චමිල් රුපසිංහ
දෑස් නොපෙනුනත් එය අධ්‍යාපනයට බාධාවක් කර නොගනිමින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කාලා අංශයෙන් ඒ සාමාර්ථ 3 ක් හා බී සාමාර්ථ 3 ක් ලබා ගැනීමට පුත්තලම මුන්දලම සිංහල මහා විද්‍යාලයේ සහෝදරියෝ දෙදෙනෙක් සමත් ව සිටිති.
ඒ බත්තුල්ඔය පිංකට්ටිය ප්‍රදේශයේ පදිංචි සදුනි කේසලා (වැඩිමල් සහෝදරිය අක්කා A3- විභාග අංකය 6857884) හා රුක්ෂාණි කේෂලාය. (නැගනිය B 3 - විභාග අංකය 6858635). රුක්ෂාණි මේඛලා (නංගි) දෙපාවල ඇති ආබාධයක් නිසා දිනෙන් දින ඇවිදීමේ අපහසුතාවයෙන්ද පෙළමින් සිටී.
කුඩා කලදීම සියැසින් (ඩී ඩී සිරිල් ප්‍රනාන්දු )රැකවරණය ලැබු සදුනි ට පාසල් යාමට නොහැකි විය. නමුත් ඇගේ නැගණිය රුක්ෂාණිට මද වශයෙන් ඇස් පෙණුන බැවින් ඇගේ බල කිරීම මත පාසල් යාමට සඳුනිට හැකිවූ අතර පාසලේදී ඇය බේල් මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීය.
සදුනි වසර දෙකක්ම නිවසට වි සිටියත් ඇයගේ දැඩි ඉල්ලීම මත එම ගම්මානයේම නීලා රෝහිනි ගුරුතුමිය බේල් මාධ්‍යයෙන් අධ්‍යපනය ලබා දිමට ඉදිරිපත් විම නිසා මෙම සහෝදරියන් දෙදෙනාටම හලාවත බත්තුල්ඔයකනිෂ්ඨ විද්‍යාලයට ඇතුළු වීමට හැකි විය.
සාමාන්‍ය පෙළ විභාගයෙන් සදුනි ඒ A සාමාර්ථ 7 ක් ලබා ගත් අතර රුක්ෂාණි ද (සදුනිගේ නැගනිය) සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ A සාමාර්ථ 4 ක් හා බී B සාමාර්ථ 3 ක් ලබා ගැනීමෙන් දස්කම් දැක්වූවාය.
මේ නිසාම උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා පුත්තලම මුන්දලම සිංහල මහා විද්‍යාලයට දෙදෙනාම ඇතුළත් වීමේ වරම දෙදෙනාටම හිමි විය.
මේ කලායේ සදුනි සීයා ළග ජීවත් වුවත් නැගණිය රුක්ෂාණි සිටියේ මවුලියන් ළඟය. එහෙත් සදුනි තම නැගණියද සීයාගේ කිනදය ගෙක්නා ගත්තාය. ඒ සඳහා එවක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිව සිටි සිසිර කේ ජයසිංහ මහතා ද මැදිහත් විය.
