IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වතාවක් විදුලි උපකරණ සොරාගත් සොරා දෙවැනි වතාවේ ගෙයි බඩු ගෙනයන්න ඔරුවකින් ඇවිත්

අනුරාධපුර පන්ඩුලගම ප‍්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ නිවෙසකට ඇතුළු වූ සොරෙක් එහි තිබී මුදල් විදුලි උපකරණ හා තවත් භාණ්ඩ කිහිපයක් සතිදෙකකට පමණ පෙර රැගෙන ගියේය.සොරකම කිසිවකුටත් අසු නොවූ නිසා ඔහු නැවත වරක් රාත‍්‍රී කාලයේ ඒ නිවෙසට ඇතුළු වූයේ තවත් සොරකමක් කිරීමටය.ව්‍යාපාරිකයාගේ නිවෙස තුළ තිබූ යම් භාණ්ඩ කිහිපයක් අඩු වී ඇති බව තේරුම්ගත් ව්‍යාපාරිකයා සොරා අල්ලා ගැනීමට උපක‍්‍රමයක් යෙදීය. වට පිටාවේ අසල්වැසියන් සමග සැඟවී සිටි ව්‍යාපාරිකයාට තම නිවෙසට පුද්ගලයෙකු ඇතුළු වූ බව පෙනිණ.ඔහු ඒ බව වහාම පොලීසියට දැනුම් දුන්නේය. පොලිස් කණ්ඩායමක් කඩිනමින් එවන්නේ යැයි නිලධාරියෙක් ව්‍යාපාරිකයාට දැනුම් දී උපදෙස් දුන්නේ අසල්වැසියන් සමග නිවෙස වටලාගෙන සිටින ලෙසයි.ව්‍යාපාරිකයා එය අකුරටම ඉටුකළේය.පොලිසිය නිවෙසට ගොස් සොරා අල්ලා ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කළේය. අසල්වාසීන් නිවෙස වටකරගෙන සිටියදී පොලීසිය නිවෙසට ඇතුළුවිය. නිවෙස ඇතුළත සෝදිසි කළත් සොරා නොසිටි අතර වැඩිදුරටත් සිදු කළ පරීක්‍ෂාවේදී දුටුවේ වහලේ සිවිලිම මත සොරා වකුටු වී සිටි අයුරුයි.සොරා අත්අඩංගුවට ගත් පසු ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ මුල්වතාවේ සොරකමෙන් පසු දෙවැනි වරට ආවේ නිවසේ තිබූ ගෘහ භාණ්ඩ රැගෙන යාමට බවයි.ව්‍යාපාරිකයාගේ නිවෙස පිහිටා තිබුණේ ගමේ වැව ඉස්මත්තේය. වැවේ තිබූ ඔරුවක් පැදගෙන මේ පුද්ගලයා සොරකමට පැමිණ ඇති බවද හෙළිවිය.



අදහස් (0)

වතාවක් විදුලි උපකරණ සොරාගත් සොරා දෙවැනි වතාවේ ගෙයි බඩු ගෙනයන්න ඔරුවකින් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site