IMG-LOGO

රිය අනතුර ගැන හොයන්න පොලිසිය නාවැයි යහපාලනයට දෝස්මුරයක්

කොළඹ අතුරු මාර්ගයක වේගයෙන් ධාවනය වූ මෝටර් රථය වංගුවකදී නවතා තිබූ යතුරුපැදිවල ගැටිණි. යතුරුපැදි කිහිපයක් බිම පතිත විය. රථය නොනවත්වාම ධාවනය වූවත් යතුරුපැදි හිමිකරුවෝ මෝටර් රථය අසීරුවෙන් නැවැත්වූහ.


රියදුරු අසුනේ සිටියේ බීමත් තැරණයෙකි. යතුරුපැදි හතරකට හානි සිදුවී තිබිණි. ”බලනවා තමුසෙගෙ වැඩ හින්දා අපේ අලූත් සයිකල්වලට වෙච්ච දේ” තරුණයෙක් කෝපයෙන් පැවැසීය. එවිට බීමත් තරුණයා ”හරි හරි ඔය සයිකල් ඔක්කොම මම හදලා දෙන්නම්” යැයි කීය. බිමත් තරුණයාගේ මිතුරන් කිහිපදෙනෙක් එතැනට පැමිණ ” ඕවාට ඉන්ෂුවරන්ස් ගෙවන නිසා උඹ සල්ලි දෙන්නේ මොකටදැයි” පැවසූවිට යතුරුපැදි හිමි තරුණයන් සේවය කරන ආයතනයේ උසස් නිලධාරියෙක් 119ට ඇමතුමක් ගත් අතර එය කාර්ය බහුල විය. ”තෝ 119ට ගත්තට කථා කරන්නේ නැහැ. ඔන්න යහපාලනය. නෝ ආන්සර්” නිලධාරියා ඔලොක්කුවට සිනාසුනේය. තවත් නිලධාරියකුට තම ජංගම දුරකතනයෙන් 119ට පණිවිඩයක් දීමට හැකිවිය. පළමු නිලධාරියා, ”කෝ තවම නැහැනේ. ඒ කාලේ නම් මෙලහකටත් ඇවිල්ලා.” යැයි පැවැසීය. විනාඩි දහයක් ගතවිය. පොලිස් ජීප් රථයක් වේගයෙන් එතැනට පැමිණියේය. එවිටම පොලිස් යතුරුපැදියක් ද පැමිණි අතර තත්පර කිහිපයකින් පොලිස් මෝටර් රථයක් ද අනික් පසින් පැමිණ ප‍්‍රශ්නය නිරාකරණය කළේය. ”ඉස්සර ආවේ එකයි. දැන් යහ පාලනය නිසා එකට තුනක්ම ඇවිල්ලා” තරුණයෙක් පැවසූ විට ඔලොක්කුවට සිනාසුණු නිලධාරියාට කට උත්තර නැති විය.


ක‍්‍රිස්ටෝපර් සීපියන්,
අනුරාධපුරය.



අදහස් (0)

රිය අනතුර ගැන හොයන්න පොලිසිය නාවැයි යහපාලනයට දෝස්මුරයක්

සරත් පර්ත් Friday, 29 May 2015 01:51 AM

වහල් මානසිකත්වයක් තවම (ම)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 26 May 2015 12:47 PM

යහපාල්නෙට පින්සිද්ද වෙන්න අද නිතිය ටිකක් ක්‍රියාත්මක වෙනවා ,දෙසපාලකයන් අදාළ නැත ? (කේ)

:       0       0

ජටබැද්දර පියා Thursday, 28 May 2015 03:49 PM

හැම දේටම යහපාලනේට බනින්න එපා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 369 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 832 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site