බිරියට නිවුන් දරුවන් දෙදෙනකු ලැබුණු බවත් ඉන් එක් දරුවකු මියගිය බවත් පවසා මරණාධාර සමිතියෙන් රුපියල් දහදාහක් වංචාවෙන් ගත් පුවතක් හාලිඇල ප‍්‍රදේශයේ ගමකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
දරු ප‍්‍රසූතිය සඳහා තම බිරිය බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ සැමියා හාලිඇල නගරයට පැමිණ ඇත. තමා සන්තකයේ මුදල් නොමැතිවීම නිසා ඔහුට අපූරු අදහසක් පහළ විය. ඔහු සාමාජිකත්වය දරන මරණාධාර සමිතියේ නිලධාරීන් හමුවී තම බිරිය දරුවන් දෙදෙනකු බිහිකළ බවත් ඉන් එක් දරුවකු මිය ගිය බවත් මළ සිරුර වත්තට රැුගෙන නොඑන බවත් පවසා මරණාධාරය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
වහාම ක‍්‍රියාත්මක වූ නිලධාරීන් දෙදෙනා හාලිඇල ලංකා බැංකුවට පැමිණ රුපියල් දස දහසක මරණාධාරය ලබා දී තිබේ. පැය ගණනක් ගිය පසු එම පුද්ගලයා හොඳ හැටි මත්පැන් බී පදම් වී සිටිනු දුටු නිලධාරීන්ට සැකයක් පහළවී ඇත. ඔවුන් පසුව රෝහලට ගොස් කරුණු සොයා බලද්දී බිරිය එක් දරුවකු ප‍්‍රසූත කළ බවට හෙළිවී තිබේ.
තොරතුරු දැනගත් නිලධාරීන් වහාම බදුල්ල පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇති අතර පසුව මරණාධාරය වෙනුවෙන් ලබා දුන් රුපියල් දස දහස නැවත සමිතිය වෙත ගෙවීමට අදාළ පුද්ගලයා පොලිසියේ දී එකඟවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු,අරක්කු වලට බිරිද හරි දුව හරි විකුණන කාලයක් මේක ? ඒ වුනාට කියන්නේ මතට තිත කියලා. (ස)
සම්පත් මහත්මයා අදහසක් දාලා තිබුණා.අරක්කු බොන්න සල්ලි තිබෙනවා මින්සිසුන්ට දැන් පේනවා නේද බොන පාට්ලගේ හැටි. (ස)
මේ මිනිහ නරක වැඩේ කලත් මාර මොළ කාරයෙක්,අර නිලධාරී දෙන්නටම වඩා. බිවුවේ නැත්නම් අහුවෙන්නේ නැහැනේ. (නි)
නිලධාරීන්, හරියට හොයල බලල සල්ලි දුන්නනම් ඉවරයිනේ.(ස)
අපේ ගමේ මරණාධාර සමිතියේ මුදල් ගෙවන්නේ මාස හයකට වැඩි වයසේ සාමාජිකයකුගේ මරණයකදී විතරයි. උපන් ගමන් මියගිය දරුවන්ට ගෙවන්නේ නැහැ. (නි)
අනේ මන්දා. අපි නම් ඕවා දන්නෙ නැහැ (නි)
අනේ මෙහෙමත් මිනිස්සු.(නදී)
ලැබුණු දරුවා විකුණගෙන සල්ලි හොයන්න නොහිතපු එක ඇති.(නදී)
විකුණලා තියෙන්නේනම් නුපන් දරුවනේ තවම මතට තිත නෙවෙයි මතට හිත.(නදී)