තම නිවසේ උඩුමහල කුලියට දී පහත මහලේ තනියම වෙසෙන තරුණයෙකි. හෙතෙම සර්පයින්ට ඉමහත් බියක් දක්වයි. ගැරැඬියෙක් වත්තට පැමිණියත් උඩමහලේ කුලී නිවැසියාට දන්වා ඌ එළවා දැමීමට උදව් ඉල්ලීම ඔහුගේ සිරිතය.
දිනක් කුලී නිවැසියාට රාත‍්‍රිය තම මිතුරකුගේ නිවසේ ගත කිරීමට සිදුවිය. රාත‍්‍රී දහයට පමණ ඔහුගේ ජංගම දුරකතනය නාදවූ අතර ඇමතුම නිවසේ අයිතිකරුගෙන් බව හඳුනාගත් ඔහු ”ඔව් මල්ලී කියන්න” යැයි පැවසීය.
”අනේ අයියේ මල් පෝච්චියේ නයෙක් ඉන්නවා. පල්ලෙහාට එනවද” යැයි තරුණයා විමසීය.
”අනේ මල්ලී මම ඉන්නේ යාළුවෙකුගේ ගෙදර” යැයි පැවසූ විට, ”අයියේ මූ ගේ ඇතුළට යයිද දන්නැහැ” තරුණයා බියපත් හඬකින් පැවසීය.
”හරි හරි බයවෙන්න එපා. තාප්පෙ අයිනේ දිග කෙක්කක් තියෙනවා නේද? ඒක අරගන්න. ගේ ඉස්සරහා පොල් ගහේ මම දැක්කා වේලිච්ච පොල් ඉත්තක් වැටිලා තියෙනවා. ඒකෙන් පොල් කොළ ටිකක් කඩලා පන්දමක් හදාගෙන කෙක්කට බඳින්න. ගේට්ටුවේ ලියුම් පෙට්ටිය ඇතුළේ ගිනි පෙට්ටියක් ඇති. ඒකෙන් පන්දම පත්තුකරලා, ගිනි ගන්න හුළු අත්ත නයාට අල්ලන්න” යැයි පැවසීය.
දුරකතනය විසන්ධි විය. විනාඩි කිහිපයකින් නැවතත් කුලී නිවැසියාගේ දුරකතනය නාද විය. එවිට ඔහු ”මොකද මල්ලී උනේ නයා දිව්වාදැයි” ඇසීය. ”ආ අයියේ ඌ නයෙක් නෙමේ. සර්ප හැවක්” යැයි තරුණයා සිනාසෙමින් පැවසීය. ”එහෙනම් ගුඞ් නයිට්” යැයි පැවසූ කුලී නිවැසියා දුරකතනය නිවා දැමීය. මෙය රාගම නගරයෙන් අසන්නට ලැබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී,මම ලඟත් චුටි මුගටි පැටියෙක් ඉන්නවා. ඌවත් යවමු අර මල්ලිට.(නදී)
මෙහෙමත් ගැරඩියෙක්.(නදී)
හොද වෙලාවට දුරකතනයක් තිබුනේ. ඔය තරුණයා අවරුදු 20 කට පෙර හිටියා නම් හිතාගන්නවත් බැහැ මොනවා කරගනිවිද කියලා. (නි)
යොහාන්, ගාමිණි කියන සුහද මාරුවට ඔයා කැමති වෙන්න. එයා කියන විදිහට එයාගේ හෝතඹු පැටියා ඔයා අරගෙන හුරතල් කරන්න. ඔයාගේ මුගටි පැටියා එයාට දෙන්න (නි)
කැලණිය පැත්තේ ඉන්නවාලු විෂඝෝර නයෙක්. ඌත් නිතරම හැව අරිනවා , කට අරිනවා, මිනිසුන්ව පරලොව අරිනවා. (නි)
මමත් මේ හා සමාන කෙනෙක්. ඇයි මන්ද ?මම කුඩා කාලේ ඉදන් පණුවන්ට, දලඹුවන්ට බයේ ජීවත් වෙන කෙනෙක්. කුඩා කාලේ අම්මගෙන් බැනුම් අහන්න බැරි නිසා, කුඹුරට යනවා සියල්ලම එක්ක තණකොළ ගලවන්න. දලඹුවෙක් දැක්කොත් දුවනවා අල්ලපු ලියදි වලත් කට්ටිය දුවන් එනවා නයෙක්වත් කාලද අර කෙල්ල දුවන්නේ කියලා. අදටත් පලා මිටියකවත් , පලතුරු ගෙඩියකවත් පණුවෙක් දැක්කොත් හූ කියනවා. ඒක ඉබේම සිදුවෙනවා. (නි)
ඔව් ඔව් මටත් ආරංචි වුනා, පහුගිය දවසක රන්දි තවත් කට්ටියක් එක්ක ගම්පහ පැත්තේ ඇලක නනා ඉදලා පොලිසියෙන් අල්ලාගෙන ගීයා කියලා! කවදද අවේ! (නි)
යොහාන් ගේ මුගටි පැටියා දෙන්න වෙන අහල පහල කවුරුත්ම නැද්ද?? මේ මල්ලිටම දෙන්න හදන්නේ. (නි)
රුපවති, පැණි හඳේ යන දවසට ලොකු හූවක් ඇහේවි.(නදී)
