IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘ආ බහින්න මහත්තයා’ කියා ත්‍රිරෝදයේ පිටුපස බලද්දී මගියා අතුරුදන්

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
ත්‍රිරෝද රථයට ගොඩවූ මහත්මා ගමනාන්තයේ නොසිටීමෙන් අන්දුන්කුන්දුන් වූ ත්‍රිරෝද රථ රියැදුරකු පිළිබඳ පුවතක් වාර්තා වෙයි.


සිද්ධිය මෙසේය.


නගරයේ බස් නැවතුමක් අසල ත්‍රිරෝද රථ ගාලකි. හවස් වරුවේ බොහෝ විට ත්‍රිරෝද රථ වෙත මගීන් පැමිණෙන්නේ මග හැරුණු බස් රථ හඹාගොස් අල්ලා ගැනීමටය. සිදුවීම වූ දිනයේද රථගාලට පැමිණි තරුණයකු වයසක ත්‍රිරෝද රථ රියැදුරෙකුට තමන්ට මීට මොහොතකට පෙර පිටත්වූ බස් රථය අල්ලා ගැනීමට අවශ්‍ය බව පවසා ඇත. එසේ පවසා පොඞ්ඩක් ඉන්න අන්කල් මම ෆෝන් කාඞ් එකක් අරන් එන්නම් යැයි ත්‍රිරෝද රථ රියදුරාට කියා විගසින් අසල තිබූ කඩයකට දිවගොස් ඇත. තරුණයා කියූ දේ ත්‍රිරෝද රථ රියදුරාට ඉක්මන් කරන්න යැයිද මගියා ත්‍රිරෝද රථයට ගොඩවුණා දැයි සිතා බස් රථය හඹා යාම ආරම්භ කර තිබේ.


කාඞ් පත රැගෙන හනික පැමිණි තරුණයා ත්‍රිරෝද රථය නොමැති බව දැක වෙනත් ත්‍රිරෝද රථයකින් ගොස් බස් රථය අල්ලා ගෙන ඇත. වයසක ත්‍රිරෝද රථ රියැදුරු කිලෝමීටර් ගණනක් ගොස් බස් රථය අල්ලාගෙන ආ බහින්න මහත්තයා යැයි කියා පසුපස බලද්දී ත්‍රිරෝද රියේ තරුණයා නොදැක අන්දුන්කුන්දුන් වී ඇත. පසුව ත්‍රිරෝද රථ ගාලට හිස් අතින් පැමිණ තම සගයන් හා පවසා ඇත්තේ මාර වැඬේනේ හයර් එක ගිය කෙනා මගදි අතුරුදන් වෙලානේ යැයි කියාය.



අදහස් (0)

‘ආ බහින්න මහත්තයා’ කියා ත්‍රිරෝදයේ පිටුපස බලද්දී මගියා අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site