ඇය වෙනත් පළාතකින් පැමිණ පාඨමාලාවක් හැදෑරුවේ බෝඩිමක සිටය. දිනක් ඇය බෝඩිමේ අනෙක් තරුණියන් අමතා, බලන්නකෝ අපේ අම්මාගේ ඉඩමේ කොටසක් අල්ලපු ඉඩමේ මිනිස්සු බලෙන් අල්ලගෙන. මල්ලී ඒ ගැන කතා කරන්න ගියාම මල්ලිට පොලූ පාරක් වැදිලා. දැඩි සත්කාර ඒකකයේලූ යැයි සුසුම්ලමින් පැවසුවාය. බෝඩිමේ තරුණියෝ සහෝදරයා බැලීමට යෑම සඳහා මුදල් ලබා දුන්හ. මේ අතර දිනක් ඇය, තම නිවෙස කිසිවකු විසින් ගිනිතබා ඇති බවත්, දැන් තමනට ඉන්නට තැනක් නොමැති බවත් පැවසුවාය. ඇය සමඟ පාඨමාලා හදාරන අනෙකුත් තරුණ තරුණියන් මැදිහත්වී රුපියල් පනස් දහසක් එකතු කර දුන්හ.
කාලයක් ගතවිය. දිනක් තරුණියට දුරකථන ඇමතුමක් ලැබුණි. ඇය කෑ ගසමින් විලාප දෙන්නට වූවාය. මට ඉඳලා වැඩක් නැහැ. මගේ දුප්පත් අම්මා අසනීපවෙලා ඉස්පිරිතාලෙට ගෙනියද්දි අන්ත‍්‍රාවෙලා. ඇය සිහිසුන්ව බිම ඇද වැටුණාය. ඇය සිහි ගැන්වූ යෙහෙළියන් ඇය සමඟ ගමට යෑමට උත්සාහ කළත් ඇය එය ප‍්‍රතික්‍ෂේප කරමින් පැවසුවේ මවගේ මෘත දේහය තැබීමට සිදුවන්නේ ඥාති නිවසක බවත්, එහි ඉඩකඩ ප‍්‍රමාණවත් නොවන නිසා රැුගෙන යෑමට නොහැකි බවත්ය. දින කිහිපයකින් ඇය යළි පැමිණියාය. මවගේ මළගම පිළිබඳව හරි විස්තරයක් නොපැවසූ නිසාත්, ඇයගේ හැසිරීම් රටාව නිසාත්, ඇය පිළිබඳව සැක පහළ කළ ආයතනයේ උසස් නිලධාරිනියක් කෙසේ හෝ ඇය පිළිබඳ විස්තර තරුණියගේ ග‍්‍රාමයේ ග‍්‍රාමනිලධාරී මහතාගෙන් ලබා ගත්තාය. ඒ අනුව අනාවරණය වූයේ තරුණියගේ මව ජීවත්ව සිටින බවත්, ඇයගේ නිවෙසට කිසිම ආපදාවක් සිදුවී නොමැති බවත්, ඇයගේ සහෝදරයා කිසිම අනතුරකට මුහුණපා නොමැති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කජු ගහේ දඬුවම හරියට දීල නෑ. කහබ්ලිය අතු කීපයකුත් දැම්ම නම් නැන්දම්මා හරි අගෙයි...අනේ අහිංසක දිමියෝ..(අ)
මේකත් රැවටීම පිළිබඳ මගේ අත්දැකීමක්. මම දවසක් රෑ දුම්රියක එනවිට ලොතරැයි විකුණන කෙනෙක් ලොතරැයි 3 ක් එක්ක නැගලා කිවුවා "අන්තිම තුන ගන්න ගන්න වාසනාව" කියලා. අනේ තුන් දෙනෙක් ඉක්මනටම ගත්තා. මිනිහා ඊළඟ දුම්රිය පළෙන් බැහැලා යද්දී මම ඔලුව එළියට දාලා බලා හිටියා. මිනිහ තව 3ක් අරගෙන ඊළඟ පෙට්ටියට නැග්ගා. අර අන්තිම ලොතරැයියේ වාසනාව උරගා බලපු කට්ටිය අහු වුණා (නි)
මම චුටි කාලේ ..මගේ චුටි අක්කාගෙන් රුපියලක් හොරකම් කරගෙන ගිහින් ..ඉස්කෝලෙදි කැන්ටිමෙන් ..මාරි කෑවා..ගෙදර ඇවිත් පැයක් වත් යන්න පෙර අම්මට මගේ යාලුවෙක් කියලා ..අම්ම මාව කජු ගහක බැදලා තිබ්බ බෙලිපට්ටේකින් ..හවස් වරුවම ගහ යට හිටිය දිමියෝ කාල මගේ කකුල් දෙකේ, ගෙදරට එන හැමෝට කෑගහල කියන්න කීවා යමම සල්ලි හොරකම් කරන්නේ නෑ....!!!කියලා.මමත් එහෙම කළා ..අප්පච්චි ගෙදර ආවට පස්සේ ..මාව ලෙහුවා ...? එදා සිට අද දක්වා අනුන්ගේ දෙකට ඇත තිබ්බේ නැහැ ....?මගේ මෑණියන්ට පියාණන්ට නිවන් සුව ලැබේවා ...!!!! (ස)
