IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


පෙරදා නයයි-මුගටියයි වගේ උන් දෙදෙනා පසුදා කිරියි පැණියි වාගේ

පාරිභෝගිකයින් නිතර යනෙන ආයතනයක පෝලිමේ සිටි මහත්වරු දෙදෙනෙකි. ඔවුන් අතර පැවති ආරවුලක් යලි මතුවී දෙදෙනාම පොර බදමින් එකිනෙකා සමග ඇනකොටා ගන්නට වූහ. මිතුරෙක් දෙදෙනාව දෙපැත්තට කළ අතර දෙදෙනාටම සුළු වශයෙන් තුවාල සිදුවිය. එක් අයෙක් තම වාහනයට නැගී පිටවූ පසු අනෙකාද මිතුරා සමග වාහනයෙන් පිටවිය. 


ආරක්‍ෂක නිලධාරියාට කතා කළ ආයතනයේ නිලධාරියෙක් “එස්.ඕ. ඇයි බලන් හිටියේ රංඩුව බේරන්න තිබුණනේ” යැයි පැවසීය. ආරක්‍ෂක නිලධාරියා පිළිතුරු දෙමින්, “සර් ඔහොම කිව්වට රංඩු උන දෙන්නම වැදගත් කස්ටර්මස්ලා දෙන්නෙක්. අනෙක මැනෙජර් මහත්තයා, දෙන්නම හොඳට අඳුනනවා. මම එතැනට ගිහින් රංඩුව බේරන්න හැදුවොත් මට විරුද්ධව කම්ප්ලේන් කරයි. කස්ටර්මස්ලාට සලකන්නේ නැහැ කියලා. එතකොට මට ට්‍රාන්සර් එකක් ලැබෙයි. 


රුපියල අස්සේ අළුක්කාල ගහන්න ඕනේ නැහැනේ. ආයතනයේ දේපලවලට හරි සර්ලට හරි ප්‍රශ්නයක් උනොත් මට අතදාන්න පුළුවන්. යනුවෙන් පැවසීය. පසු දින ආරවුල ඇති කළ දෙදෙනාම සතුටු සාමීචියේ යෙදෙමින් කළමනාකාර මහතාගේ කාමරයට ඇතුළු වූහ. ආරක්‍ෂක නිලධාරියා පෙරදින කතා කළ නිලධාරියාට ඇස් කොනින් දසුන පෙන්වීය.



අදහස් (0)

පෙරදා නයයි-මුගටියයි වගේ උන් දෙදෙනා පසුදා කිරියි පැණියි වාගේ

පිටබැද්දර ජයා Tuesday, 01 March 2016 09:55 AM

වික්‍රම ඒ කතාවනම් ඇත්ත ,අපි අතරේ තියෙන්නේ ඉතින් සංසාරේ ඉඳන් පතාගෙන ආපු යාළුකමක් මම හිතන්නේ වික්‍රම. (ර)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 01 March 2016 12:11 AM

මම හිතන්නේ ආරක්‍ෂක නිලධාරියාව පරීක්ෂා කෙරුවා මේ වගේ වෙලාවක ආරක්‍ෂක නිලධාරියා හැසිරෙන්නේ කොහොමද කියලා බලන්න. (නි)

:       0       0

වික්‍රම Tuesday, 01 March 2016 03:08 AM

ජයාගෙයි මගෙයි මිත්‍රත්වයට දැන් සෑහෙන කලක්. කවදාවත් විහිලුවටවත් ඇන කොටාගෙන නැහැ (නි)

:       0       0

අජිත් Tuesday, 01 March 2016 12:12 PM

ඕන් ඉතින් එකිනෙකාගේ පිට කහගන්න ගත්තා. (ර)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 01 March 2016 04:25 AM

මට හිතෙන හැටියට පසුව මිතුරා මැදිහත් වෙලා දෙදෙනාගේ ආරාවූල විසදන්න ඇති. (ර)

:       0       0

සමන් Tuesday, 01 March 2016 05:19 AM

ඔය වගේ දේවල් කොච්චර වෙනවද මේ සමාජයේ (හේ)

:       0       0

රූපවති Wednesday, 02 March 2016 07:33 PM

ඇයි පිටබැද්දර අයියේ අපි දෙන්නට කී දෙනෙක් නම් ආඩ පාලි කීවද ඒත් අපේ කනටවත් නෑහුනාවගේ අපි මේ කඩේට ඇවිත් හැමදාම ලංකාදීපය කියවනවා .... කොයි කාලේ ඉදන්ද..?ඒත් අපි තාමඅපේ මුනවත් දැකල නැහැ ...?ඒත් හරිම ලෙන්ගතුයි ..අනේ ...දෙවියන්ගේ පිහිටයි පත්තරේ කියවන හැමට ...!!! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site