ලොව සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට තවමත් ජංගම දුරකතන සංඥාවලට ළඟා වීමට නොහැකිය. ඒ අනුව බලන විට ලෝක ජනගහනයෙන් බිලියන හතරකට තවමත් ඩිජිටල් සන්නිවේදන තාක්ෂණයට ප්‍රවේශවීමට නොහැකි වී තිබේ. කෙසේ නමුත් පිරිවැය අඩු කුඩා චන්ද්‍රිකාවලින් ජංගම දුරකතන සේවා සැපයීමේ අවස්ථාව දැන් උදා වී තිබේ.
පිරිවැය අඩු, අභ්‍යාවකාශය පදනම් කරගත් ජංගම දුරකතන සේවා සැපයීම ඉතා ඉක්මනින් යථාර්ථයක් බවට පත් කරගැනීමට ‘ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්’ සමාගමේ ‘නැනෝ චන්ද්‍රිකා’ ක්‍රමවේදය ඔස්සේ හැකියාව ලැබෙනු ඇතැයි බොහෝ පිරිස් විශ්වාසය පළ කරති.
‘ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්’ සමාගම මේ වනවිටත් ‘නැනෝ චන්ද්‍රිකා’ සමූහයක් අභ්‍යාවකාශයට යවා තිබේ. ඔබ ගන්නා දුරකතන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් සහිත සංඥා එක් නැනෝ චන්ද්‍රිකාවකට යන අතර එය ඊළඟ නැනෝ චන්ද්‍රිකාවට යවයි. එයින් පසු අදාළ පුද්ගලයාට ඔබ ගන්නා දුරකතන ඇමතුම හෝ කෙටි පණිවිඩය ලැබෙයි.
“පෘථවියේ ඡායාරූප ගැනීම සඳහා ‘නැනෝ චන්ද්‍රිකා’ භාවිත කිරීම ගැන අපි හිත හිතා හිටියා. එහෙත් දුරකතන හා කෙටි පණිවිඩ සන්නිවේදනය සඳහා ‘නැනෝ චන්ද්‍රිකා’ යොදා ගැනීමට හැකි වේවි යැයි අපි කවුරුවත් හිතුවේ නැහැ. එහෙත් අපට එය කිරීමට හැකියාව ලැබුණා. එය කළ පළමු කණ්ඩායම අපි” යැයි ‘ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයර් මෝලම් පැවසීය.
වසර 2020 දී මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිත අතර නිරක්ෂ ආසන්න කලාප ඉලක්ක කරගනිමින් කෙටි පණිවිඩ, හඬ සහ දත්ත හුවමාරු කිරීමේ සේවා ලබාදීමට නියමිතය. මුල් අදියරේදී ලතින් ඇමෙරිකානු සහ අප්‍රිකානු රටවල් ආවරණය වන අතර බිලියන තුනක පමණ ජනගහනයකට සේවා සැපයීමට නියමිතය.
“දැරිය හැකි ජංගම දුරකතන සේවා ලබාදීම සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සහ සමාජ සංවර්ධනයට ඉතා වැදගත්” යැයි මෝලම් කීය. “අපේ ව්‍යාපෘතියට එක්සත් ජනපද ඩොලර් මිලියන 150කට ආසන්න මුදලක් යනවා. එය එක් සම්මත සන්නිවේදන චන්ද්‍රිකාවක් සඳහා වැයවන මුදලට වඩා ඉතා අඩු මුදලක්. පිරිවැය අඩුයි වගේම තාක්ෂණය ඉහළයි. මේ ක්‍රමවේදය ඔස්සේ අවම බාධා යටතේ අපට සන්නිවේදන කටයුතුවල යෙදෙන්න පුළුවන්” මෝලම් තවදුරටත් කීවේය.
බී.බී.සී ඇසුරිනි
055




2025 නොවැම්බර් මස 04
323
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2136
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිලියන හතරකට තවම ඩිජිටල් පහසුකම් නෑ
දිලාන් Sunday, 25 February 2018 06:15 AM
අපිට නම් මොනවා නැතත් ඩිජිටල් ඇමති කෙනෙක් ඉන්නවා.