ශ්රී ලංකාවේ නම ගිය ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සොහොයුරෙකුත් මේ වගේ දෙයක් කළා මට මතකයි (නි)
අනේ මොකට ද මගේ කට ? (ස)
පීටර් අයියේ, ලස්සන කතාව.දිගටම ලියන්න.අපි ඔබ ලියන ඒවා ඉතා අාශාවෙන් කියවන්නේ. (නි)
අද ලාංකික සමාජය ඉහළ සිට පහළ දක්වාම, බොරුව, වංචාව, ප්‍රෝඩාව, දුරාචාරය, හිගාකෑම තුළින් කරන ගසාකෑම යන සෑම අංශයන්ගෙන්ම පිරිහී ඇති බව රහසක් නොවේ. මීට ඉහත කාලයේ නම් මෙවන් ක්‍රියාවන්ට සම්බන්ධවුවන් සමාජයේ අවමානයට ලක් වුවත් වර්තමානයේ මෙවැන්නන් සමාජ පිළිගැනීමකට පත්වී තිබීමත් හාස්‍යයට මෙන්ම මවිතයට පත් විය යුතු කාරණයකි. (නි)
ඔහොම උණේ කී දෙය නෑසූ හින්දයි... හොයලා බැලුවෙ කලකින් නොදුටුව හින්දයි... මතක් වුණේ අප බැඳි මිතු දම හින්දයි... ඒ ලෙස බැඳුණෙ ඔබෙ හදවත හොඳ හින්දයි... (ස)
මෙන්න අපේ දේ... බොරුව, රැවටීම (නි)
හෑම කෙනෙක්ම කරන හෑම දෙයක්ම අනාගතයට කීප ආකරයකින් බලපානවා, මෙහෙම දෙවල් වෙනකොට මිනිස්සු ඉදිරියේදි තව කාටවත් උපකාර කරන එකත් නවතාවි,අපේ රට අනිත් රටවල් අතර ප්‍රසිද්ධ අනුන්ට උපකාර කරන හිත හොද මිනිස්සු ඉන්න රටක් විදිහට,අනාගතයේදි මොනවා වේවිද? මිනිස්සු හදන්න දඩුවම් කරලා විතරක් මදි. හරි මග කියලා දෙන්නත් ඕනෑ. මිනිස්සු අාගම දහමෙන් ඈත් වෙනකොට මේවා වෙන එක සාධාරනයි (නි)
හොද්දක් උනත් හොදට හැදි ගෑවොත් තමා රස රුපෝ. දැන් සතුටින් ඉන්න මම ලග සිට පවන් සලන්නම් ඔබේ ගුණ වයමින් ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා ඔබ අද්දර මම ඉන්නම් පවන් සලලා සලා. චන්දී තරහ නැහැනේ.(නදී)
තමන්ගේම මව ගැන මෙවන් පුවතක් පැතිරවීමට හැකි තරුණියක් ගැන මට නම් හිතාගන්නවත් බැහැ (නි)
එදා අපේ දෙමාපියන් අපිව ඇතිදැඩි කළේ දුප්පත්කමේ අාගාධයේ ඉද වුවත් ඔවුන් හොර බොරු අපිට ඉගැන්නුවේ නැහැ.තම දහදිය බිදුවේ අගය කියාදීලයි මියගියේ (නි)
තම ලේ මසින් වැනිවු දරුවන් කෙළෙසාලූ... තම මව්පියන් වැඩිහිටි නිවසට පලවාලූ... අඹුදරු නෑසියන් අමු අමුවේ මරවාලූ.... ලොව වැනසුමේ පෙරනිමිතිත් මේවාලූ...(නදී)
අද රටේ වංචාවටයි,බොරුවටයිනේ තැන දීලා තියෙන්නේ.ඒවාගෙන් ලැබෙන ඵල තමා මේ.ඔක්කොම හදන්නේ මහන්සි නොවී මුදල් හොයන්න.ගැහැණු ළමයෙක් මෙච්චර ලොකු වංචාවක් කළා කියන්නේ,මේ රට යන අත තමා.රටේ හැදියාවට ගිය කල! (නි)
