IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අයිය මලෝ පොලිසිය දැක පෙම්වතියත් යතුරුපැදියත් දමා පැන ගිහින්

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
තරුණයින් දෙදෙනකු තරුණියක ද රැගෙන ඉකුත් 10 දා රාත්‍රී 12ට පමණ යතුරුපැදියකින් යමින් සිටියදී නම්මුවාවේදී පොලිසිය දැක තරුණිය සහ යතුරුපැදිය ද මග දමා පළාගිය පුවතක් රස්නායකපුර පොලිසියෙන් වාර්තා වෙයි.


මෙදින රාත්‍රියේ මාර්ග සෝදිසියේ සිටි නිලධාරීන් දෙදෙනා තරුණයින් දෙදෙනා පැමිණි යතුරුපැදිය නම්මුවාව ප්‍රදේශයේදී සෝදිසි කිරීම සඳහා නැවැත්වූ අවස්ථාවේ තරුණයින් දෙදෙනා මෙලෙස ගොස් ඇත.


වයස අවුරුදු 18 සහ 22 වයස්වල පසුවන තරුණයින් දෙදෙනා එකම පවුලේ අයියා, මල්ලී වන අතර, ඔවුන් සමඟ සිටි තරුණිය (18) මල්ලීගේ පෙම්වතිය බව ද මල්ලී විසින් මෙදින ඔහුගේ පෙම්වතිය නිවෙසින් පන්නාගෙන රාත්‍රියේ අයියාගේ යතුරුපැදියෙන් තම නිවෙසට යමින් සිටියදී මෙලෙස පොලිසිය දැක පැනගොස් ඇති අතර පසුව අයියා මලෝ දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.


පසුව සිදුකළ වැඩිදුර පරීක්‍ෂණවලදී තරුණයින් දෙදෙනා රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි අය බව ද තරුණිය දණ්ඩුවාව ප්‍රදේශයේ පදිංචිකාරියක බව ද මල්ලීට තම පෙම්වතිය සමඟ හොරෙන් පැන යාම සඳහා උදව්වට අයියා පැමිණ ඇති බව අනාවරණය වූ බව ද පොලිසිය සඳහන් කරයි.


පසු දින ඔවුන්ගේ මව්පියන් දෙපාර්ශ්වයම කැඳවා දරුවන් බාර දී ඔවුන් නීත්‍යනුකූලව විවාහ කරවීමට ද උපදෙස් දී පිටත් කර යැවූ බව ද පොලිසිය සඳහන් කරයි.


කොට්ඨාස බාර පොලිස් අධිකාරී උපුල් චන්දන මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩාර මහතාගේ අධීක්‍ෂණයෙන් ස්ථානාධිපති ප්‍ර.පො.ප. මඩවල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප. හේවාවසම්, පො.සැ. මධුශංක (36237), පො.කො. ඉන්දික (23605) යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති. 

 



අදහස් (0)

අයිය මලෝ පොලිසිය දැක පෙම්වතියත් යතුරුපැදියත් දමා පැන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 40 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site