(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
පැමිණිලි විභාගයක් සඳහා ගිය පොලිස් රාලහාමි කෙනෙකු නිවසක තනි පංගලමේ සිටි තරුණ ළදක් වැළද ගෙන කළ අනඟ රැගුමක් සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරින් විසින් පරීක්ෂණයක් ආරම්භ කළ බව මූදුකරයේ පොලිස් ස්ථානයකින් වාර්තා විය.
තම නිවස ආසන්නයේ ජීවත්වන පුද්ගලයකු නිතර බීමතින් පැමිණ තම දරුවන් පාඩම් කරන අවස්ථාව බලා ඔහුගේ නිවසේ ඇති ගුවන් විදුලි යන්ත්‍රය ගමටම ඇසෙන්න දැමීම ගොඩින් බේරා ගැනීමට නොහැකිවූ තරුණ දෙදරු මාතාව තම වසමේ පොලිසියට ගොස් පැමිණිල්ලක් කර පිහිට පතා ඇත.
ඒ අනුව පොලිස් නිලධාරියෙක් සිංහ ලීලාවෙන් වගඋත්තර පාර්ශවයේ නිවසට ගොස් මද වේලාවකින් පැමිණිලි පාර්ශවයේ නිවසට ගොස් ඇත. ඒ වන විට පැමිණිලිකාරිය පමණක් තනිවම නිවසේ සිට ඇත. සැමියා
රැකියාවට ගොස් තිබුණි.
නිවසට ඇතුළුවූ රාළහාමි කිසිවක් නොකියා ඉස්තෝප්පුවේ වූ පුටුවක අසුන්ගෙන කෝ මහත්තයා යි විමසා ඇත. මහත්තයා වැඩට ගිහින් ඇය කීවාය. එයා එන්නේ නැද්දයි විමසූ විට ඇය කියා ඇත්තේ දිවා ආහාරයට එන බවයි. ඒ අතර නැගිට සිටි රාලහාමි මට බොන්න වතුර වීදුරුවක් දෙන්නකෝ යි කියා ඇත.
ඇය මුළුතැන් ගෙට ගොස් වතුර වීදුරුවක් ගෙනෙන විට රාලහාමි සාලයට පැමිණ සිටියේය. සාලයේ බිත්තිවල තිබූ පිංතුර බලමින් කවුද මේවා ඇන්දේ යැයි ඇගෙන් විමසා ඇත.
ඒ මගේ දරුවන් යි ඇය කියන විටහ ශා... හරි ලස්සනයි කියමින් වතුර වීදුරුව අසල මේසයක් මත තියා එක වරටම පැන කාන්තාව දැඩිව බදාගෙන ඇත.
චිකේ රාළහාමි මේ මොනවාද කරන්නේ. යි කියමින් ඇය ඔහු තල්ලු කර මිදුලට පැන ඇත.
හරි හරි කලබල කරන්න එපා. කාටවත් මේ ගැන කියන්නත් එපා. මම අරූට පාඩමක් උගන්වන්නම් කියමින් නිවසින් පිටව ගොස් ඇත.
පසුව සිද්ධියෙන් දැඩි ලෙස බියට පත් කාන්තාව සිද්ධිය වහාම දුරකතනයෙන් සැමියාට දන්වා පසුව මේ බව උසස් පොලිස් නිලධාරීන්ටද දන්වා ඇත.
දැන් මේ ගැන පරීක්ෂණයක් සිදුවේ.
මෙම පොලිස් ස්ථානයේම වෙනත් පොලිස් රාලහාමිකෙනකුද පැමිණිලි විභාගයකට ගොස් කාන්තාවකට අතවර කිරීමට තැත්කිරීම නිසා ගමේ කොලු රැල ඔහු අල්ලා හොඳ සංග්‍රහයක් කර පොලිසියට බාරදුන් බවද වාර්තා විය.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැමිණිල්ලක් විභාගයට ගිය රාලහාමි නියම තොප්පියක් දාගෙන
sampath Friday, 16 August 2019 09:53 AM
එකක් කඩතොළු වසාගන්නට ගොසින් මට වූ කාරියට දෙකක් කඩතොළු හදාදුන්නේ ඉඳුරුවේ ආචාරියායි..