මල්ලියි අත්තම්මයි එක්ක ආදරෙන් බැදිලා හිටපු අයිය රට ගියාලු රස්සාවකට .ආදරයෙන් රැකගත්තු පූස් පැටියයි අත්තම්මවයි මල්ලිට බාරදීල .ටිකකාලෙකට පස්සේ මිනිහ සේටල් වෙලා එහෙම තොරතුරු හොයන්න ගෙදරට කතා කලාලු. මල්ලිත් එක්ක කතාකරන ගමන් අයිය ඇහුවේ පූස ගැන .අනේ පූස මලානේ. අයියට දැන් හරි ෂොක් එක ,මනුස්සයෝ ඔයවගේ ආරංචි ඔහොමත් කියනවද ? මුලින් කියන්න තිබ්බේ අයියේ පූස වහලේ උඩ...! ඊලග දවසේ කතා කලහම ඌ බහින්නෙම නැහැ ගන්න මාර ට්‍රයි එකක් දුන්නේ ..! ඌට කෑම දෙන්න උත්සහකලා ..පූස උඩ ඉදන් වැටුන ඌ මැරෙයි වගේ ..අන්තිමට මරුන කිව්වනම් මට දුක නැහැ නේ .හරි හරි කමක් නැහැ කෝ අත්තම්ම ?අයියේ අත්තම්මා වහලේ උඩ. (නදී)
ඔයා හරි නිලූ, මහන්සි නොවී මුදල් හොයන්න ඔන දෙයක් කරන මිනිස්සු ඉන්න පරිසරයක් දැන් තියෙන්නේ.. (දී)
පීටර් අයියා ඔය කියන කෙනා රත්නපාල නොවෙයි. වර්ණපාල. එයා පසු කලෙක අපේ උසස් අධ්‍යාපන ඇමති වෙලත් හිටියා. (නදී)
හැමෝම එක එක රටවල නම් දානවා.. අපි ඉතින් සිරි ලංකාව කියලවත් දාමු.. මේ වගේ කපටි නෝනලට අහුවෙන අයනේ මෝඩ.. එක පාරින් දෙපාරින් මිනිස්සු තේරුම් ගන්න බැරිනම් මේ සමාජේ ජීවත් වෙන්න බැහැ,,අනික හැමදාම බොරුව ජය ගන්නෙත් නැහැ,,, ( දී)
අනේ ඉන්දු අපි නොදන්නා ඔයාගේ මායම්? ඉන්න රටත් දාලා තියෙන්නේ වෙන කෙනෙක් එක්ක පැටලෙයි කියලා වෙන්න ඇති.සමහරුන්ට ප්‍රසිද්ධ වෙන්න පුදුම පිස්සුවක් තියෙන්නේ (නි)
ආදර පෙත්තා අයියේ, වුණ ලැජ්ජාව හිත තුළ පැසවන්න එපා... එසැණට පැමිණ කවි නොකියා යන්න එපා... මිතුරන් මිතුරියන් අමතක වෙන්න එපා... අපිව හැරලා සැඟවී නම් යන්න එපා.. !! (නි)
ඉන්දු, ඔයාගේ ඔය බොරු කීමේ දක්ෂතාවය උපතින්ම අරගෙන අා එකක්ද? දිසානායක අයියත් එක්ක මම එකග වෙනවා. (නි)
රස කතා පුරෝගෙන.....මඩුගල්ලේ ඇවිල්ලා......ආයෙමත් හිනාවට..සැරසිලා ඉදිල්ලා . (දී )
වැරදි දුටු විටත් අප නෙත නොගැටෙන්නේ..... පෙන්වා වැරදි ඇයි අපි ඉල්ලන් කන්නේ....... එරෙහි වුණොත් නඩුවකටයි පැටලෙන්නේ....... ඒ හින්දා අපි කරබාගෙන ඉන්නේ...... (නි)
මම ඊයේ බලපු ටෙලි නාට්‍යකත් කියවුණා "ලංකාව හරි පුදුම රටක්,ලංකාවේ දැන් ජාතික විලාසිතාව රැවටීම සහ රැවට්ටවීම" කියල. එකනම් හරියටම හරි. (අ)
දිසා මාමේ ..මේ ඔයාමද ලියල තියෙන්නේ ..? මම හිටියේ ඔයා මාත් එක්ක තරහ වෙලා කියලා ..? (ස)
කකුළුවා පැටවුන්ට කෙලින් යන්න , ඇයි ඇදේට යන්නේ කියනවලු.., ඒත්, එයා යන්නෙත් ඇදේටලු.., හැබැයි ඒක පෙන්නේ එයාට නෙවෙයිලු., බලන , දකින කෙනාටලු .., හරියටම ''සිරියලතා කෙන්යාව'' වගේ, එයත් මෙතන ප්‍රසිද්ද වෙන්නනේ නමයි රටයි දෙකම දාලා තියෙන්නේ., ඒ වුනාට එයාම කියනවා අනෙක් අයලු එහෙම කරන්නේ කියල.., හරි පුදුමයි නේද මෙයා......!!!!! (අ)
