වයඹ ප‍්‍රදේශයෙහි නිවෙසක බළල් පැටවුන් හයදෙනෙක් නිසා නිවැසියෝ දැඩි අසීරුතාවට පත්ව සිටින නිසා නිවසේ ගෘහණිය නිතරම තම සැමියාට ‘‘අනේ... මෙයා, බළල් පැටවු කොහෙටහරි ගෙනිහින් දාන්නකෝ...
දාන්න තැනක් නැත්නම් මුන්ට කෑම බීම තියෙන පන්සලකට ගෙනිහින් දාන්න කෝ ’’ යැයි කීවාය.‘‘
ඒ වැඬේ හොඳා. පවක් සිද්ධ වෙන්නෙත් නැහැනේ’’ යැයි සිතූ සැමියා නිවසේ තිබූ කාඞ්බෝඞ් පෙට්ටිය තුළ බළල් පැටවු හයදෙනා දමාගෙන රාත‍්‍රියෙහි පන්සලේ ගේට්ටුව අසලින් තබා හීන් සීරුවේ මාරු විය. රාත‍්‍රියෙහි ගේට්ටුව වැසීමට පන්සලේ හාමුදුරුවෝ ගේට්ටුව අසලට පැමිණෙන විට කාඞ්බෝඞ් පෙට්ටිය දැක විදුලි පන්දම දල්වා බලන විට බළල් පැටවු හයදෙනෙකු පෙට්ටිය තුළ දැක පන්සලේ ඇබිත්තයාට කතා කර ‘‘අනේ... පව් මේ පැටවු ටික පන්සලේ දාන ශාලාව පැත්තෙන් තියන්න’’ යැයි කීහ.
‘‘හාමුදුරුවනේ මේ පෙට්ටිය ඇතුළේ හැඳුනුම්පතක් තියෙනවා’’ යැයි ඇබිත්තයා කීය. හැඳුනුම්පත බැලූ හාමුදුරුවෝ ‘‘ආ... මේ අපේ දායකයෙක්නේ’’ යැයි පැවසූහ. හාමුදුරුවෝ පසු දින හැඳුනුම්පත හිමි දායකයාට පන්සලට එන්න කියා පණිවිඩයක් යැවූහ. දායක මහතා පන්සලට පැමිණ ‘‘අපේ හාමුදුරුවනේ මට එන්න කීවේ’’ යැයි ඇසීය.
‘‘ආ... දායක මහත්තයගේ හැඳුනුම්පත ඊයේ හැන්දෑවේ අර ගේට්ටුව ළඟ තිබූ කාඞ්බෝඞ් පෙට්ටියේ බැරි වෙලා ගිහින් තිබුණා. ඒක දෙන්න එන්න කීවේ.’’ හාමුදුරුවෝ කිසිවක් නොකියා හැඳුනුම්පත දුන්හ. හැඳුනුම්පත ලබා ගත් දායක මහතා වැඬේ මාට්ටු වූ බව දැනගත් නිසා කට උත්තර නැතිව එතැනින් හෙමිහිට මාරු වෙලා ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වියා, ඔයාලගේ හාමුදුරුවන්ට අලියෙක් දෙන්නද කියලා අහල බලන්න. (බ)
ආනේ ජයා ....වයඹද ඔයා .....කොතෙකුත් කෙනෙහිලිකම් තිබුනත් මහින්ද මහත්තය ආවත් හරි.....කොහොමද තිබුන පිළිගැනීම.....එතුමාගේ සංකල්පයක් ......ඔයාලට ත් අධිවේගී....පහසුකම් නුදුරේදීම ලැබෙනවා ...කොහොමද කනාටු පොල්වතු මැදින් ...අධි වේගෙන් නුවර යනකොට? අර ඔයාලගේ මනාපේ ගන්න පුල්ලි තිබුන කෙනෙකුත් ආව නේද ?...කොහොම උනත් ඔයාලගේ සත්ව කරුණාවට ගොඩක් තුති... උපාසකතොමෝ... (බ)
දායක උන්නැහැගේ පටි රෝල් වුනා මේ විදිහට එහෙනම්. (බ)
අපේ ගමේ පන්සලෙත් ඔය වගේ දේවල් වෙනවා . හැබැයි ඒ පන්සලේ නම් බළල් පැටව් ඇතුලට ගන්නේ නැහැ . උන් පාරේ එහෙ මෙහෙ ගිහිල්ල වාහනවලට අහුවෙලා මැරෙනවා (නදී)
ක්‍රිස්, ඉතින් නෝනට මොකද වුණේ? (නි)
ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ඉබේම ලැබිලා (නි)
මගේ අතීතයත් මට මතකයට ආවා අපේ ගෙදර ට කොහෙන්දෝ පුසියෙක් ආවා මම කන්න බොන්න දුන්න .පස්සේ ඌ පැටවෙක් දැම්මා. පුස් පැටියා අපේ අැද උඩ ජරා කරලා .නෝනා හෙන ලෙඩේ පුස් පැටියා ගිහින් දාන්න කියල .මම උෟව පන්සලක අතරමන් කරලා ආවා . ඒ පාපෙට මම යුරෝපේ සදාකාලික අතරමන් වෙලා. (බ)
පන්සලේ දායකයෙක් වුනාට සත්ව කරුණාව ගැන බුදු බණේ තියෙන වදන් දන්නේ නැතුව වගේ.(නදී)
නැතුව අලි ඇතුන් දන් දීල තව නඩුත් දාගන්නද ? (නදී)
පැයක් හිනා උනා. (නදී)
මහින්ද මහත්තයෝ , ඔයාල වයඹට ආවත් හරි වයඹත් නැති උනාද මන්ද ?(නදී)
පුහුල් හොරා කරෙන් දැනේ (නදී)
මේක පරණ දෙය්යෝ සාක්කි කතාවක් ද . (අ)
කතාව ලස්සන නිසා කලින් නොබලපු අයට බලාගන්නත් පුළුවන්. (නදී)
ගෙදර පුසෙක් හදා ගත්තානම් ඔය වාගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ නැහැ නේද? (බ)
උපාසක අම්මත් උපාසක මහත්තයත් අද වගේ පෝය දවසකටවත් පන්සල් යාම නතර කරාවි. වයඹ පළාත් වලත් මේ වගේ දේවල් වෙනවනේ. අනේ අනිච්චන් (නදී)
පිටබැද්දර ජයා කියන විදිහට මහින්ද මහත්තය එන්ඩ කලින් වයඹ මේ වැඩ වෙලා නැද්ද? මේකටත් දේශපාලනේ ගාවගෙනනෙ?(අ)
ගෙදර තියාගන්න බැරි නම් මේ අහිංසක පැටව් මරා දාන්නද? සුදුසුම තැනට ගෙනවිත් දා තියෙන්නේ. බලන්න ස්වාමීන් වහන්සේ ඔවුන් කරුණාවෙන් භාර ගත් හැටි.(නදී)