IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සැත්කම් පහසුවට රොබෝ සර්පයෙක්

උරගයෙකු මෙන් බඩගා යා හැකි රොබෝවක් නිර්මාණය කිරීමට හාර්වඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

සර්පයකුගේ චලනය සමාන හැසිරීමක් දක්වන මෙම රොබෝව නිර්මාණය කිරීම සඳහා "ඔරිගමි" නිර්මාණ කලාවේ එක් ප්‍රබේදයක් වන "කිරිගමි" නමින් හඳුන්වනු ලබන කඩදාසි කැපීමේ කලාව විද්‍යාඥයින් උපයෝගී කරගනු ලැබ තිබේ.

සර්පයන්ට ඉදිරියට බඩගා යෑමට උපයෝගී වන ප්‍රතිචලිත සමේ චලනයට අනුරූපි වන අයුරින් කැපුම් සහිත ප්ලාස්ටික් මතුපිටක් , ඇදෙන සුළු නළයක් වටා එතීම ඔස්සේ  මෙම රොබෝව නිර්මාණය කිරීමට පර්යේෂකයින් කටයුතු කර ඇත.

අනාගතයේ දී මෙම රොබෝ සර්පයා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදාගැනීමට හැකිවනු ඇති බවට ද හාවර්ඩ් සරසවියේ පර්යේෂකයෝ පවසති.

එසේම ශල්‍යකර්ම ඇතුළු වෛද්‍ය විද්‍යාත්මක අරමුණු සාර්ථක කර ගැනීම සඳහා මෙම රොබෝ තාක්ෂණය උපයෝගී කර ගැනීමට ද විද්‍යාඥයින් බලාපොරොත්තු වේ.

විශේෂයෙන්ම ලැපරොස්කොපික් සැත්කම් සඳහා මෙම රොබෝ තාක්ෂණය භාවිත කිරීමට හැකි වනු ඇතැයි ඔවුහු කියති.

ලැපරොස්කොපික් වර්ගයේ බොහෝ සැත්කම් උදර කුහරය සහ උකුළු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරනු ලබයි.

සිහින් උපකරණ කීපයක් යොදා ගනිමින් සිරුරු කුහරයක  අවම මැදිහත් වීමකින් යුතුව එම සැත්කම් සිදුකරයි.ඒ අනුව එම සැත්කම් අවම කැපුමකින් සිදුකළ හැකි අතර එබැවින් රෝගියාට දැනෙන වේදනාවද අවම වේ.

ඩේලි මේල් අනුග්‍රහයෙනි

(සැකසුම - නිසංකා සංදීපනී)



අදහස් (0)

සැත්කම් පහසුවට රොබෝ සර්පයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site