පහන් ඇවිල්ලා, හරිම සතුටුයි. අනේ ඔන්න නැවත නම් කවුරුවත් කාටවත් හිත රිදෙන දේවල් ලියන්න එපා. දුකෙන් ඉන්න බැරි නිසානේ මෙතනට ගොඩ වෙන්නේ, ඉතින් මෙතනත් දුකක් වුණොත් වැඩක් නැහැනේ. මොකද මෙතන ඉන්න අය දන්නා අදුනන අය නෙමෙයිනේ. ඒ නිසා සතුටින් ඉදිමු (නි)
මම කළේ දැනුවත් කිරීමක් පමණයි (නි)
මොනවට තරහ වෙන්නද දෙයියෝ ...චන්දි මොකද නිශ්ශබ්ද ඉන්දු විතරයි දැන් මොනවා හරි ලියන්නේ .හේරත් සරත් ආගිය අතක් නැහැ .නිලූ ..කෝ ඔයා ..මම මේ කල්පනා කලේ ඉරිසියාවට කුහක කමටත් යමක් කරන්න පුළුවන් නේද රුප නංගි ..අපිට කපපු වලේ තරම ..සමහර අය ආගිය අතක් නැහැ .මොනවා උනත් අපි තවම හොඳින් ලියනවා සුලි සුලන් එනවා යනවා (ස)
සුජීව සෝමාලියාව.., මෙතන කව්රුවත් ෆැෂන් එකට නම ලගින් ඉන්න රට දැම්මේ නැහැ, එකම නමින් දෙන්නෙක් ඉන්න විට වෙන්කර හදුනා ගැනීමටයි රට සදහන් කරේ., උදා... ඉන්දු ලන්ඩන්, ඉන්දු මෙල්බර්න්, කලින් කිහිප දිනක් මමත් චන්දි අලුත්වල කියල දැම්ම ඒ තව චන්දි කෙනෙක් ලියු නිසා., පස්සේදී එයා චන්දි අලුත්වල කියලත් ලියන්න පටන් ගත්තා එවිට අපි දැනගත්තා අපේ නම් වලින් කෙනෙක් හොරට කොමෙන්ට් දානවා කියල, දැන් මම කිවදේ තේරුම් නොගෙන මට බැනල ලියන්න එපා හොදේ මං කරේ තේරුම් කර දීමක් හොදේද සුජිවෝ (නදී)
සමහරවිට මේ ඇයගේ නියමම අම්මා නොවෙන්නත් පුළුවන් නේද? (නි)
මං මොකට තරහ වෙන්නද දිසෝ. රුපගේ හිස ටිකක් අත ගාලම ලගින් ඉන්න. ඕනෑම තරාතිරමක ආදරයකට ගොඩක් දේ කරන්න පුළුවන්. ආදරය විවිදාකාරයි.(නදී)
ඉහත සමදරා 2013-11-27 20:06:59 මගේ කොමන්ට් එකක් නොවේ (නදී)
අන්න අයියගෙනුත් සල්ලි අරන් යාළුවන් මැරිලා උදව් කරන්න කියලා.(නදී)
ඔන්න ඔහොමයි ලු උනේ...කෝමද ටිකිරි මොලේ...(නදී)
ආරියසේන වැඩිය ලියන්නේ නැහැ හරි දුකයි. දුම්මලය, ඉන්දික ආගිය අතක් නැහැ, අමිල කටුනායකත් එහෙමයි.. සුජීව, රාමා ගජබා රත්තරන් කොල්ලෝ. පෙටි, දිල්රුක්ෂි, අහිංසකා,මිලානෝ පිටිගල ගැන කියලා වැඩක් නැහැ. ෆලීල් ගෆුර් වෙන තැන්වල ලියනවා මෙතනට එන්නේ නැහැ. පාළුව ඉවසන්නබැහැ. අනේ කාලේ!(නදී)
දෙයියෝ සාක්කි ...අපේ අක්කේ...(නදී)
පීටර් අය්යා.ඔයාගේ කතාව දෙපාරක් කියෙව්වා .බොහොම රසවත් දිගටම ලියන්න.(දිල්)
පහන් මඩුගල්ලේ, නියම කතාව. මිනිසුන්ට සිනහව මවන එකත් පිනක් කියලා මම අහල තියෙනවා. (නදී)
හැබැයි බොරුවට වැඩි ආයුෂ නැහැ (අ)
