කාංචන කුමාර ආරියදාස
දඹුල්ලේ තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ 2018 පළමු වසරට ඇතුළත් වු දරුවන්ට මුල් දිනයේම (15) තාවකාලිකව මඩුවක සැකසු පන්ති කාමරයක ඉගෙනීමට සිදුවු සෝචනීය පුවතක් වාර්තා විය.
පළමු වසරේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන වසර 1000 පමණ පැරණි දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ ඇති ගොඩනැගිලි 2 ප්‍රමාණවත් නොවීම සහ අබලන් වීම නිසා මෙදින පාසලට ඇතුළු වු පළමු වසරේ දරුවන්ට මව්පියන් විසින් ඉදිකළ තාවකාලික මඩුවකට සිට පන්ති පැවැත්වීම සිදුව ඇත.
මෙම දරුවන්ගේ මව්පියන් හඬා වැටෙමින් කියා සිටියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන මඩුවකට දරුවන් ඇතුළත් කිරිමට ලැබීම පිළිබඳව කණගාටුවන බවයි. තාවකාලිකව මඩුවේ දුවිලි කෘමි සතුන් සිටින බවද ඔවුහු පෙන්වා දුන්හ.
1 වසරේ සිට පස්වැනි වසර දක්වා ළමුන් සියයක් පමණ ඉගෙන ගන්නා මෙම පාසලේ ගුරු හිඟයක් නැතත් ගොඩනැගිලි හිඟය නිසා මේ තත්ත්වය උදා වී තිබේ. මෙදින අලුත් ඇඳුම් ඇඳගෙන ජිවිතේ පළමුවැනි දින පාසලට පැමිණි දරුවන්ට තාවකාලිකව මඩුවක සිටිමට සිදුවීම සිසු දරු දැරියන්ට නොතේරුණ ද මව්පියන්ට එය වේදනාකාරි සිද්ධියක් බවට එහි ගිය අපට දැක ගැනීමට හැකිවිය.
මෙම විද්‍යාලයේ ඇති ගොඩනැගිලි දෙකක සිසු දරු දැරියන්ට ප්‍රමාණවත් නොවන බවත් මේ වනට විදුහල්පති කාර්යාලය අබලන් වී කඩා වැටීමේ අවදානමකට පත්ව තිබෙන අයුරුද හි ගිය අපට මව්පියන් විසින් පෙන්වන ලදී.
මේ පිළිබඳව විදුහල්පති ඩී.මැණිකේ මහත්මියගෙන් විමසු විට ඇය කීවේ මීට පෙර පළමු ශ්‍රේණියේ පන්ති පැවැත්වුයේ විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ලේ පිහිටි සිසු දරු දැරියන් රංගන ඉදිරිපත් කරන උස් වේදිකාවේ ස්ථානයක බවයි. එම ස්ථානයේ පන්ති පවත්වනවාට අකමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ තමන්ට දෙමව්පියන් මෙවර එම ස්ථානයේ පන්ති පවත්වනවාට අකමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ තමන්ට දෙම්පියන්ගේ හඬට සවන් දීමට සිදු වු බවයි.
මීට පෙර පාසලේ සිටියේ ඉතා සීමිත ළමුන් ප්‍රමාණයක් බවත් ගුරුවරුන්ගේ දක්ෂතා නිසා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යාමත් සමඟ ගම්මානයේ සියලුම දුවා දරුවන් පාසලට ඇතුළත් වීමෙන් ඉඩකඩ ප්‍රශ්න මතුවු බවයි.
ශිෂ්‍යත්ම විභාගයෙන් මෙන්ම විවිධ තරග විභාගවලින් භාෂා ත්‍රිත්වයෙන්ම දක්ෂ දරුවන් බිහි කිරිම නිසා දෙමව්පියන් පාසලට තම දරුවන් ඇතුළත් කිරිමට පෙළඹී සිටින බවද ඇය වැඩිදුටත් සඳහන් කළාය.
