IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නව දිවියකට හැඩවෙද්දී අසාධ්‍යව රෝහලේ සැමියාටත් අනියම් බිරියටත් මිරිස් කුඩු සංග්‍රහයක්

(කුරුණෑගල විශේෂ අතුල පී. බණ්ඩාරනායක)

විවාහක කාන්තාවක සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ විවාහක පුද්ගලයෙකු ලැගුම්හලකදී අසුවීමෙන් පසු පොලිසියට කැඳවා දුන් අවවාද නොපිළිගත් එම යුවළ දරුවන් හතර දෙනෙකු හා විවාහක අඹු සැමියන් අතහැර අලුත් ජීවිතයක් ගත කිරීමට යාමට පොලිසියෙන් පිටවී ත්‍රිරෝද රථයකට ගොඩවීමේදී නීත්‍යානුකූල බිරිඳ පුරුෂයාටත් අනියම් කාන්තාවටත් මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කළ පුවතක් කුරුණෑගල පොලිසියෙන් වාර්තා වේ.

තම බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ මල්ලවපිටිය ප්‍රදේශයේ අවන්හලක සිටින බව පුරුෂයා පොලිස් හදිසි ඇමතුම් අංශයට ඉකුත් 15 වැනිදා දුන් දුරකතන ඇමතුමක් අනුව කුරුණෑගල පොලිසියේ නිලධාරීන් අනියම් යුවළ පොලිසියට කැඳවාගෙන ගිය බව පොලිසිය කියයි. පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරීන් හෙළිකරගත් තොරතුරු අනුව මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි වරාය අධිකාරියේ සේවය කරන 42 හැවිරිදි පුද්ගලයකු වන මොහු දැරියන් දෙදෙනෙකුගේ පියෙකු බවත් 34 වියැති කාන්තාව ද රිදීගම ප්‍රදේශයේ පදිංචි දැරියන් දෙදෙනකුගේ මවක් බවත් හෙළි වී ඇතැයි පොලිසිය කියයි. මොවුන් දෙදෙනා කලක සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වූ බවත් දෙදෙනාටම සිටින ගෑනු දරුවන්ගේ අනාගතය ගැන සිතා මින් මතුවට මෙවැනි වැරදි නොකරන හොඳ පවුල් ජීවිතයක් ගත කරන ලෙස පොලිසිය දුන් උපදෙස් නොපිළිගත් අනියම් යුවළ දරුවන් හතරදෙනා හා අඹු සැමියන් අතහැර ඔවුන් වෙනම ජීවත් වන බව පවසා පොලිසියෙන් පිටව ගිය බව පොලිසිය පවසයි.

පොලිසිය ආසන්නයේදී ත්‍රිරෝද රථයකට ගොඩ වූ අනියම් යුවළ සිටින තැනට ගිය නීත්‍යානුකූල බිරිඳ පුරුෂයාටත් අනියම් බිරියටත් මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කරනු දුටු පොලිස් නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන නඩු පවරන තෙක් පොලිස් ඇප මත මුදාහැරිය බව පොලිසිය කියයි. කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ, සහකාර පොලිස් අධිකාරි (i) සමන් දිසානායක මහතාගේ උපදෙස් පිට කුරුණෑගල විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියරත්න බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරුන් වන ලන්සක්කාර (41323) ධර්මරත්න (60859) හා කාන්තා පොලිස් කොස්තාපල් ලක්මාලි (2329) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූහ.



අදහස් (0)

නව දිවියකට හැඩවෙද්දී අසාධ්‍යව රෝහලේ සැමියාටත් අනියම් බිරියටත් මිරිස් කුඩු සංග්‍රහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 286 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 90 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site