ඔහු අනුරාධපුර නගරයේ පදිංචි රජයේ නිලධාරියෙකි. ඔහු පසුගියදා අසනීපයෙන් පසුවන සිය බිරිඳගේ මව බැලීමට අනුරාධපුරයේ සිට ගම්පහට ගියේ සිය බිරිය සහ දියණියන් දෙදෙනා ද සමගිනි. බිරියගේ මව අසනීපයෙන් නිසා ඇගේ උදව්වට සිය බිරිය සහ දියණියන් දෙදෙනා ද දින කිහිපයකට නවතා අනුරාධපුරයට එන අටියෙන් ඔහු රජරට රැජින දුම්රියට නැග අනුරාධපුර නව නගරයේ දුම්රිය ස්ථානයෙන් රාත්‍රී අටට පමණ බැසගත්තේය.
දුම්රිය ස්ථානයෙන් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වූ ඔහු ඒ ආසන්නයේ තිබූ සුපිරි හෝටලයකින් පැය භාගයකටත් අධික කාලයක් පෝලිමේ සිට රුපියල් 290ක් ගෙවා මස් මාළු සහිත කෑම පාර්සලයක් මිලදී ගත්තේ බිරියත් දරවනුත් නැති මොහොතේ පොඩි පහේ අඩියක් ගසා සුව නින්දකට වැටෙන්නටය.
හෝටලයෙන් මහමඟට පිවිසි ඔහු ත්‍රිරෝද රථයකට ගොඩවිය. “මල්ලි මට තුන්වැනි පියවරටයි යන්න ඔනේ. යන ගමන් ඔය වම් අත පැත්තේ තියෙන වයින් ස්ටෝර්ස් එක ගාව විනාඩියකට නතර කරන්න”. ත්‍රිරෝද රථ රියැදුරා වයින් ස්ටෝර්ස් එක ඉදිරියෙන් ත්‍රිරෝද රථය නතර කළේය. “මල්ලි මගේ කෑම පාර්සලය පිටිපස්සේ. පොඞ්ඩක් බලාගන්න” පැවසූ ඔහු කඩිනමින් ත්‍රිරෝද රථයෙන් බැසගත්තේ ඉස්තරම් වර්ගයෙන් භාගයකුත් රැගෙන නිවසට ගොස් ඉක්මනට නාලා අඩියක් ගැසීමේ චේතනාවෙනි.
කඩිමුඩියේ වයින් ස්ටෝර්ස් එකෙන් බාගයත් රැගෙන කලිසම් සාක්කුවේ දමාගෙන ත්‍රිරෝද රථය නතර කළ ස්ථානයට පැමිණ වටපිට බැලුවත් ඒ වන විටත් ත්‍රිරෝද රථ රියැදුරා කෑම පාර්සලයද රැගෙන පලාගොස් තිබුණි. නැවත වතාවක් හෝටලය වෙත ගිය ඔහු තවත් අඩ හෝරාවකට වැඩි කාලයක් පොලිමේ සිට නැවත රුපියල් 290 ක් ගෙවා කෑම පාර්සලයක් ගෙන වෙනත් ත්‍රිරෝද රථයකට නැග කෑම පාර්සලය අතේම තබාගැනීමට ඔහු වගබලා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ මහත්තයෝ , දානේ වේලක් දුන්න කියල හිත හදාගෙන ගහන්නයි තිබුනේ බාගේ කන සාකුවට වැටෙන්න (අ)
බමුණු ජොලි කෙනෙක් වාගේ . හදුනාගන්න කැමතියි (බ)
බමුණුගේ කතාව හරි. මමත් අනුරපුරයේ. රට හිටියත් මට මේවගේ කොච්චර දේවල් වෙලා තිබෙනවද? වැව් ගානේ විනෝද වෙනකොට කොච්චර වියදම් කරනවද, යාළුවන් එක්ක? කොච්චර දේවල් නැතිවුණාද? ඕවා ඔහොම තමයි (නි)
එතකොට ඔන්න ඔහොමයි දැන් ලංකාවේ තත්වේ! ජීවන වියදම අහස උසට, ඉස්සරහට බත් පැකට් එකට මිනිමරයිද දන්නෙත් නැහැ. යහපාලනයට ජයවේවා.... කෝ මේ අර පරපුර..(බ)
මේකේ කතා කියවලා ඉතා විනෝද වෙනවා. (ර)
අජිත්, ඔයා හරියට කියවන්න. සුපිරි හෝටල් වල ඊටවඩා වැඩි ගණන් වලට කෑම පාර්සල් තියනවා. අනිත් ඔක්කොටම මේක විනෝදයක්. ඔයාට විතරක් යහපාලනයක්. මොකද ලෙඩේ ? (නි)
ඔය හෝටලේ කෑම ටිකක් ගණන්. මේ රියදුරා යන්න ඇත්තේ කෑම පාර්සලේ උස්සන්න හිතාගෙනම නොවෙයි. මෙයා රටබීම හලේ ගොඩක් වෙලා ඉන්න ඇති. ඔය හරියේ ඉන්න ත්‍රීරෝද රථ රියදුරන්ට බත් පැකට් එකක් මහ ලොකු දෙයක් නොවෙයි. (නි)
වයින් ස්ටෝර් වලට ගිහින් හොදට ලනු කාපු කෙනෙක්ද කියල අපි කොහොමද දන්නේ? බලන් ඉදල යන්න ඇති අදත් අතින් පාඩුයි කියල හිතාගෙන. (බ)
අපිත් කන බොන මිනිස්සු ඔයවගේ අය ඉන්නව පරිස්සම් වෙන්න. කමක් නැහැ තව 290 දීල කෑම පැකට් එකක් ගන්න. ඕවත් වැඩද අපි විනෝද වෙන්න ඔයිට වඩා වියදම් කරනවා. (බ)
මේකේ කතා කියවලා ඉතා විනෝද වෙනවා. නැතුව නැතුව වෙන මොන ඉටිගෙඩියක් කොරන්නද. අපිත් විනෝදයට ලියනවා.(බ)
අර සුද්දෝ වගේ කෑම කාල ඉවරවෙලා අඩිය ගැහුවා නම් ඔහොම වෙන්නේ නැහැ.(හේ)
දුක තමයි කරන්න දෙයක් නෑ.(හේ)