මේ අතර මේ අක්කා නගෝ දෙන්නාට තවත් අභියෝගක් මතු විය. ඒ නිවසේ සිට කිලෝ මීටර 15ක් පමණ දුරක් පාසලට යෑමට සිදුවීමයි. මේ අභියෝගය ජය ගැනීමටත් දැරියන් දෙදෙනාගේ ජීවිතය ගොඩ දැමීමේ අභියාගයත් ජය ගැනීමට වියපත් සීයා ඉදිරිපත් විය. තම වයස පිළිබඳව නොසිතූ මේ සීයා තම දියණියන් දෙදෙනා උදෑසන පාසලට ගෙන යෑමටත්, පෞද්ගලික පංතියන් සදහා ගෙන ගොස් හවස් වන තෙක් එම ස්ථානයේ සිට තම දියනියන් දෙදෙනා නිවසට ගෙන ඒමටත් කටයුතු කළේය. මේ තත්ත්වය මත සීයාත් පවුලේ අයත් ජීවිකාව කර ගෙන ගිය ගොවිතැන් කටයුතුද අඩාල වී ප්‍රශ්න රැසකට මුහුණ පෑහ. එහෙත් සීයා තම උත්සාහය අත් නොහළ අතර දැරියන් දෙදෙනාද කැපවීමෙන් අධ්‍යාපන කටයුතු සිදු කළහ. පවුලේ ආර්ථික තත්ත්වය දුර්වලව සිටි මොහොතේ දැරියන් දෙදෙනාගේ මාමා පවුලට උදවු උපකාර කිරීමට ඉදිරිපත් වූයේ මේ අතරේය. එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වූ අතර සිසුවියන්ගේ දක්ෂතා හඳුනාගත් සිසිර කේ ජයසිංහ ගුරු මහතා මුදල් අය නොකර සිසුවියන් දෙදෙනාට උපකාරක පන්ති පැවැත්වීමට ඉදිරිපත් වීම ඔවුන්ට මහත් සහනයක් විය.
දැරියන් දෙදෙනාට පාඩම් පොත් කියා දීම සීයාගේ ජීවිතයේ කොටසත් වූයේ මේ අතරය. මොවුන් දෙදෙනාට තවත් ශක්තියක් වූයේ අසල්වැසි සොයුරියක වන ‘කවී‘ ද පාඩම් කියා දීමට ඉදිරිපත් වීමයි.
සියලු දෙනාගේ මහන්සිය සිතුම් පැතුම් සපල කරමින් අධ්‍යපන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයේ කාලා අංශයෙන් සදුනි කේසලා ඒ සාමාර්ථ තුනක් ලබා පුත්තලම දිස්ත්‍රික්කයෙන් 8 වැනි ස්ථනයත් රුක්ෂාණි මේඛලා බී සාමාර්ථ තුනක් ලා ගත්තේද පුත්තලම මුන්දලම සිංහල මහා විද්‍යාලයට ද උදවු උපකාර කළ සියලුම දෙනාද ගුරුවරුන්ට මහත් ප්‍රීතියක් ගෙන දෙමිනි.
සදුනි කේසලා (වැඩිමල් සහෝදරිය) අප සමඟ මෙසේ කීවාය.
‘පුංචි කාලේ ඉගෙන ගන්න ඕනෑ කියලා මම ඇඬුව වාර අනන්තයි. මොකද මම දන්නවා අපි වගේ අයට වෙනත් දක්ෂතා තිබ්බත් ඒවයින් ඉදිරියට යන්න අමාරුයි කියන එක. ඒකට තියෙන එකම විසඳුම අධ්‍යාපනය බව මම තේරුම් ගත්තා. ඒ නිසා තමයි අද මට පුත්තලම දිස්ත්‍රික්කයෙන් අට වැනි ස්ථානය ගන්න පුළුවන් වුණේ. මම එය ජයගත්තා. මට අවශ්‍ය වන්නේ මම වාගේම දෘෂ්‍යාබාධිත ළමයින්ට උගන්වන්න ගුරුවරියක් වෙන්න. ඉගෙන ගන්න සියලුම දෙනාට කියන්නේ තමන්ට තියෙන කිසි දෙයක් අඩුපාඩුවක් හැටියට හිතන්න එපා. හිතේ හයියෙන් ඉදිරියට ගියොත් තමන්ගේ ඉලක්කයට යන්න පුළුවන්.
මවගේ ජයග්‍රහනයක් ලබා ගැනීමට උපකාර කළ සියල්ලන්ටම ගෞරවනීය උපහාරය පුදනවා. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතුවලට උදවු කරමින් පාසලට පංතිවලට මාවත් නැගණියවත් රැගෙන ගොස් අධ්‍යාපන කටයුතු කිරීමට උදව් උපකාර කරමින් අදින්නට ඇඳුම් කෑම බීම ආදී සියලු අවශ්‍යතා ඉටු කළ ආදරයෙන් අප දෙදෙනා බලාගත් සීයාටත්, ආච්චීටත් මවුපියන් පවුලේ ඥාතීන්ට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම උදවු උපකාර කළ සියලු දෙනාටත් ස්තුතියි. අපි දෙන්නාට සෙවණැල්ලක් වූ තම සීයා නොමැති න් අපිට මෙතරම් ඉහළට ඇවිත් උසස් පෙළ විභාගය සමත් කර ගන්න වෙන්නේ නෑ.
