරුවන් ගේ මව   ධම්මකා ප්‍රියදර්ශනි මහත්මියයි .

 “ මම මේ දරුවන්ගේ අම්මා . කොහොම ඉවසන්නද මේ වේදනාව අම්මා කෙනෙක් විදින්න ඕනෑ හැම වේදනාවකටම වැඩි වේදනාවක් මම විදිනවා . මගේ නැදැයින් මට පුදුම අපහාසයක් කරන්නේ. සමහර අය මාව මුලිච්චි වෙන්න වත් කැමති නැහැ . මම ඒ හින්දා දන්න කලයකින් අල්ලපු ගෙදරටවත් ගිහින් නැහැ.අනේ දෙයියනේ මම  කොච්චර ආදරයෙන්ද  මේ  මල් වාගේ දරුවන් හැදුවේ .මට  ගන්න පුළුවන්ද මේ දුක . මම ඉල්ලන්නේ එකම දෙයයි මේ දරුවන් ජීවිත බේර ගන්න උදව් කරන්න කියලා. මේ දරුවන් දෙන්නාට මොනවා හරි වුනොත් අපි දෙන්නාත් ජීවත් වෙන්නේ නැහැ ,, ඇය සගවා ගෙන සිටි සියලු දේ එකට ගුලි කරමින් පැවසිය.

 කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්ය පූජීත වික්‍රමසිංහ මහතා

 “මේ පවුලේ දරුවන්ට මේ වන විට ඇති රෝගය ලෙස හදුනාගෙන ඇත්තේ ජානමය බලපැමක් ලෙසයි. එම ජාන බලපැම නිසා යම්කිසි රෝගී තත්වයන් ඇතිවෙනවා අක්මාවට. එවිට අක්මාවේ තිබෙන සෛල ක්‍රමයෙන් විනාශ වෙනවා. විශේෂයෙන්ම පිත  එකතු වෙන්න ගත්තොත් පිත  හානි කරනවා දරුවන්ගේ අක්මාවට  මේ නිසා සමහර විට අක්මාවට හානි වෙනවා .එවිට අවසාන ප්‍රථිඵලය වන්නේ  සිරෝසිස් කියන තත්වයට පත් විමයි .එවිට අක්මාව අකර්මන්ය වි සම්පුර්ණයෙන් ක්‍රියා විරහිත වි ශරිරයට හානි විය හැකියි.  අක්මාව තුළ සිදුවන ක්‍රියාකාරකම් ඒවා පාලනය වන්නේ ජානමය වශයෙන් යම් විකෘති තාවයක් ඇතිවුවහොත් අක්මාවේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදු වන්නේ නැහැ.

එයට අතරව සමහර ක්‍රියාව   නිසා අක්මාව ඉතා ඉක්මනට බරපතළ ලෙස හානි වෙන්න පුළුවන්. උදාහරණ ලෙස ඩෙංගු රෝගියකු අනවශ්‍ය ලෙස පැරසිටමෝල් ගතහොත් අක්මාවට හානි වෙන්න පුළුවන් .සමහර විට මුළු අක්මාවම මේ තරම් හානි වෙන්නේ නැහැ .එය ටිකෙන් ටික සිදුවි එකවරම අක්මාව හානි වෙන්න පුළුවන් .දර්ඝකාලිනව සිදුවන ක්‍රියාවලියේ අවසාන ප්‍රථිඵලය ලෙස සිරෝසිස් හදුන්වන්න පුළුවන්.  

ඉන්දියාවේ ගෝබල්  රෝහලේ මෙම සැත්කම කිරිමට සුදානම් ඇති නමුත් ඒ සදහා වැයවන අති විශාල මුදලක් කඩිනමින් සොයා ගැනිමට මෙම දරුවන්ගේ පියා මහත් වැයමක නිරත වෙමින් දන්නා කියන සෑම තැනකටම යමින් ලරමන් කරයි .