පවතින ගොඩනැගිලි හිඟය පිළිබඳව තමන් අදාල බලධාරීන්ට දැනුවත් කර තිබෙන බවත් ඉදිරියේ දී ගොඩනැගිල්ල ලබාදීමට පොරොන්දු වී තිබෙන බවත් ඇය කීවාය.
අලුතින්ම ඇතුළු වු පාසල් සිසු දරු දැරියන්ව තාවකාලිකව මඩුවේ ඉගෙනීම් කටයුතු සිදු කරද්දී කුහුඹුවන් දෂ්ට කරන ආකාරය අපට දැකගැනීමට හැකිවිය. දෙමව්පියන් කියා සිටියේ කවුරුන් හෝ ඉදිරිපත් ව තම පාසලට කුඩාවට හෝ පන්ති කාමරය සකසා දෙන ලෙස ඉල්ලීමක් කරන බවය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 70ක සංවර්ධනයේ ප්‍රථිඵල. කෝටි ගනන් මුදල් කාබාසිනියා කරලා ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපොලවල් හදන්නේ නැතුව මේ වගේ අසරණ දරුවන් ඉන්න පාසැල් වලට පන්ති කාමර ටිකක් හදලා දුන්නනම් මොන තරම් දෙයක්ද? මහත්මා ගාන්ධිතුමා කීවේ අධ්‍යාපනය තමා රටක හොඳම ආයෝජනය කියලා. අපේ රටේ පාලකයින්ටනම් තමාගේ සාක්කුවට ලොකුම කොමිස් කුට්ටිය වැටෙන එක තමා හොඳම අයෝජනය.
පාසැල වසර 1000ක් පැරණියි? ඒක නම් නිවැරදි වෙන්න බෑ. මෙතන වෙලා තියෙන දේ තමයි පාසලට ඉක්මණින් ගොඩනැගිල්ලක් ගැනීමට උත්ප්‍රේරකයක් විදිහට කලින් පන්ති පවත්වපු තැන අත්හැරලා දෙමව්පියන් ලවා මඩුවක් සෑදවීම. පාසැල බලාපොරොත්තු නොවූ විදිහට පළමු වසරට ළමයි ආපු නිසා මේ ගැටළුව වෙලා තියෙන්නේ. ගුරු හිඟයක් නෑ කියන්නේ පාසලෙන් අදාල වෙලාවට ගුරු අවශ්‍යතා කියලා ඉල්ලගෙන තියෙනවා කියන එක. ඒත් ගොඩනැඟිල්ලක් ඉල්ල ගන්න ප්‍රමාද වෙලා.
මේ පළාතේ මන්ත්‍රීලට වාහනයක් නැතුව ඇති මේවා බලන්න යන්න. වටිනා වහනයක් අරන්දෙමු මන්ත්‍රීතුමාට
කොළඹ ලොකු ඉස්කෝල වලට කෝටි ගනන් වියදම් කරලා පිහිණුම් තටාක හදද්දී රටට බත සපයන දඹුල්ලේ අසරණ ගොවි ජනතාවගේ දරුවන්ට හරක් ගාලකටත් අන්ත ඉටිරෙදි මඩුවක්. බත් කන මිනිස්සු විදිහට අපි ලැජ්ජා වෙන්න ඕන.
අනේ මේ රත්තරන් පැටවූ ටික දකින විට අප රටේ තිබෙන දේශපාලකයන් කෙරෙහි පුදුම කලකිරීමක් ඇතිවන්නේ. කොළබ පාසල්වලට උපරිමයත් අනිත් පාසල් වලට අවමයත් මෙම ලිපියෙන් මනාලෙස පැහැදිලි වෙනවා.
ටැබ්ලට් පරිගණක විතරමයි මේ ළමයින්ට අඩු.
ටැබ්ලට් පරිගණක විතරමයි මේ ළමයින්ට අඩු.
