IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


බාගයක් ගන්න මගියා බැස යද්දී ත්‍රීරෝද රියැදුරා කෑම පාර්සලයත් රැගෙන පැන ගිහින්

ඔහු අනුරාධපුර නගරයේ පදිංචි රජයේ නිලධාරියෙකි. ඔහු පසුගියදා අසනීපයෙන් පසුවන සිය බිරිඳගේ මව බැලීමට අනුරාධපුරයේ සිට ගම්පහට ගියේ සිය බිරිය සහ දියණියන් දෙදෙනා ද සමගිනි. බිරියගේ මව අසනීපයෙන් නිසා ඇගේ උදව්වට සිය බිරිය සහ දියණියන් දෙදෙනා ද දින කිහිපයකට නවතා අනුරාධපුරයට එන අටියෙන් ඔහු රජරට රැජින දුම්රියට නැග අනුරාධපුර නව නගරයේ දුම්රිය ස්ථානයෙන් රාත්‍රී අටට පමණ බැසගත්තේය.

දුම්රිය ස්ථානයෙන් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වූ ඔහු ඒ ආසන්නයේ තිබූ සුපිරි හෝටලයකින් පැය භාගයකටත් අධික කාලයක් පෝලිමේ සිට රුපියල් 290ක් ගෙවා මස් මාළු සහිත කෑම පාර්සලයක් මිලදී ගත්තේ බිරියත් දරවනුත් නැති මොහොතේ පොඩි පහේ අඩියක් ගසා සුව නින්දකට වැටෙන්නටය.

හෝටලයෙන් මහමඟට පිවිසි ඔහු ත්‍රිරෝද රථයකට ගොඩවිය. “මල්ලි මට තුන්වැනි පියවරටයි යන්න ඔනේ. යන ගමන් ඔය වම් අත පැත්තේ තියෙන වයින් ස්ටෝර්ස් එක ගාව විනාඩියකට නතර කරන්න”. ත්‍රිරෝද රථ රියැදුරා වයින් ස්ටෝර්ස් එක ඉදිරියෙන් ත්‍රිරෝද රථය නතර කළේය. “මල්ලි මගේ කෑම පාර්සලය පිටිපස්සේ. පොඞ්ඩක් බලාගන්න” පැවසූ ඔහු කඩිනමින් ත්‍රිරෝද රථයෙන් බැසගත්තේ ඉස්තරම් වර්ගයෙන් භාගයකුත් රැගෙන නිවසට ගොස් ඉක්මනට නාලා අඩියක් ගැසීමේ චේතනාවෙනි.

කඩිමුඩියේ වයින් ස්ටෝර්ස් එකෙන් බාගයත් රැගෙන කලිසම් සාක්කුවේ දමාගෙන ත්‍රිරෝද රථය නතර කළ ස්ථානයට පැමිණ වටපිට බැලුවත් ඒ වන විටත් ත්‍රිරෝද රථ රියැදුරා කෑම පාර්සලයද රැගෙන පලාගොස් තිබුණි. නැවත වතාවක් හෝටලය වෙත ගිය ඔහු තවත් අඩ හෝරාවකට වැඩි කාලයක් පොලිමේ සිට නැවත රුපියල් 290 ක් ගෙවා කෑම පාර්සලයක් ගෙන වෙනත් ත්‍රිරෝද රථයකට නැග කෑම පාර්සලය අතේම තබාගැනීමට ඔහු වගබලා ගත්තේය.