දැස් පෙනෙන ළමයින් අතරේ දැස් නොපෙනන අපි දෙන්නාට කිසිදු වෙනස් කමක් නොකර සාර්ථක ක්‍රම අනුගමනය කරමින් කුඩා කල සිටම දිරි ගැන්වු කුඩා කල සිටම ඉගැන්වූ නීලා රෝහිනි ගුරුතුමියටද, පුත්තලම් දිස්ත්‍රික්කයෙන් හොඳ තැනකට තමන්ට යා හැකි බව පෙන්වමින් අධ්‍යාපනික කටයුතු කර දුන් එවකට පුත්තලම මුන්දලම සිංහල මහා විද්‍යාලයේ දේශපාලන විද්‍යාව ඉගැන්වු සිසිර කේ ජයසිංහ ගුරුතුමාටද ,කතෝලික විෂය ඉගැන්වු සහ අවශ්‍ය සටහන් පටිගත කර දුන් අජිත් ගුරුපියානන්ටද , සිංහල විෂය ඉගැන්වූ ලියනාරච්චි ගුරුතුමිය, චිත්‍රා සුභසිංහ ගුරුතුමිය ඇතුළු සියලු ගුරුවරුන්ටද සටහන් පටිගත කර දුන් මහනුවර පුස්තකාලයේ විමුක්ති සහෝදරයාටද ගෞරවනීය උපහාරය පුදනවා.
වයලීන් වාදනය කිරීමට දක්ෂ සඳුනි කීවේ තමන්ට සංගීතයෙනුත් ඉහළට යා හැකි බවයි. ඉගැන්වීමට අත දුන් සියලුම දෙනාටත් සෙවණැල්ලක් මෙන් සිටි සීයාටත් උදවු කළ යුතු බැවින් ඉදිරියටත් අධ්‍යාපන හදාරණ බවත් තම නැගෙනියගේ පාදවල ඇති ආබාධය සුව කර ගැනීම එකම අරමුණ බවත් ඇය කීවාය.
රුක්ෂාණි මේඛලා (නැගෙනිය) මෙසේ පැවසුවාය.
මගේ ඇස් පේන්නේ සුළු වශයෙන්. ඒ වගේම මගේ පාද වල ආබාදය නිසා හරි හැටි ඇවිද ගන්නත් බැ. ඒත් මට ඉගෙනගන්න ආසාවක් ඇති වුණා. මම හිටියේ අම්මගේ ගෙදර. අක්කගේ ඉල්ලීමත් සිසිර සර් දිරි දීමත් නිසා සීයාගේ ගෙදරට ආවා. මාත් සීයට බරක් වුණා. නමුත් සීයා අපිට දෙවියෙක් වගේ අප පාසලට එක්ක යනවා පංති වලට එක්ක යනවා කිසිම නිදහසක් නෑ. අක්කගෙයි මගෙයි ජයග්‍රහනයට යන්න විශාලම පරිත්‍යාගය කළේ සීයා එයා නොමැතිනම් අපට අද මේ තැනට එන්න හම්බ වෙන්නේ නෑ.
අක්කට උගන්වපු ගුරුවරු උදවු කළ සියලුම අය තමා මටත් උදවු කළේ ඒ සියලු දෙනාගෙම උදවු උපකාරෙවලින් තමා අක්කයි මායි මේ වගේ ජයග්‍රහනයක් ලබා ගත්තේ. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.
මේ ජයග්‍රහනය ගැන සතුටු වන ගමන් මාත් ආසයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබල අප වගේ දෘෂ්‍යාබාදිත අයට උදවු කරන්න.ඒ දේ ඉටු කර ගන්නට සියලුම දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියල මම ඉල්ලා සිටිනවා.