කොළඹට කිරි ගමට කැකිරි සටන් පාඨය අදටත් වලංගුයි. නගරයේ ප්‍රධාන පාසැල් වලට කෝටි ගනන් මුදල් වියදම් කරමින් පිහිණුම් තටාක, ශ්‍රවණාගාර ඉදි කරද්දී ගමේ පාසැලේ අහිංසක දරුවො හරක් ගාල් වගේ පොලිතින් මඩුවල අකුරු කරනවා. රටට බත සපයන දඹුල්ලේ අහිංසක ගොවීන්ගෙ දරුවො මෙහෙම දුක් විඳිද්දි බත් කන මිනිස්සුන්ට ඇස් පියාගෙන ඉන්න පුළුවන්ඳ?
මහා බැංකුව කඩලා ගත්ත සල්ලි වලින් සුපිරි පාසල් කියක් නම් හදන්න තිබ්බද, දකිද්දී පපුව පැලෙන්න එනවා මේවා දැක්කම.
මේ විදුහල්පතිම කියනවා කලින් පන්ති තිබ්බ තැන දැන් පන්ති තියන්න දෙන්න බෑ කියලා.. මේ දෙමව්පියෝ කියනවා කියලා. එතකොට මේ මඩුව ඊට හොඳයි. ළමයි පෙන්නලා මාධ්‍ය සංදර්ශන තියනවා කියන්නේ ඕකට. පාසලට ගුරුවරුන්ගේ හිඟයක් නෑලු. ඩෙස් පුටුත් හොඳ තත්ත්වයේ තියෙනවා. හදිසියේ ළමයි වැඩි වුනාම ඒක පෙන්වලා කලින් පන්ති තියපු තැනින් මඩුවකට ඇවිල්ලා. හරියට මඩුව විතරයි තියෙන්නේ වගේ. අනික මේ වගේ ප්‍රශ්න වලට නගරයේ පාසැල් වලට වග කියන්න බෑ. නගරයේ පාසැල් දියුණු වෙන්න මූලිකම හේතුව, ආදි ශිෂ්‍ය සංගම් තමන්ගේ පාසැල් ගැන හොයලා බලන එක.
මන්ත්‍රී තුමාට වාහනයක් දීල විතරක් මදි. තිත්තවෙල්ගොල්ල ඉස්කෝලෙට යන්න පාර පෙන්නන්නත් වේවි...!
මෙයාල ගහපු ගැහිලිවල විදියට ළමය ජීවත් වෙලා ඉන්නවා දකිනත් පුදුමයි .මෙයාලට මොන ඉස්කොලද ගොඩනැගිලිද නේද අගමැතිතුමෝ. අනාගත වහල්ලු ටික අපනයනට ලෑස්ති කරමු නේද අගමැතිතුමා
"හොඳම දේ දරුවන්ට" කියන එක වත් නොදන්නා මී හරක් වැනි අධ්‍යාපන බලධාරීන් ඉන්නේ දඹුල්ලේ විතරද?
මේවට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන. ඒ අය ලග පාසැල්වල අවශ්‍යතා ලැයිස්තුවක් නැද්ද. දේශපාලකයෙක් උනත් මේවගේ පාසැලකට ආධාර කරන්න ගියාම හරස් වෙයි කියල හිතන්න අමාරුයි මේ දරුවො දැක්කම. අනික අපේ පාසැල් නැසී යාමේ තර්ජනයක් තිබුණ නිසා මේ වගේ පාසැල් නගා සිටුවීම අධ්‍යාපන අමාත්‍යාංශයේත් වගකීමක්. ඒ අය දන්නේ කොළඹ ගැන විතරයි. සීත කාමරවල ඉදන් ලෝකේ ගැනවත් ඉදිරි අවුරුදු විසිපහ ගැනවත් නොහිත සැලසුම් හද හද ඉන්නවා.