IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දායක සභාවේ සභාපතිට කනාටු ගස්වලින් ලොතරැයියක් ඇදිලා

විශාල පන්සල් වත්තක් සහිත විහාරස්ත දායක සභාවට අලූත් සභාපතිවරයකු තෝරා පත්කර ගත්තේය. ඔහු පත්වූ සැනින් ලොකුහාමුදුරුවන්ට යෝජනා කළේ අපෙ නායක හාමුදුරුවනේ අපි මේ පල නොදරන කණාටු පැරණි පොල් වගාව ඉවත් කරමු. අලූතින් පොල් හදමු. සහනාධාරත් ලබාගමු යනුවෙනි. ලොකු හාමුදුරුවෝද අදහස අනුමත කළහ. අලූත් සභාපතිවරයා පැරණි පොල් වගාව ඉවත්කිරීමේ වැඩ පසුදාම ආරම්භ කළේය. යන්ත‍්‍රානුසාරයෙන් පොල්ගස් කපයි. විවිධ ප‍්‍රමාණවල කඳන් කුට්ටි කරයි. අවම වශයෙන් පොල් කඳන් පටවාගත් ට‍්‍රැක්ටර් ටේ‍්‍රලර් තුනක්වත් දිනපතාම පන්සල් වත්තෙන් නගරය බලා පිටත්වෙයි. මෙසේ දින සති බවට හැරී ගෙවීගියේ දෙසතියකි. පැරණි පොල්වගාව ඉවත්කිරීමේ ආනිශංසය හේතුකොටගෙන අලූත් සභාපතිවරයා මාර්ග ඵලයක් ලැබුවේය. එම මාර්ගඵලය අලූත් වර්ගයක අලූත් හැඩයේ යතුරු පැදියකි. සභාපතිවරයා දැන් පන්සලට එන්නේ යන්නේ එම යතුරු පැදියෙනි. අන්න බලාපල්ලා අලූත් සභාපති තුමාට පරණ පොල්ගස් කැපීමේ පින පලදීලා තියන හැටි. බ‍්‍රෑන්ඞ්නිව් බයික් එකක්. හිටපු සභාපතිතුමා කඩමණ්ඩියට පැමිණි අවස්ථාවකදී ගමේ පිරිසක් අමතා පැවසුවාලූ.



අදහස් (0)

දායක සභාවේ සභාපතිට කනාටු ගස්වලින් ලොතරැයියක් ඇදිලා

අමිල කටුනායක Tuesday, 07 August 2012 02:23 PM

මෙහෙම ගියොත් පන්සලේ පරණ ගොඩනැගිලි ටිකත් කඩලා ඒවා කොටස් කරලා විකුණයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ගුණරත්න Thursday, 09 August 2012 08:44 AM

මේ මනුස්සයා මෙච්චර දෙයක් කරනකන් දායකයොයි හාමුදුරුවොයි මොනවද කරේ.....?(ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 07 August 2012 03:23 PM

ඔබලාට ඊරිසියාද?(නු)

:       0       0

රුවන් Wednesday, 08 August 2012 02:17 AM

අනේ සාදු....!!(නු)

:       0       0

සුමනා ගෝමස් Wednesday, 08 August 2012 08:23 AM

සාධු සාධු ! දැන් කටාර් වලට හොඳට වහිනවලු. හැබැයි ලලිත් වාචසික සංවරය වගේම මානසික සංවරයත් අවශ්‍යයි.(වි)

:       0       0

සරත් Tuesday, 07 August 2012 04:39 PM

ලලිත් අපිටනම් එහෙම තමා.. ඔබට..!!(නු)

:       0       0

සංජු Wednesday, 08 August 2012 06:55 PM

පරණ පිනක් මුගෙ හිසේ කඩාගෙන වැටිලා... (නි)

:       0       0

කුරේ Tuesday, 07 August 2012 11:23 AM

මෙතුමා කලින් ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක් වෙලා හිටියද දන්නේ නැහැ. (නි)

:       0       0

දයා-සවුදි Tuesday, 07 August 2012 12:07 PM

එතුමා බ්‍රෑන්ඩ් නිවු බයික් එකෙන්ම තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට යයි. (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 07 August 2012 06:06 PM

සරත් මට එහෙම හිතුනත් කියන්නෙ නැහැ.. ඔයත් එහෙම ඉන්න උත්සාහ කරන්න.. පේනවානේ දැං අපේ වැව් හිදිලා වැස්ස නැහැ.. තව ටික දවසකින් බොන්න වතුරත් නැති වෙයි..! (නු)

:       0       0

මහීපාල Wednesday, 08 August 2012 11:58 PM

ඊර්ෂ්‍යාවයි නේද? කොච්චර පිනක්ද කරගෙන තියෙන්නේ? සන්තෝෂයි. අනේ සාදු! ඔයාලත් උත්සාහ කරන්න. (නි)

:       0       0

රුවන් Wednesday, 08 August 2012 12:07 PM

පොඩි මිනිහට හුලන් (දී)

:       0       0

දම්මික Wednesday, 08 August 2012 12:05 PM

සන්තෝසයි (දී)

:       0       0

සුසිල් Wednesday, 08 August 2012 12:05 PM

කොච්චර පිනක්ද කරගෙන තියෙන්නේ (දී)

:       0       0

වරුණ Tuesday, 07 August 2012 01:15 PM

පන්සලෙන් හෝ තමන්ට ගොඩ යෑමට හැකිනම් එයයි සැබෑ ආශ්චර්යය වන්නේ. (නි)

:       0       0

සත්සරණි Thursday, 09 August 2012 07:47 AM

සමහර ප්‍රතිචාර වලින් බුදු දහමට නිගරු වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site