පුත්තලම මුන්දලම සිංහල මහා විද්‍යාලයේ විදුහල්පති යු කුමාරසිරි මහතා මෙසේ කීවාය.
‘ මේ සහෝදරියන් දෙදෙනා පාසලේ අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරමින් දෑස් පෙනෙන ළමයින්ටත් අභියෝගයක් වුණා.
මේ දෙන්නගේ පිටිපස්සෙන් හිටියෙ සීයා කොතරම් ආර්ථික දුෂ්කරතා තිබ්බත් දරුවන් දෙන්නගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙන්න දුන්නේ නෑ. මේ සිසුවියන් දෙන්නාගේ ජයග්‍රහනය පාසලටම ආඩම්බරයක්. මේ දෙන්නාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා සහයෝගයක් ලබා දෙන්න කිසියම් කෙනෙක් ඉදිරිපත් වෙනවානම් ඒ දෙන්නාට ලොකු හයියක් ඒ නිසා මම ඉල්ලා සිටිනව කිසියම් කෙනෙකුගේ උපකාරයක් මේ සිසුවියන් දෙදෙනාට ලබා දෙනවා නම් ඒක වටිනා දෙයක් කියලා.
පුත්තලම මුන්දලම සිංහල මහා විද්‍යාලයේ සිසුවියන්ගේ පංති බාර ගුරුතුමා වන අජිත් කුමාර මහතා මෙසේ කීය .
දිනපතාම පාසල් ආපු දරු දෙන්න මේ දෙන්න පාසලේ අධ්‍යාපන කටයුතු කිසිවිටක අතපසු කළේ නෑ. ඒ නිසා තමා මොවුන්ට මේවගේ ජයග්‍රහනයක් ලබන්නට පුළුවන් වුණා.
එය පාසලටත් ආඩම්බරයක්. මේ දරුවන් දෙන්න ආර්ථික ප්‍රශ්න ගොඩාක් මැද්දෙ ඉගෙන ගත්තේ. ඒ සියලු දේවල් කළේ ඒ අයගේ සීයා. ඒ නිසා මේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා කිසියම් කෙනෙකුගේ සහයෝගයක් ලබා දෙන ලෙස සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටනවා.
උපකාරක පන්ති පැවැත්වූ සිසිර කේ ජයසිංහ මහතා මෙසේ පැවසීය.
මම දැක්ක මේ දරුවන් දෙදෙනාගේ දක්ෂතා ඒ නිසා මම හිතා ගත්ත මේ අයට දිස්ත්‍රික්කයේ ඉහළම තැනකට එන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් මම උදව් කළා මම අක්කවයි නංගවයි එකම තැනකට අරන් කියා දුන්නා. ඒ ප්‍රතිඵල අද ඒ දෙන්නා පෙන්නලා තියෙනවා. මේ දෙන්නාගේ ජයග්‍රහනය පස්සේ හිටියෙ සීයා එතුමා නොහිටින්න. මේ දරු දේන්නට මේ තත්වයට එන්න ලැබෙන්නේ නෑ.
ආර්ථික ප්‍රශ්න රැසක් තියෙද්දි තමයි මොවුන් ඉගෙන ගත්තේ. මොවුන්ගේ ඉදිරි අධ්‍යපන කටයුතුවලට රජයෙන් හෝ පරිත්‍යාගශීලීන්ගේ උදවුවක් ලැබෙනවා නම් විශාල උපකාරයක් වේවි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටයි ,දුකයි.හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.දෙන්නටම !
පව් අහිංසක දරුවෝ. ගොඩක් පින් හැමදෙනාටම මෙයාලට උදව් කරපු.