ඔවුන්ට පිහිට විමට කැමති ඔබ ඔවුන්ගේ 071 5176109 යන දුරකතන අංකයට අමතා ගල්ගමුව ලංකා බැංකුවේ ඩබ්ලියු.ටි.එම්.ඩි. ප්‍රියදර්ශනි මහත්මියගේ 3872970 බැංකු ගිණුමට මුදල් පරිත්‍යාග කළ හැකිය.

 පුංචි රෝස මල් දෙකක් වැනි  ජීනුලි සහ චමික ට මේ කිසිදු කරුණක් පිළිබදව තවමත් වැටහිමක් නැත . වෙනත් දරුවන් සේ ක්‍රියාකාරකම්වල නිරත වන මෙම දරුවන් දෙදෙනාද එහේ මෙහේ දුව පනිමින්  පියාගෙත් මවගෙත් ඇකයේ තුරුළු වන විට ඔවුන් සමග සුරතල් වන විට අපට දැනුන දුක කියා නිමක් නැත. මේ දරුවන් දෙදෙනා ගේ ජීවිතය ඇත්තේ ඔබ අතේය. මන්ද ඔබ ලබා දෙන මුදලින් මේ දරුවන්ගේ ජීවිත ජිවත් කරවිමට හැකියාව ඔබට තිබේ . එසේ නොවුනහොත් පවුලේ අනෙක් දරුවන්ට අත් වු අවාසනාවන්ත ඉරණම මේ දරුවන්ටද අත්විම වැළැකිය නොහැක.



අදහස් (6)

දරු දෙදෙනකු සමඟ කඳුළු ගඟක තනිවූ මව්පියෝ

Dr S Theminimulle Sunday, 14 January 2018 01:55 PM

[email protected] ලිපිනයට විස්තර ලියා බලන්න. සමහරවිට මෙවැනි ආයතන උදව් කරනවා නොමිලේ මෙවැනි ශල්‍යකර්ම කරන්න. එයාලා ළඟ මුදල් තියනවා.

:       2       67

sanjeewa Sunday, 14 January 2018 02:55 PM

කරුණාකරලා සියලු දෙනාම පුළුවන් විදිහට ආධාර කරමු. මේ දරුවෝ බේරා ගන්න.

:       0       213

gayanathWednesday, 17 January 2018 02:14 AM

අනේ ලොකු දෙයක්..මමත් දෙනවා

:       0       0

chathuri Monday, 15 January 2018 04:06 PM

තුන්වෙනි දරුවත් නැති වුණාම දැන ගත්ත මෙවැනි ලෙඩකින් මියැදෙන්නේ කියලා අැයි තවත් දරුවෝ... හදලා දරුවන්ට දුක්දෙන්නේ රෝගයට බෙහෙත් ගන්න මුදල් නැහැ. කෑමට බීමට මුදල් නැහැ. අසරණ දරුවෝ නිකම් දුක්විඳිනවා.. කරුණාකර මෙවැනි දෙමව්පියන්. දරුවෙක් නීතිය මාර්ගයෙන් හෝ දරුකමට හදා ගන්න බලන්න.... කොයි දරුවත්, දරුවෙක්...

:       101       19

gayanath Wednesday, 17 January 2018 02:13 AM

අපි හැමෝම එකතු උනොත් මේ අහිංසකයෝ දෙන්නා බේරගන්න පුළුවන් වේවි... මම දන්නා හැමෝටම මේ පණිවිඩය දෙන්නම් මෙයාල වෙනුවෙන් මම සල්ලි කියක් හරි ගිණුමට දානවා මෙයාලගේ

:       0       105

chandrakanthi Tuesday, 20 February 2018 08:39 AM

කොලබ 07 රුපවාහියය ඉදිරිපිට අග්‍රහාර මණ්ඩලයෙන් ඉල්ලුම් කරන්න . එම ආයතනයෙන් දෙනවා . සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් දෙනවා ඉල්ලුම් කරන්න. ඔබට සහනයක් වේවි . ඔබට මනුස්සකම තියෙන මිනුසුන් හමුවේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site