තරුණ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙක් පෞද්ගලික බැංකුවක ආරක්‍ෂාවට යොදවා තිබුණි. බැංකු නිලධාරීන්ගේ සම්මන්ත්‍රණ, පුහුණු වැඩමුළු ආදිය පැවැත්වූයේ බැංකුවේ උඩු මහලේය.
දිනපතා ආරක්‍ෂක නිලධාරීන්ට උදේ සවස කිරි තේවලට අමතරව කෙටි කෑමක් ද නොමිලයේ ලැබුණි. දිනක් මෙම ආරක්‍ෂක නිලධාරියාව වෙනත් ආයතනයකට මාරු කෙරිණි. එය රාජ්‍ය ආයතනයකි. ආරක්‍ෂක නිලධාරියා වැඩ භාරගත් මුල්ම දිනයේදී උදේ දහය පසු වුවත් තේ කෝප්පයක් නොලැබුණු නිසා එතැන සිටි කාර්යාල කාර්ය සහායක මහතා හමුවිය.
“මොකද මල්ලී?” යැයි හෙතෙම විමසීය. එවිට ආරක්‍ෂක නිලධාරියා, “තවම තේ ආවේ නැහැනේ. මම හිටිය තැන නම් මේ වෙලාවට මොනවා හරි කාලා, කිරි තේ දෙපාරක්ම බීලා” යැයි කීය. එවිට කා.කා.ස. මහතා සිනාසී, “ඒ මල්ලී පෞද්ගලික ආයතනවලනේ. මේවා රජයේ ඒවා හැමදාම පාඩුයි. මෙහෙ සර්ලා මිස්ලා සල්ලි එකතු කරලා, සීනි තේකොළ ගෙනල්ලා, තේ හදාගෙන බොන්නේ, ඒත් ප්ලේන් ටී” යනුවෙන් පැවැසීය. ආරක්‍ෂක නිලධාරියා සංචාරක නිලධාරියාට මෙසේ කීය. “අනේ සර් මෙන්න වැන්දා මාව රජයේ තැනකට නැතිව වෙන කොහාට හරි ගිහින් දාන්න. මට කලන්තේ වගේ. මෙහෙ තේ තියා ඇල්වතරවත් නැහැ”
ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුර.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පෞද්ගලික ආයතනයේ එහෙමයි: රාජ්‍ය ආයතනයේ මෙහෙමයි