මම කොග්ගල නිදහස් වෙළද කලාපේ වැඩ කරන කාලේ, අපේ කර්මාන්ත ශාලාවේ කෙල්ලෙකුත් අම්ම මරුනා කියලා. සල්ලිත් අරන් ගියා. අපි ඉතින් හවස වැඩ ඉවර වෙලා කටිටිය එක්ක මල් වඩමකුත් අරගෙන මහා රෑ කොග්ගල ඉදන් කතරගමටත් එහා ගියා. අනේ අම්මා අඩා ගෙන දුවගෙන අව අපි ගාවට දුව මැරිලා කියල හිතාගෙන ( මල්වඩමකුත් අරගෙන කර්මාන්ත ශාලාවේ වාහනේ ) . බලන කොට කෙල්ල පැනල ගිහින් කොල්ලේක් එක්ක. (නදී)
සමහරවිට ඇය ඒ අවස්ථාවේ ටෙලි නාට්‍යයක දර්ශනයක් සඳහා පෙරහුරුවක් කළා වෙන්නත් පුළුවන් (නි)
මෙය මානසික රෝගයක් කියලයි මම නම් කියන්නේ. (නි)
දැන් රටේ ලෝකයේ බොරුව වංචාව තමයි ජය ගන්නේ. (නි)
මගේ නමින් මේ ලියන කෙනා නොමිලයේ මාව ප්‍රසිද්ධ කරලා දෙනවා (නි)
මෙහෙම කපටි අම්මන්ඩිලා අපේ තව්තිසාවෙ නම් නැහැ. එහෙම කපටිකම් කරල හම්බ කරගන්න තරම් අග හිඟයක් මෙහෙ නැහැ. (නදී)
අනේ මේකේ බොළඳ දේවල් ලියන්නේ නැතුව ,අර පීටර් අයියලා ලියන ඒවා වගේ ඒවා ලියන්නකෝ. (නි)
මෙයා දැම්මෙත් අර 64 ට අයිති දේවල් වලින් ටිකක්ද දන්නේ නැහැ නේද? (නි)
.(යන්න එපා.. !!) සුදු පොලිතින් ජාර බාගයක් පිනට ලැබුනා. දැන් ලැජ්ජාව වහ ගන්න පුලුවනි. (ස)
ඔන්න සේරම නමට ඉදිරියෙන් රටේ නම දානවා . ඔන්න මමත් ඉන්න රට දැම්මා. ඒකට ඔයාලා තරහ නැහැ නේද? (නදී)
මේ ළමයා එක්කෝ මානසික රෝගියෙක්. නැත්නම් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන අයෙක් විය යුතුය. (නදී)
මුදල් නොමැතිව අසරණව ඉන්නා විට බොරු කීම අද ස්ටයිල් එකක් වෙලා. ඒක ලංකාවේ වේගයෙන් පැතිරෙනවා. මෙහෙම මුදල් ගරා ගත්තත් කවදා හෝ සත්‍ය හෙළිවෙනවා. (නදී)
දේශ ප්‍රේමයත් විකුණා ඇති රටක.....වැටුණු කලට ජනතාවත් මහ මගට......ගොඩ එන්නට වෙන කිසිවක් නැති විටෙක......තම මව් වත් විකුණාගෙන කයි යසට......(නදී)
අනේ මොකට ද මගේ කට, දත් නැති කට...!(නදී)
ඔබට සුභ අනාගතයක් තරුණිය! (නි)
බොරුවට හරි තමන් වැඩු මව් මැරුණා කියලා කියන්න පුලුවන්ද දෙවියනේ. මොකද්ද අපේ රටට වෙන්න යන්නේ?(නදී)
ඔන්න එකමත් එක රටක (ලංකාවේ නෙවෙයි) කාන්තාවක් පාරේ යන කොට සිඟන කාන්තාවක් ඇවිත් රෑ කෑම ගන්න සල්ලි ඉල්ලුවා. එතකොට ඒ කාන්තාව ඇසුවා මම ඔබට සල්ලි දුන්නොත් ඔබ ඒ සල්ලි වලින් බොනවද කියලා. එතකොට සිඟන කාන්තාව කීවා නෑ, මම බීම නවත්තලා අවුරුදු ගාණක් වෙනවා කියලා. ඊට පස්සේ ඒ කාන්තාව ඇසුවා එහෙනම් මේ සල්ලි වලින් ඔබ ෂොපින් යයිද කෑම ගන්නේ නැතුව කියලා. එතකොට සිඟන කාන්තාව කීවා මට ෂොපින් යන්න සල්ලි වියදම් කරනවට වඩා ජීවත් වෙන්නයි ඕන කියලා. නැවතත් අනිත් කාන්තාව අහනවා ඔබ සැලෝන් එකකට