රජරට ප‍්‍රධාන නගරයක පාසලකි. එහි පස්වන ශ්‍රේණියේ සිසුනට නියමිත ශිෂ්‍යාධාර විභාගය වෙනුවෙන් පෙරහුරු ප‍්‍රශ්න පත‍්‍රයක් ගුරුවරියක විසින් දෙනු ලැබුවාය.
එම ප‍්‍රශ්න පත‍්‍රයේ අවසාන ප‍්‍රශ්නයෙන් ”අපට සිදුවන ස්වභාවික විපත්” ගැන වාක්‍ය හතරක් ලියන්නැයි සඳහන් කර ලැබීය.
පන්තියේ සිසුවෙක් ඊට පිළිතුරු ලියා තිබුණේ මෙසේය.
1. අපට සිදුවන විපතක් තමයි සැමදාම පාසල් යාම.
2. අපි ස්වභාවික විපතෙන් ගොඩඒමට අවරුදු ගාණක් සිටියෙමු.
3. අප ශිෂ්‍යත්වය ලියා සාමාන්‍ය පෙළ ලිවීමෙන් පසු විපත අවසන් වේ.
4. මම අපේ පාසලෙන් ගොඩට ඒමට මහන්සි ගන්නෙමි.
පිළිතුරු පත‍්‍රය බලමින් සිටි ගුරුවරියට සිනහව මතුවූවත් එය ආයාසයෙන් මැඩගත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂෙරිෆ් ඉතිරි ටිකට මම උදවු කරන්නම්, තම්බි එකකට එකක් පෙන්න මේ ධර්මද්වීපයේ පල්ලි හදනවා. සිංහල කෙල්ලන්ට බොරු ලනු දීල බන්දගෙන් ලිංගික සුරකමට ලක් කරනවා. එදා සිරි ලක කුබුරු වැඩට උදවු කරපු හරකව මරාගෙන කනවා.ඔය වගේ තියෙද්දී ළමයන්ට පරිසරය නෙවි සමජයවත් පෙන්නන්න පුලුවන්ද නේද? (අ)
මේ දරුවා ලියල තියෙනවා හරිනේ. විනෝදයක්, නිදහසක් නැහැ. ඉස්කෝලෙන් පස්සේ පන්ති. ඔය ගුරුවරු ඉස්කෝලෙන් පිටවෙන්නේ බාගෙට උගන්වලා දරුවන්ටත් කලින්. මොකද බාහිර පන්තිය පටන් ගන්න.එතැනදී ඉතුරු ටික සල්ලි වලට.මමත් අවුරුදු තුනක් මගේ දුව අරගෙන ගියා.වයස අවුරුදු දහයෙන් එංගලන්තෙට ආවේ කිසිම ඉංග්‍රීසි දැනුමක් නැතුව. පස්වැනි පන්තියේ සති දෙකක් ඉගන ගත්තා.අවුරුදු 21 වෙනකොට උපාධි දෙකක් අරගෙන.දැන් පී එච් ඩී කරනවා.මෙහෙ ඔය බාහිර පන්ති කිසිම තැනක තිබුනේ නැහැ.හවස තුනට ස්කොලේ ඇරලා ගුරුවරු පැය දෙකක් විදුහල්පතිත් එක්ක ඉස්නෝලේ සාකච්චා කරන්න ඕනෑ. නිවාඩු නම් නිවාඩු. හැම බැංකු නිවාඩුවක්ම සදුදා දවසක් ගන්නේ දවස් තුනක් දිගටම දරුවන්ට විනෝදවෙන්න.ලංකාවේ අධ්‍යාපනය අනාගන්නවා. ගහනවා නොවේ දරුවන් විසින් ගස්සවා ගන්නවා.දරුවෝ පව් පුරවා ගන්නවා. (නි)
දරුවන් හරි. ඔවුන් මනසින් හැසිරෙන්නේ, ප්‍රශ්න කරන්නේ, අවට පරිසරයෙන් දකින දේ අධ්‍යයනය කරමින් ජීවත් වෙන්නේ. ළමා මනසට තේරුම් කරලා දෙන වැඩිහිටියො ගුරු දෙගුරුන් මේ බව තේරුම් ගන්න ඕනෑ. පොතපතට පෙර ළමයව පරිසරයට යොමු නොකිරිමේ වරදයි මේ. (නි)
දැන් දණ ගස්සන විදියට පාසල් යන එක විපතක් තමයි ! (නි)
මේ දරුවාව ශිෂ්‍යත්ව විබාගෙට නොතියාම ජාතික පාසලකට දාන්න. ශිෂ්‍යත්වයකුත් දීලා උගන්වන්න. මොලේ තියෙන ළමයෙක්. (නි)