අදහස් (0)

බාගයක් ගන්න මගියා බැස යද්දී ත්‍රීරෝද රියැදුරා කෑම පාර්සලයත් රැගෙන පැන ගිහින්

පිටබැද්දර ජයා Monday, 23 May 2016 09:51 AM

කමක් නැහැ මහත්තයෝ , දානේ වේලක් දුන්න කියල හිත හදාගෙන ගහන්නයි තිබුනේ බාගේ කන සාකුවට වැටෙන්න (අ)

:       0       0

චින්තක Wednesday, 25 May 2016 03:03 PM

බමුණු ජොලි කෙනෙක් වාගේ . හදුනාගන්න කැමතියි (බ)

:       0       0

ගුණවර්ධන Monday, 23 May 2016 06:36 PM

බමුණුගේ කතාව හරි. මමත් අනුරපුරයේ. රට හිටියත් මට මේවගේ කොච්චර දේවල් වෙලා තිබෙනවද? වැව් ගානේ විනෝද වෙනකොට කොච්චර වියදම් කරනවද, යාළුවන් එක්ක? කොච්චර දේවල් නැතිවුණාද? ඕවා ඔහොම තමයි (නි)

:       0       0

අජිත් Monday, 23 May 2016 11:51 AM

එතකොට ඔන්න ඔහොමයි දැන් ලංකාවේ තත්වේ! ජීවන වියදම අහස උසට, ඉස්සරහට බත් පැකට් එකට මිනිමරයිද දන්නෙත් නැහැ. යහපාලනයට ජයවේවා.... කෝ මේ අර පරපුර..(බ)

:       0       0

ජයතිලක Monday, 23 May 2016 12:28 PM

මේකේ කතා කියවලා ඉතා විනෝද වෙනවා. (ර)

:       0       0

සිසිර Wednesday, 25 May 2016 08:54 AM

අජිත්, ඔයා හරියට කියවන්න. සුපිරි හෝටල් වල ඊටවඩා වැඩි ගණන් වලට කෑම පාර්සල් තියනවා. අනිත් ඔක්කොටම මේක විනෝදයක්. ඔයාට විතරක් යහපාලනයක්. මොකද ලෙඩේ ? (නි)

:       0       0

හිමාල් Tuesday, 24 May 2016 03:00 AM

ඔය හෝටලේ කෑම ටිකක් ගණන්. මේ රියදුරා යන්න ඇත්තේ කෑම පාර්සලේ උස්සන්න හිතාගෙනම නොවෙයි. මෙයා රටබීම හලේ ගොඩක් වෙලා ඉන්න ඇති. ඔය හරියේ ඉන්න ත්‍රීරෝද රථ රියදුරන්ට බත් පැකට් එකක් මහ ලොකු දෙයක් නොවෙයි. (නි)

:       0       0

අශෝක Thursday, 26 May 2016 10:30 AM

වයින් ස්ටෝර් වලට ගිහින් හොදට ලනු කාපු කෙනෙක්ද කියල අපි කොහොමද දන්නේ? බලන් ඉදල යන්න ඇති අදත් අතින් පාඩුයි කියල හිතාගෙන. (බ)

:       0       0

බමුණු Monday, 23 May 2016 03:07 PM

අපිත් කන බොන මිනිස්සු ඔයවගේ අය ඉන්නව පරිස්සම් වෙන්න. කමක් නැහැ තව 290 දීල කෑම පැකට් එකක් ගන්න. ඕවත් වැඩද අපි විනෝද වෙන්න ඔයිට වඩා වියදම් කරනවා. (බ)

:       0       0

බමුණු Monday, 23 May 2016 03:10 PM

මේකේ කතා කියවලා ඉතා විනෝද වෙනවා. නැතුව නැතුව වෙන මොන ඉටිගෙඩියක් කොරන්නද. අපිත් විනෝදයට ලියනවා.(බ)

:       0       0

පිරීස් Monday, 23 May 2016 09:08 AM

අර සුද්දෝ වගේ කෑම කාල ඉවරවෙලා අඩිය ගැහුවා නම් ඔහොම වෙන්නේ නැහැ.(හේ)

:       0       0

සදුන් Monday, 23 May 2016 09:10 AM

දුක තමයි කරන්න දෙයක් නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 350 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 647 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 321 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 811 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 894 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 702 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 855 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 214 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1262 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site