යයිද කෑම ගන්නේ නැතුව කියලා. එතකොට සිඟන කාන්තාව කියනවා ඹබට පිස්සුද මම අවුරුදු 20කින් සැලෝන් එකකට ගිහින් නෑ කියලා. එතකොට පොහොසත් කාන්තාව කියනවා මම ඔබට සල්ලි දෙනවා වෙනුවට මමයි මගේ සැමියායි සමග අද රෑ කෑමට ආරාධනා කරනවා කියලා. එතකොට සිඟන කාන්තාව පුදුමයෙන් අහනවා ඔබේ සැමියාට කේන්ති යන එකක් නැද්ද මම වගේ අපිරිසිදු කැත අප්‍රසන්න කාන්තාවක් ඔබලා සමග රෑ කෑමට ගෙන ගියොත් කියලා. එතකොට පොහොසත් කාන්තාව කියනවා, මට ඔහුට පෙන්නන්න ඕන අර කියපු දේවල් අතහැරියාම ගැහැණු කෙනෙක් පත්වෙන තත්වය... (ඔන්න ඔහොමයි සමහර අය සිතන්නේ. අපේ රටේ තවම මේ තරමටම නැතුව ඇති නේද?)(නදී)
පාලිත කියන්නෙත් මම වගේ කන බොන අයට ඉරිසියා කම් කරන කෙනෙක් නේද? (නදී)
මෙහෙම අය නිසා ඇත්තට කරදරයක් වුණහම උදව් කරන්න යාලුවෝ නැති වෙනවා. අන්තිමට වෙන්නේ ඉතින් අර ගොපලු කොල්ලට වුණ දේ තමා. (නි)
ඒ කියන්නේ පීටර් අයියා පදුර අස්සේ ඉදලා සු සු ගාපු කෙනාද දැන් බැදලා තියෙන්නේ (නදී)
මෙම මානසික රෝගය "චෞර උන්මාදය (kleptomania ) කරුණාකර ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් බලන්න නැත්නම් මානසික රෝග ප්‍රතිකාර කරන දොස්තර කෙනෙකුගෙන් අහන්න. (නදී)
සමදර නමින් කොමන්ට් දමන්නේ මම නොවේ (නදී)
කවදා හරි ඇති වෙන දවසක් තියෙයිනේ . දිසා නිලූ රූපා චන්දි මේ අපිට විරුද්දව අදහස් දාන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් හැමෝම නෙමෙයි . මේ අයගේ ඒවාට ප්‍රතිචාර දාන්න යන්න එපා. ලියල ලියල ඇති උනහම නවතී(නදී)
මෙහෙ ඔය කෝෂ නැහැ. ලෙඩෙක් ද කොහෙද. පුර හඳ කාලෙට හොඳට නෙලුම් අල කන්න.(නදී)
මේ වගේ බොරු කියලා තමන් සමග වැඩ කරන යහළු යෙහෙළියන්ගෙන් මුදල් එකතු කරලා මොන ලෝකයකට යන්නද ? (නි)
මා "චෞර උන්මාදය" පිළිබඳ හේතු සඳහන් කළේ සියලු දෙනාගේ යහපත පිණිසයි. (නි)
මමත් හිතුවා අලුත් නෑකම් දාන්න -පොරමොලා කෑම-රොන්. කියලත්?(නදී)
මිනිස්සු අසරණ උනහම නොකරන දේත් කරන්න පෙලඹෙනවා. මේ කාන්තාවට මුදල් ලබා ගැනීමට අත්‍යවශ්‍ය කාරණයක් තියෙන්නේ ඇති. මේ කාන්තාව මෙම මුදල් එකතු කලේ කුමන හේතුවකටද යන්න සදහන් වෙලා නැහැ. අපේ රට ගොඩක් තරුණ තරුණියෝ දරුණු අග හිගකම් වලට මුහුණ දෙනවා. මේක හරිම අවාසනාවන්ත තත්වයක්. මම ලංකාවේ ඉගෙන ගන්න කලේ උදේ කෑම වේල කන්නේ නැතුව පාසල් ආපු ළමුන් කොතෙකුත් හිටියා. ලැජ්ජාව හින්ද නැති බැරි කම් කියන්න නැතුව ඇති. ප්‍රශ්න ගොඩක් ඇති වේලා කියල හරි සල්ලි එකතු කරලා තමුන්ගේ අරමුණ කරා යන්න හදන්න ඇති. අපි මේ වගේ අය දිහා අනුකම්පාවෙන් බලන්න ඕනේ.(නදී)
