බැංකු ණය ගෙවීමට සැමියා මාසිකව දුන් මුදල් පස් වසරක් තිස්සේ යටිමඩි ගැසූ බිරියක නිසා දේපළ ඉඩකඩම් වෙන්දේසියේ විකිණීමට යාමේ පුවතක් මීරිගම ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සැමියා හමුදාවේය. පුලස්තිපුර පැත්තේ තරුණියක සමග ඔහු විවාහ වූයේ කලකට පෙරය. පියාගේ නිවසේ දෙදෙනා පදිංචි වූවත් දරුවා ලද පසු වෙනම නිවසක් අවශ්‍ය බව බිරිය නිතර සැමියාට කීවාය. සැමියා ණය මුදලක් ලබා ගන්නට සමුපකාරයේ පිහිට පැතීය. ඉඩමේ අයිතිය තමන්ට නැති කමින් ණය ගැනීමේ අදහස පසුවට කල් තැබූවත් පියා ඉඩම පරවා දුන්නේය. අනතුරුව ඉඩම ඇපයට තබා ගත් ණය මුදලින් නව නිවස හැදීම ඇරැඹිණි. නිවස ටිකෙන් ටික ඉදිවෙද්දී සැමියා මාසිකව බිරිය අත මුදල් තැබූයේ ණය වාරිකය ගෙවන්නටය. පසුගිය දිනක සැමියාගේ පියා හමුවීමට ගියේ වෙනත් අවශ්‍යතාවකටය. පුතාගේ ණය මුදලේ ගෙවා ඇත්තේ වාරික හයක් පමණක් බවත් පස් වසරකින් ශතයක්වත් ගෙවා නැති බවත් එහිදී ඔහුට දැනගන්නට ලැබිණ. ඉඩම වෙන්දේසියට සූදානම් බව දැනගත් පියා එය නවතන ලෙස ඉල්ලා ගෙදර ගොස් මේ ගැන පරීක්‍ෂා කළේය. බැංකු පොතේ නිසි පරිදි ගෙවූ මුදල් සටහන්ව ඇති බව ලේලිය කීවාය. ඇය මාමණ්ඩියට පොත පෙරළා පෙන්නුවාය. මේ ගැන බලන්නට සමුපකාරයට යමුයි කී ඇය දරුවා පාසලට රැගෙන ගියාය. ලේලිය එනතුරු බලා සිටියත් ඇය නාවේය. පියා මේ ගැන පුතුටද දන්වා පොලිසියේ පැමිණිල්ලක් සටහන් කළේය. බැංකු පොතේ සටහන් තබා ඇත්තේ ලේලිය විසින්ම බවද හෙළිවිය. දින ගණනක් ගත වූවත් ලේලිය ගැන තොරතුරක් නැත. ඇය අසල්වැසියන්ගෙන්ද මුදල් ණයට ගෙන ඇති බව ආරංචි වූයේ මේ අතරය. රැකියාවේ නිරත පුතු එනතුරු මුණුපුරා බලාගනිමින් පියා දැන් කල් ගත කරන්නේ මුදල් ගෙවා ඉඩම නිදහස් කරගන්නා ආකාරයක් කල්පනා කරමිනි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් විවාහ වෙන්න ඕන මොන වගේ පවුල් පසුබිමක් තියෙන කෙනෙක්ද සහ මොනවගේ කාන්තාවක්ද එයාගේ ගතිගුණ මොනවාද යැයි පරීක්ෂාකාරී වෙනවානම් පිරිමින් මේ තරම් අමාරුවෙ වැටෙන්නේ නැහැ..!(නු)
අවුරුදු පහක් යනකම් බැංකුව ඉවසුව එකත් පුදුමයි.!(නු)
මේවට කියන්න වචන නෑ (ස)
මේකෙ වරද බැංකුවෙ.. වාරික තුනකට වඩා වැඩියෙන් නොගෙව්වනම් වහා ක්‍රියාත්මක විය යුතුයි..! නීති සංශෝධනය කළ යුතුයි...!(නු)
බිරිද කලින් බැංකුවක වැඩ කරලා ඇති..ඒකයි බැංකුපොතේ සටහන් කරලා ඇත්තේ..!(නු)
හා හා මේකට බැංකුවත් හවුල් ඇති ඒකනේ අවුරුදු 05 ක් ගියේ..(ස)
ලේලිය තම අනියම් සැමියා සමග පැන ගොස් ඇතැයි කියා කතාව හමාර කරමු..(ස)
ඕකම මටත් වෙන්න ගිහින් අනූනමයෙන් බේරුණේ. (නි)
අනේ මෙහෙමත් ගැහැණු..!(නු)
හොද වැඩේ
අර මේජර්ගෙ ගොලයෙක් වෙන්න ඇතඅි මෙයාගේ බිරිදටත් මතක නැතිලු..!(නු)
පවු මේ පිරිමියා. (නි)
හොද වැඩේ
මේ කාන්තාවව කොටියා කන්න එපැයි. (නි)
අම්මණ්ඩි වෙන කෙනෙක් එක්ක ගිහං වගේ...!(නු)
ඇති වෙනනත් නැති වෙන්නත් හේතුව ගැහැණුම තමයි..!(නු)
ඉතාලියෙ ඉන්න වෙන්නප්පුවෙ සමහර අය ලංකාවෙ නම කැත කරනවා...!
හැමදේම වෙන්නෙ පිරිමින්ටයි. පිරිමි කරන වැඩ දැන් ගැහැණු හරි හරියටම කරනවා. ඒකනේ ඒගොල්ලෝ සම අයිතිවාසිකම් ඉල්ලන්නේ.... මේවගේ ගැහැණුන්ට දෙවියන්ම දඩුවම් දිය යුතුයි. අන්තිමට ඉතිරි කරපු සල්ලිත් නෑ, ගෑණිත් නෑ මේවා මහපොලවවත් නුහුලන අපරාධ...(ස)
කතාව හොදයි..!(නු)
හැට හතරෙන් එකක් දාලා වගේ..!(නු)
ගැනු ඔහොම මතම්යි
වංචාවක් කරලා කවදාවත් සැනසීමෙන් ඉන්න බෑ...(ස)
හොද වෙලාවට ජපානයේ සමූපාකාර නැහැ.(නදී)