IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


සැමියා වැඩිමිලට ගෙනා වී ගෝනිය බිරිය පුතාගේ මෝටර් රියට පටවලා

දකුණු පළාතේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක ජීවත් වූ ඔහු ප‍්‍රදේශයේ ප‍්‍රකට ගොවිමහතෙකි. පසුගියදා අස්වනු වැඩි වී වර්ගයක් ගැන ආරංචියක් ලැබ ප‍්‍රදේශයේ ගොවි ජනසේවා මධ්‍යස්ථානයට ගිය ඔහු බිත්තර වී බුසල් දෙකක් රැගෙන ආවේ වැඩි මිලටය. ගෙදරට ආ විගසම ගොවි කන්න රැස්වීමට යාම සඳහා වී ගෝනිය වී ගබඩාවේම දමා ආපසු ගියේ බිරියටවත් මේ ගැන නොකියාය. අගනුවර සිටින ලොකු පුතා මිතුරකුගේ උත්සවයකට සහභාගි වී ආපසු යන ගමන් ගෙට ගොඩවිය. ඒ මොහොතේම ආපසු යන බව කී නිසා හැමදාමත් කරන දේ සිහිවී ඇය පුතාගේ මෝටර් රථයට වී ගෝනියක් දැම්මෙව්වාය. සවස ගෙදර ආ සැමියාට බිරිය මේ තොරතුරු කීවෙන් ඔහු කලබලයේ වී ගබඩාවට ගොස් දී ඇත්තේ බිත්තර වී ගෝනිය බව දැන පුතාට කඩිනමින් දුරකථන ඇමතුමක් ගත්තේය. ”තාත්තේ මම එමින් ගමන්ම ඒක වී මෝලෙන් කොටාගෙන ආවා” ඔහු කීවෙන් පියාට දෙවියන් සිහිවිය.



අදහස් (0)

සැමියා වැඩිමිලට ගෙනා වී ගෝනිය බිරිය පුතාගේ මෝටර් රියට පටවලා

රමණි Monday, 10 December 2012 07:58 PM

වැඩි පාඩුවකත් නැහැ. (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 06 December 2012 01:52 PM

ගෙදර බුදුන් අම්මා! අම්මා බුදුවේවා! (නි)

:       0       0

රොෂාන් Thursday, 06 December 2012 07:47 PM

ඕවනම් මොනවද අප්පා, අද වෙන දේවල් වල හැටියට? (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 06 December 2012 09:02 PM

ගැහැණු කොහොමත් මෝඩයි. කිසිදෙයක් හොයලා බලන්නේ නැහැ. (නි)

:       0       0

සුනිල් Sunday, 09 December 2012 03:15 PM

අයියෝ සල්ලි, ම්ක්ම්ක් නැහැ පුතානේ (දී)

:       0       0

සනත් Friday, 07 December 2012 11:35 AM

පුතෙකුට සලකන අම්මෙක් මෝඩ ගැහැණියක් වගෙ පේන්නෙ තවත් මෝඩයෙකුට පමණයි..ඒ අම්මට බැනුම් මැද්දෙ උනත් සතුටක් දැනෙන්න ඇති.. (ස)

:       0       0

සම්පත් Thursday, 06 December 2012 03:57 PM

ඒ කියන්නේ පුතා වී ගෝනියම කැකුළු හාල් කොටලා. . .(ස)

:       0       0

සරත් Friday, 07 December 2012 02:31 AM

පුතාටනේ මොකද වෙන්නේ (දී)

:       0       0

කුරුවිට Tuesday, 11 December 2012 10:04 PM

ෂෙරීෆ්, ඔයාව මේ ලෝකයට බිහිකළේ කවුද? (නි)

:       0       0

ෆ්‍රැන්සි Friday, 07 December 2012 01:08 PM

මවකගේ වටිකානම තේරුම්ගත් සියල්ලන්ටම මගේ ප්‍රණාමය! (නි)

:       0       0

චානක Thursday, 06 December 2012 11:49 AM

හහ්..හහ්..හා (ස)

:       0       0

අමිල කටුනායක Friday, 07 December 2012 06:07 AM

අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ (ස)

:       0       0

සජී Thursday, 06 December 2012 11:54 AM

පව් අහිංසක අම්මයි තාත්තයි (ස)

:       0       0

සිල්වා Thursday, 06 December 2012 12:01 PM

ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට.......(ස)

:       0       0

හේරත් Monday, 10 December 2012 12:13 AM

කමක් නැහැ පුතානේ (දී)

:       0       0

තිමාල් Saturday, 08 December 2012 11:53 AM

අම්මෙක් මෝඩ ගැහැණියක් වගෙ පේන්නෙ කාටද කියලා මම කියන්න ඕනි නෑනේ (ස)

:       0       0

ලලින්ද Saturday, 08 December 2012 07:13 PM

අම්මෙක් අප්පෙක් මෝඩ වගෙ පේන්නෙ කොහොම අයටද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 08 December 2012 12:30 PM

ගැහැණු මොලේ හැදි මිටේ කියලා කතාවක් තියෙනවනේ (ස)

:       0       0

දුමින්ද Thursday, 06 December 2012 12:57 PM

පවුලේ අය අතරේ සම්බන්ධතාව අඩු නිසා තමයි මෙහෙම වෙන්නේ (ස)

:       0       0

වරුණ Thursday, 06 December 2012 12:51 PM

කොහොමත් තාත්තගෙන් පස්සේ පුතාටනේ අම්මගේ සැලකීම් (ස)

:       0       0

කමල් Friday, 07 December 2012 08:51 AM

ෂෙරීෆ් වෙත, අම්මා කෙනෙකුගේ අනූපමේය ආදරයට කරුණාවට එහෙම ගරහන්න එපා....! ඒ තාත්තා වී ගෝනිය ගැන දුක් වුණාට අම්මා ඒ ගැන සතු‍ටු වෙනවා ඇති. එහෙමයි රත්තරං අම්මලාගේ ආදරය........! තෙරුවන් සරණයි....! (නි)

:       0       0

බුද්ධික Thursday, 06 December 2012 01:22 PM

හරි ශෝක්නෙ (දී)

:       0       0

රාස් Monday, 10 December 2012 07:16 AM

මුස්ලිම් කට්ටියට අම්මා කෙනෙක් ගේ හරි කිසිම ගෑනු කෙනෙක් ගේ හරි වටිනාකම තේරෙන්නේ නැහැ. ෂෙරිෆ් ගැන මම කියන්නේ. (නි)

:       0       0

සරත් Thursday, 06 December 2012 01:29 PM

තව වී ගෝනියක් ගේමුද තාත්තේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 06 December 2012 01:35 PM

පුතා ඇවිත් තියෙන්නේ වී ගෙනියන්නමයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site