දැන් හැදෙන ගැහැණු ළමයිනුත් පුදුම වැඩ කරන්නේ.කාලේ අකාලේ... (නි)
තනීවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගෙදී ඇයි කෝලන් නටන්නේ.(නදී)
ඉන්දු ගේ කතාව නියමයි.(නදී)
ඉන්දු-ලන්ඩන් ඔබේ අදහස මම අගය කරනවා (නදී)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා. (නි)
මියගිය මව අසල හිඳ බොහො දින කුසගින්නේ........ සිටි පොඩි බලු පැටියා දැක නෙත කදුලැලි පැන්නේ.... මිනිසුන් වූ නමුත් මේ ලෙස හැසිරෙන්නේ.... කොතනද වරද නැත මට නම් වැටහෙන්නේ........ (නි)
අපේ මහා හුරා. මගේ කැකුලි එක්ක බැද්දට මංගච්චා රැහේ අය මට ආඩපාලි දොඩනවා.(නදී)
ඔයාට දුක හිතෙන්නේ නැද්ද පොරමොලා අයියේ ඔහොම කියන්න? පවුනේ (නි)
අපේ දිසා අයියායි,සරත් අයියායි අද තාම නැ නේද චන්දි අක්කේ.ඉන්දු කතාව ලස්සනයි තුති ඔයාට.අද පහන් ඇවිත් ගොඩක් දවසකින් ස්තුතියි පහන් ඔයා පැමිණියාට.(නදී)
අද හැමතැනම වගේ තියෙන්නේ බොරුව තමයි (නි)
ඉන්දු, ඔයාගේ කවියේ අන්තිම අකුර සමාන වුණා කියලා ඒක කවියක් වෙන්නේ නැහැ (නි)
හිතක් අනේ මට නැත පනෙ පැසවන්ට - ලජ්ජා මොටද ඇති දේ බැහැ සගවන්ට - කරුමේ මොකද මිතුරන් ගෙන් දුව යන්ට - කවියක් ලිව්වෙ කාටත් ඔහෙ තුටුවන්ට. (ස)
පොඩි කතාවක්, මමත් එක්ක හමුදාවක රාජකාරි කළ දකුනේ කෙනෙක් හිටියා. අපි සමග සිටි එක් අයෙකුගේ අම්මට බොහෝ තද බල රෝගයකින් පෙලෙන බව අප කවුරුත් දැන සිටියා. දිනක් හදිසියේම ඔහුට විදුලි පණිවිඩයක් ලැබුනා. එහි මෙසේ සදහන්ව තිබුනා. අම්මට අසනීපයි ඉරිදා 10 ට ගාල්ල කොටුවට එන්න, කැමරාවත් අරන් එන්න මීට කුමාරි, මෙය සිදු උනේ 1990 දී .(නදී)
මුදල් එකතු කළේ මොන අවශ්‍යතාවයටද කියලත් හොයන්න ඕනේ. මෙහෙම වැරද්දක් කළා කියල සමාජයෙන් කොන් කරන එක අනුමත කරන්න හොඳ නැහැ. මොකද දුප්පත්කම නිසා වෙන කිසිම අදායමක් නැති නිසා මෙහෙම කළා වෙන්නත් පුළුවන්. හැබැයි නිකරුනේ තමන්ගේ වාසියට මෙහෙම කළා නම් ඒක වැරද්දක්. මොකද අනෙක් දරුවෝ එකතු කරලා දීලා තියෙන්නේ තමන්ගේ දෙමව්පියන් දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි නිසා. අනෙක් කාරණය ඉගෙන ගන්න දරුවන් පිළිබද දෙමව්පියන් හැමවිටම සෙවිල්ලෙන් ඉන්න ඕනා.(නදී)
ඉන්දු නංගි අනුකම්පාව නිසා නේද වරද තව තවත් කරන්න දොර විවෘත වෙන්නේ. ඇත්ත කිව්ව නම් අද හොර නාමයක් එන්නේ නැහැනේ.(නදී)
සංජීව සිරි ලංකා ඔයා හරියට හරි මෙතන අදහස් ලියන්නේ නම දාගන්න ප්‍රසිද්ද වෙන්නයි. තමන්ගේ නම විතරක් දැම්මම ඔය හොදටම ඇති.(නදී)
අද වෙන දේවල් වල හැටියට ඕක පොඩි දෙයක්.(නදී)