අපි අපේ ළමා කාලයට අනුරූපව ළමයින් තක්සේරු කරන්න යෑම අනුවන ක්‍රියාවක්. දැන් ළමයින් හරිම බුද්ධිමත්. ඒ අයට තොරතුරු ලැබෙන මාර්ග ගොඩක් තියෙනවා. ඒවා ගැන දෙමාපියන් අවබෝධයෙන් සිටිමෙන් තම දරුවන් යහපත් ගමනාන්තයකටත් නොදැන සිටිම ඔවුන්ගේ අනාගත අදුරු විමටත් බලපානවා. පාසල් තරගය වැඩිවිමටත් එක හේතුවක් වෙන්නේ ළමයින් අතර ඉගනිමට තිබෙන තරගයයි. මේ තරගයට සමහර ළමයින් සුදානම් නැහැ. ඔවුන් ඒක දකින්නේ කරදරයක් විදියට. හැබැයි ඒක ළමයින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. කොහොමත් මගේ පිලිගැනිම නම් බලෙන් හරි ළමාකාලය සෙල්ලම්ට සහ විනෝදයට ගන්න දරුවෙක් අන් සෑම දෙනා අභිබවා ඉදිරියට යනවා කියන එක.(නදී)
කාට බොරු කලත් පොඩි එවුන් ඇත්ත කියනවා. පහේ ශිෂ්‍යත්වය මහා විපතක් බව දෙමවුපියෝ නම් සැහෙන කලක පටන් දන්නවා. පොඩි එවුනුත් ඒක දන්නා බව දැන් පේනවා. ඇත්තම කියනවා නම් මේක හිනාවෙන්න නෙමෙයි අඬන්න කාරණයක්. (නදී)
මේ දරුවා අනාගතයේ පාර්ලිමේන්තුවට යන ලකුණු ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙය දරුවාගේ බුද්ධිමත් බව කෙසේ වෙතත් මෝඩකම හොදින් ප්‍රදර්ශනය කල අවස්ථාවක් (නි)
අවුරුදු ගානක් පාසලට වී සිටීම තමයි අපේ ලංකාවේ තියන ප්‍රධාන විපත. පොතට හුරුවී අන්තිමට ජීවත් වීමට හැකියාව නැති වෙනවා. පාසැල නමය වසරෙන් ඉවරකර ඉන් පසු වෘත්තීය පුහුණුවට යොමු කල යුතුයි . එතකොට රට දියුණු වෙනවා.(නි)
පහන් කොහෙද අනේ ඔයා ඉන්නේ ?කොහේ උනත් එතන රස සාගරයක් කියල මට හිතෙනවා.(නදී)
ඊට පස්සේ ටීචර්ව දණගස්සවයිද දන්නෙ නැහැ තාත්තට කියලා? (නි)
අනේ දරුවෝ හරී පව්. ඇත්ත කියලා තියෙන්නේ. දරුවෝ මොන තරම් පීඩනයකින් ද ඉන්නේ කියලා තේරෙනවා. නමුත් විපත පටන්ගන්නේ උසස් පෙළින් (නි)
අපේ කාලෙ ඉස්කෝලෙ 8 වසරෙ බුද්ධාගම ප්‍රශ්න පත්තරේ තිබුන තුන් දොර නම් කරන්න කියලා. ඒකට මගෙ මිත්‍රයෙක් ලිව්වා, පන්සලට ඇතුල්වෙන දොර බුදු ගෙට ඇතුල්වෙන දොර දේවාලෙට ඇතුල්වෙන දොර කියලා (නි)
ඒ වගේ තමා දරුවෙක් ගදකිළිය යන පදයට සමාන පදයක් ලෙස ලියා තිබෙනවා වැසිකිළිය කියලා(නි)
පුංචි ළමයි හරිම විවෘතයි (නි)
රජරට උපන් දරුවෙක්. පන්තිය 5 හේ වුනත් ,රජ කියමන් ටිකක් ලියලා තියෙන්නේ. සැබැවින්ම දක්ෂයෙක් බව පෙනී යනවා.හොඳ නිර්මාණයක්! (නි)
වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ජාතික වීරයෙක් කියලා ටීචර් කිව්වහම ළමයා අහලා ටීචර්, එයා හයේ පාරවල් කීයක් ගහලා තියනවද කියලා.ඇයි දැන් නිතරම ඇහෙන්නේ තරගයේ වීරයා ,තරගාවලියේ වීරයා කියලනේ (නි)
මටත් පොඩිකාලෙ හිතුනෙ එහෙමයි (අ)
ටීචර් කෙනෙක් දවසක් කිවුවලු භෞමික අඛණ්ඩතාවය ,පරමාධිපත්‍යය , සෛවරීභාවය වගේ වචනයක් කියන්න කියලා. කොල්ලා කිව්වලු කන්‍යාභාවය කියලා (නි)
ජයලාල් හදන්නේ මැතිනිගෙ කරත්තේ ආයෙමත් දක්කන්නයි.(අ)
දරුවන්ට විතරක් නෙවේ දෙමාපියන්ටත් ඒකම තමා වෙලා තියෙන්නේ. එක එක දේවල් වලට මුදල්. පන්තියේ ටිචර්ගේම හවස පන්ති. අමතර පන්ති. හවසට ළමයා ගෙදර ආපුවම ගෙදරදී කරන්න දීලා තියන හෝම්වර්ක්..........අනේ මන්දා ?? (නි)
පහන්ගේ කතාවට ඔක්කොටම වැඩිය හිනා යනවා. (නි)
රංජනී ලන්ඩන් ..මම ඔයාගේ කීම 100%ක් නිවැරදි කරනවා ...! මමත් වැඩ කරන්නේ රෝයල් කෑම්ප් එකක මගේ දරුවත් 12,මෙහෙට ,ඈවිත් මාස 9යි ලංකාවෙන් එන විට ඉංග්‍රීසි කොහෙත්ම බැහැ, දැන් හොදට අධ්‍යාපනය හදාරණවා මෙහෙ ළමය වගේම ...ඒ අධ්‍යාපනය ළමයිනට දෙන ක්‍රමයේ නිවැරදි කමය ...? (අ)
කතාවනම් ඇත්ත. දැන් පොඩි ළමයින්ට ළමා කාලයක් නැනේ? ඉස්කෝලෙයි, බාහිර පන්තීයි, දෙක හැර වෙන ජීවිතයක් ළමයින්ට නෑ. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුයි. නැත්නම් අනාගතයේදී බිහි වෙන්නේ හැගීම් දැනීම් නැති රොබෝලා.(නදී)
ගුරුවරියන්ටත් දැන් පාසල් යාම ස්වභාවික විපතක් නොවැයි? විශේෂයෙන් නවගත්තේගම පැත්තේ (නි)
දෙයියෝ සාක්කි, පාසල් ළමයිම මෙහෙම කියනවානම් අපි මොකද කියන්නේ (දී)
මේක සම්පුර්ණ බොරුවකි. පහේ ඉන්න ළමයෙක් සාමාන්‍ය පෙළ ගැන කතා කරන්නේ නැත. (දී)
දවසක් ටීචර් ළමයින්ට හරකා තණ කනහැටි අදින්න කිවුවලු. හැමෝම ලස්සනට චිත්‍රය ඇදලා තිබුනලු. ඒත් එක කම්මැලි ළමයෙක් සුදු කොලයක හතරැස් හිස් කොටුවක් පමණක් ඇදලා ටීචට දුන්නලු. ඊට පසු ටීච ඇහුවලු කෝ ළමයෝ හරකා කියලා. හරකා තණකොළ ටික සේරම කාලා යන්න ගිහින් කියලා ළමයා උත්තර දුන්නලු. (නි)
පොඩි එක්කෙනාට ලකුණු සියයම දෙන්න වටිනවා අදහසට. (ත)
රූපවතී අක්කට බාගෙට පිස්සු, පොත පතට පෙර ළමයව පරිසරයට යොමු නොකිරිම වරදක්ලු. වර්තමාන පරිසරය බලන්නත් බය හිතෙනවා. පළාත් සභා ගුටි කෙලි, ගව ඝාතනාගාර, නීති විරෝධී කස්ස්පු පෙරන තැන්, නීති විරෝධී නැති තැබෑරුම්, සූදූ පොළවල් සංඝයා වහන්සේලාගේ පෙළපාලි, අනේ ඉතුරුටික ලියන්න උදව් කරන්නකෝ.(නදී)
ළමයාගේ ඇති නිවැරදි චින්තනය , දැක්ම, තර්කානුකූල භාවය මෙවන් යමක් ඉගෙනීමට තිබේ.(නදී)