IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රෑ වැඩෙන් පසු ගෙදර ආ ඇඟලුම් සේවිකාවගේ අතේ ‘නයෙක්’

තම පුතු විසින් කරන ලද ‘ක්ලේ’ ආශ්‍රිත සර්ප නිර්මාණයට බියවූ අම්මා නිවසේ තරප්පු පෙළෙන් ඇද වැටී රෝහල්ගතවීමට සිදුවූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළයේ ගම්මානයකින් වාර්තා වේ.

සිද්ධිය සැකවින් මෙසේය. ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඉහළ නිලයක් දරන එක් දරු මවක වූ මෙකී කාන්තාව සේවයට යන්නේ සේවා මුර අනුවය. තම එකම පුතු ප්‍රදේශයේ පාසලක පහළ බාලාංශයේ අධ්‍යාපනය ලබයි. සුපුරුදු පරිදි මෙදිනද තම පුතු පාසලට යවා පාසල අවසන් වූ පසු නිවසට කැඳවා පියාට බාරදී ඇය රාත්‍රී සේවයට ගියා ය.

පියා සමග කාලය ගත කළ පුතු දහවල් පාසලේදී තම යහලුවකුගෙන් අසා දැනගත් පරිදි පියාගේද සහය ඇතිව සර්පයෙකුගේ අනුරුවක් නිර්මාණය කළේය. ඉතා අලංකාර ලෙස කර ඇති නිර්මාණය පිළිබඳව සතුටට පත් පියා රාත්‍රියේ නිවසට පැමිණෙන තම මවටද පෙන්වන්නට පරිස්සමට තබන ලෙස පුතාට  උපදෙස් දුන්නේය. සේවා මුරය අවසන්වන මව රාත්‍රී 12ට  කර්මාන්ත ශාලාවේ ප්‍රවාහන සේවයෙන් නිවසට පැමිණෙන ඇය සතුව නිවසේ ඉදිරි දොරේ යතුරක්ද ඇති නිසා වැඩ කටයුතු අවසන් කළ පිය පුතු දෙදෙනා තම නිවසේ ඉහළ මාලයේ නිදන කාමරයට ගොස් නින්දට වැටුණහ.

මහ රෑ ඇසුණු කෑගැසිල්ලක් නිසා අවදිවූ සැමියා වහා පහළට දිව විත් බලනවිට තම බිරිඳ නිවසේ ඉහළ මාලයට නගින පඩි පෙළ පාමුල ඇද වැටී ‘සර්පයෙක්, සර්පයෙක්, එන්න එපා’ යනුවෙන් කෑගසමින් සිටියාය.

වහා ක්‍රියාත්මක වූ සැමියා නිවසේ විදුලි පහන් සියල්ල දල්වා විපරම් කර බලද්දී ඔහුට කාරණය වැටහුණ අතර තම බිරිඳ එදින රාත්‍රියේම රෝහල් ගත කිරීමට ඔහුට සිදුවිය.

සිද්ධිය වී ඇත්තේ තම පුතු විසින් දහවල් කාලයේ ක්ලේ ආශ්‍රයෙන් කරන ලද සර්ප නිර්මාණය තම මවට පෙන්වීම සඳහා නිවසේ ඉහළ මාලයට නගින පඩිපෙළට සවිකර ඇති අත්වැලේ අලංකාර ලෙස රඳවා තබා තිබීමයි.  රාත්‍රී සේවය නිම කර නිවසට පැමිණි බිරිඳ නිවසේ ඉහළ මාලයට නගිද්දී අත්වැල මත තිබූ සර්ප අනුරුව සීතලට අතට අසුවීම නිසා බියවී තම අත ඇති ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වා බලද්දී සර්ප අනුරුව දැක කලබලවීම නිසා ඇය පහළට ඇද වැටී මෙම අනතුරට මුහුණපා තිබේ.

සුමති කුඩලිගම



අදහස් (0)

රෑ වැඩෙන් පසු ගෙදර ආ ඇඟලුම් සේවිකාවගේ අතේ ‘නයෙක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site