යොහාන් මල්ලී, ඔය හැව ඇරපු නයා නැවත එනවා එනවාමයි! ඒ නිසා සුහද මාරුවක් කරගනිමු. ඔබෙන් මුගටියා,මගෙන් හෝතඹුවා.මේ දෙන්නම දෙමු. බිත්තරත් මගේ ගානේ. මම ණයා අල්ලා ගන්නම් ඔබ හැව ගන්න.මට ප්‍රශ්නයක් නැහැ දෙකෙන් එකක් ඔබම තෝරා ගන්න.මේවා සෑහෙන්න බොන්න ඕනෑ ප්‍රශ්න. (නි)
අනේ අනිච්චං! නයි නළගන ආවා නම් එයාවත් ගෙට ගනීවි. (නි)
නොදන්නා දෙයකට උපදෙස් ගැනීම හොඳයි. නමුත් විමසිලිමත් වීම හා පරික්ෂාකාරී බව ඊටත් වඩා හොඳයි. (නි)
මේ මනුස්සය හරිම මෝඩයිනේ. හැව ඇතුල තනිකරම හිස් නේ. ටිකක් ඕනෑකමින් බැලුවා නම් පේනවා ඇතුල හිස් බව. ඔන්න හැව ඇතුලේ පිරිලා තිබුනා නම් ඇත්ත සර්පයෙක් කියලා හිතන්න තිබුනා. එහෙම වෙලත් සර්පයො අඳුනා ගන්න බැරි අවස්ථා නැතුවා නෙමෙයි. සමහර විෂඝෝර සර්පයො පිටත සුදු හැවට යටින් හොඳට කඳ මහතට පේනවා. ඒත් අපි උන්ව අඳුනා ගන්නෙ නැහැ. (නි)
වනචරකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා යොහාන් මුගටි පැටියෝ. (නි)
මේ වගේම දෙයක් පානදුරේ මාලමුල්ලෙත් වුනා (නි)
රුපවති අක්ක වෙවේ දියබුන් ගහනකොට පණුවෙක් එහෙම හිටියොත් මොකද කරන්න! හූ කියල ගොඩ එනවද?(නදී)
මොනවා උනත් පව් අප්පා! ඒ මල්ලී සර්පයින්ට හුඟක් බය නිසා මට පුළුවන් උදව්වක් කරන්න. අපේ වත්තේ මුගටියෝ, හොතම්බුවෝ රෑනක් ඉන්නවා. සර්පයෝ,ගිලිනවා. ගොලුබෙල්ලන්ගේ ජුස් බොනවා. සර්පයෙක් අද වෙනකන් දැකලා නැහැ. කැමති නම් මල්ලිට මුගටි පැටියෙක් දෙන්නම් ඇති කරන්න.(නදී)
දාන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද?(නදී)
සරත්, ආ මටත් ආරංචියි සරතුත් එතන මාර ගහක් යට ඉදන් බලන් ඉදලා පොලිසියෙන් අල්ලගත්තා කියලා. ඒ ඇලේ නාපු හැමෝම ඔයාලගේ ගමෙලු නේද?(නදී)
ඔය වගේම තමයි දැන් ඉන්න මනුස්සයෝ අදුනගන්නත් බැහැනේ නේද ?(නදී)
මාරු උපදෙස් ටික. ඇත්තටම ඌ නයා වුනා නම් හුළු අත්ත පත්තු කරගෙන එනකන් පුටුවක් උඩට වෙලා පත්තරේ බල බලා ඉදී .අනේ හැබැට මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ රටේ? (නි)
සරත්, පරිස්සමට වැව අයිනේ කොහිල වලේ හැංගිලා ඉන්න කොටත්, සර්පයෝ කයි. එහෙම උනොත් පව් ඔයා. පහු ගිය දවසකත් ඔයා කොහිල වලක ඉදන් වැටි වැටී දිව්වලු මෝටර් සයිකලෙත් දමලා.(නදී)
අපේ සර් කෙනෙක් හිටිය හරි කයිවාරුකාරයා.පිස්සු බල්ලෙක්ට වෙඩි තිබ්බ වැදුනේ නැහැ අපිට කිව්වා අල්ලලා බැදල දෙන්න වෙඩි තියන්නම් කියලා. අපිත් ඒකාලේ බරපතලකමක් තේරෙන්නේ නැහැ අපි මන්දක් ගහල බල්ලව අල්ලලා බැදල දුන්නා. සර් ඇවිල්ල වෙඩි තිබ්බා වැදුනේ ලනුවට බල්ලා පැනල ගියා.(නදී)
අනේ රූපවති, ඔයා ඔයා විදිහට පණුවන්ට බයනම් ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වේවි. (නි)
එන ඔව් රූපවතී අක්කේ! මම හැමදාම බලාගෙන ඉන්නවා නාඹර ගැටිස්සියක්වත් නාන්න එයිද කියල! කෝ ! හැමදාම එන්නේ එකම කෑලි තුනම තමයි ! ( රූපවතී,රන්දි,චන්දි) දුක තමඊ! (අ)