මේ ඉන්දු ලංඩන් කියලා මගේ නම්න් අදහස් දමන කෙනා ඇයි මෙහෙම කරන්නේ. ඔයා කලින් නරක අදහස් දැම්මා මගේ නමින්. මගේ යහලුවන් ඒවා නිසා මාත් එක්ක අමනාප වෙන්නත් ගියා. පස්සේ නරක අදහස් දමන්නේ මම නෙවෙයි කියා කේරුම් ගියාට පස්සේ ඒවාට පිළිතුරු නොදී ඉන්නවා. දැන් ඔබ මම දමනවා වගේ හොඳ අදහස් දමනවා. එකෙන් තේරෙනවා ඔබටත් යහපත් හදවතක් ඇති බව. ඒත් ඇයි තමන්ගේම නමකින් ඇවිත් අදහස් නොදමන්නේ. මම ඔබට වරදක් කරලා නැහැ නේද? මම කරුණාකරලා ඉල්ලාසිටිනවා මෙසේ නොකරන්න කියා. ඔබේ නමකින් අදහස් දාන්න. අපට එතකොට හොඳින් විනෝදයෙන් ඉන්න පුලුවන්. අපි කවුරුවත් හැමදාම ඉන්න ආපු අය නෙවෙයි නේද? යාළුනේ මේ ෆේස් බුක් එකෙන් හැර දමන අදහස් මගේ නෙවෙයි. රූපා අක්කා වගේම මටත් මේ ආකාරයට ලියන්න උනේ මගේ නමින් හොර අදහස් දමන කෙනා නිසා තමයි. (නදී)
සුජීව,සිරියලතා අරින්න එපා, හැමදාම දාන්න රටේ නම, මමත් ඔයාල සමගයි. බොරුවට මේ ලොන්ඩන් කියල දැම්මට මෙයාල ඉන්නේ නෛරෝබිද කොහෙද? (නදී)
මමත් ඔය වගේ දෙයක් කළා ඉස්සර (නි)
මිනිසුන් තමන්ගේ අරමුණු කරා යාමට විවිද උපක්‍රම භාවිතා කරනවා. ඇතැම් විට ඒවා කෘර මෙන්ම ඇතැම් විට අහිංසක ප්‍රයෝගත් වෙනවා. මා විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ 'රත්නපාල මෙතඩ් 'කියල වචනයක් තිබුනා. ඒ කියන්නේ කව්රු හරි ගැහැනු ළමයෙක් යාලු කරගන්ඩ බැරි කෙනෙක් ඉන්නවා නම් කියනවා රත්නපාල මෙතඩ් එක දාල බලපන් කියලා. මේක සත්‍ය කතාවක් ,60 දශකයේ හිටියලු රතනපාල කියල ශිෂ්‍යක් ඔහු කඩවසම් බවින් අඩු නිහඩ චරිතයක්. ඔහුට තුන්වන වසරට එනතෙක්ම ගැණු ළමයෙක් යාලු කරගන්ඩ බැරිඋනා. අලුතෙන්ම ආපු නැවේ (බැච් එකේ )හිටිය ඉතාම සුරූපී ගැහැණු ළමයෙක්. රත්නපාල හිතාගත්ත මේ ලමය නම් කොහොම හරි යාලු කරගන්නවා කියලා. දැන් රත්නපාල කරන්නේ දේශන ඉවරවෙලා මේ ළමය නේවාසිකගාරයට යන පාරේ පදුරු අස්සේ හැංගිලා ඉඳල ෂ්..ෂ් ..රත්නපාල ,රතනපාල ...කියල තමන්ගේම නම කියල කෑ ගහනවා. මෙහෙම දිගටම කරගෙන යන ගමන් කියනවා කොහොම හරි රත්නපාල හැන්ඩියා දාගත්ත නේද .මෙහෙම ටික කාලයක් කරලා රත්නපාල මේ ළමය හම්බවෙලා කියනවා බලන්ඩ මම රත්නපාල මේ කැම්පස් එකේ ඔක්කොම මට ඔයාගේ නම කියලා විහිලු කරනවා මාත් එක්ක ගැණු ළමයි ගොඩක් යාලුවෙන්ඩ ආවා ඒත් මම කැමති උනේ නෑ ඒකේ තරහ තමා තියෙන්නේ. එතකොට අර ළමය කියනවා ඔව් අයියේ මටත් ඔයගේ නම කියල ඔච්චම් කරනවා . නංගී ඔයා මිට පස්සේ කා සමගවත් කතාකරන්ඩ යන්ඩ ඕන නෑ . ඔයාට ඕන ප්‍රශ්නයකදී මම ඉන්නවා රත්නපාල කිවා. අන්තිමට මේ සුරූපී ළමය රත්නපාල විවාහ කරගත්තා.(නදී)