(වියලුව වාර්තාකරු)
ජනාධිපතිවරණ ප්‍රථිඵලය සම්බන්ධයෙන් ගිවිසගත් ඔට්ටුවක් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වී සති කීපයක් ගතවන තුරුත් ඉටු නොකිරීම නිසා ඒ වෙනුවෙන් ගිවිසගත් කුඹුරුයාය තමන් නමට ලියවා ගැනීමට ප්‍රදේශයේ සාමදාන විනිශ්චයකරුවකු ද තම යතුරුපැදියේ නංවාගෙන පරාජිතයාගේ නිවස වෙත ගිය පුද්ගලයකු පිළිබඳව පුවතකි මේ.

සිද්ධිය මෙසේය.
ඔවුන් දෙදෙනා යහමින් දේශපාලන උණ වැළඳුණු ප්‍රතිවිරුද්ධ පක්ෂ දෙකක සාමාජික දෙපලකි.
ඉකුත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වූ ප්‍රධාන පක්ෂ දෙකෙන් තමුන් නියෝජනය කරන පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කළහොත් තම කුඹුරු යාය අනෙකාගේ නමට ලියා දෙන බව එක් අයෙක් පැවැසුවේය.
“මට කුඹුරක් නැහැ. ඒත් මගේ නමින් බැංකුවේ තිබෙන රුපියල් ලක්ෂ තුනම උඹට දෙනවා” යයි අනෙකාද අභියෝගය බාර ගනිමින් පැවසුවේය.
ප්‍රදේශයේ තවත් කීපදෙනෙක් සාක්ෂිකරුවන් ලෙසද පෙනී සිටියහ.
ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වෙද්දී කුඹුරු හිමියා පරාජයට පත්වී තිබිණි. ජයග්‍රහණය සැමරූ ජයග්‍රහකයා දින කීපයක් ගතවන තුරු බලා සිටියේ ඔට්ටුවෙන් හිමිවූ කුඹුරුයාය තමන් නමට ලියා දෙන තුරුය.
එහෙත් එය දිනෙන් දින කල් දැමූ පරාජිතයා එළඹෙන මහ කන්නයේ වගාව සඳහා එය එළි පෙහෙළි කරන්නට පටන්ගෙන ඇත්තේ ඔට්ටුව පිළිබඳ අමතක කර දමමිනි.
සාක්ෂිකරුවන් කොතෙක් බලපෑම් කළ ද ඒ පිළිබඳව ද ඔහු තුළ ලොකු උනන්දුවක් නොතිබිණි.
අවසානයේ තීරණයක් ගත් ජයග්‍රහකයා ගමේ සාමදාන විනිශ්චයකරුවකු ද සිය යතුරුපැදියේ නංවාගෙන පරාජිතයාගේ නිවසට ගොස් කරුණු පහදා දී කුඹුර තමුන් නමට ලියවා දෙන්නයි ඉල්ලීමක් කළේ නැතහොත් ගැටලුව දුරදිග යන බව පවසමිනි.
අවසානයේ තම බිරිඳගේද දෙස් දෙවොල් මැද ගිවිසගත් පරිදි කුඹුරුයාය ලියා දීමට පරාජිතයාට සිදුවූයේ කළ හැකි අන් යමක් නොතිබූ බැවිනි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්ද ඔට්ටුව නොදුන්නැයි කුඹුරුයාය බලෙන් ලියාගෙන