සමහර සීයලා,තාත්තලා දුවරුන් දුෂණය කරන, මරා දමන රටක සමහර අම්මල ඉපදුන දරුවන්, ලොකු මහත් කල දරුවන්ද මරා තමුනුත් දිවිනසා ගන්නා රටක, මෙවැනි අම්මලා, තාත්තලා, සීයලා, ගුරු පියවරු, ගැන ඉදහිට හෝ මෙහෙම අහන්න ලැබීම අපගේ ද ඇස් වලටද කදුලක් උපන්නා ද නොවේ. මේ දරුවන් දෙදෙනාට පිහිට වූ ඔබ සියලු දෙනාම රටට ද ආදර්ශයක් මෙන්ම අප රටට ලබූ උතුම් සම්පත්ය. දයාබර වීර දූවරුණි, ඔබලාට තව තවත් ඉදිරියට යාමට ශක්තිය, දිරිය, දෙවියන්ගේ බැල්ම, ඔබහට ලැබේවා. ඒ අපගේ හදවතින් පතන පැතුමය.
හරිම සතුටුයි නංගී ඔයාලා දෙන්නා ගැනම. ඔයාල දෙන්නාටම ඉදිරියටම යන්න සුබ පතනවා
මේ රත්තරන් දුවලා දෙදෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන්නෙමු. අප ජීවත්වන පරිසරයේ මෙවැනි අඩුපාඩු තිබෙන අයට සමාජයේ උපරිමයෙන් සලකන අතර රැකියාවන් ද හොඳින් කරන අතර මග තොටේදිත් මොවුන්ගේ ගමන් බිමන්වලට පහසුකම් මෙන්ම ආරක්ෂාවද හොඳින් ලැබෙන්නේය. අවාසනාවකට අප රටේ මෙවන් අයට ඉතාමත්ම අල්ප පහසුකම් මෙන්ම ආරක්ෂාවද නොමැත. දියවන්නා ඔයේ සිටින අයට යන්තමින් හෝ සිතීමට හැකියාවක් තිබේ නම් මෙවන් දරුවන් හට යම් සේවයක් කල හැකිය.
ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. කිසිම වෙනසක් නොකර මේ දරුවන්ගේ නුවණැස පැදු ගුරුවරුන්ට අපේ ආචාරය.
මේ දරුවන්ට අත, හිත දුන් මෙලොව දෙවිවරුනේ නුඹලාට පින්. දරුවනේ සතුටුයි, ආඩම්බරයි.... ඒත් දුකයි. රජයේ අදාල දෙපාර්තුමේන්තුවලින් මොවුනට උදව් කලයුතු නොවේද?
මෙමෙ අක්ක සහ නංගිට උදවු කිරිමට් සම්බන්ද කල හැකි ආකාරයක් දන්වලා එවන්න උපුල්
මේ දරුවන් ගැන ඉතාම සතුටුයි . මොවූන්ට උපකාර කිරීමට කැමති කෙනෙකුට නම්බර් එක ලබා දෙන්න .
සඳුනි කියන්නේ අක්කා. මේ දෙන්නව බලාගන්නේ එයාලගෙ සීයා. ගොඩාක් ආර්ථික දුෂ්කරතා මැද්දේ තමා මේ අධ්‍යාපන කටයුතු කලේ. සඳුනිගේ විශාල බලාපොරොත්තුව තමයි එයාගේ නංගි රුක්ෂිලාගේ ඇස් ආබාධයට අමතරව ඇවිදින්න අපහසුයි කකුල් දෙකේ ආබාධයක් නිසා.... ඒ නිසා අක්කාගේ එකම බලාපොරොත්තුව ඉගෙනීමෙන් ඉහළට ගොස් රැකියාවක් කරලා නංගිගේ කකුල් දෙක හදා ගන්න. ඒ නිසා හැකිනම් ඒ සදහා උපකාරයක් කරන්න. මේ සඳුනි අක්කාගේ දුරකතන අංකයයි.... 077 218 9022
ත්‍රිවිධ රත්නයේ හා සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ පිහිටෙන් ඔබලා නිරෝගී සුවපත් වේවා!! උදව් කිරීමට කැමති අය යම් අරමුදලක් පිහිටෙව්වොත් විදෙස් වල ජීවත් වන අපට ආධාර කල හැකිවේ...