IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගමක් ඇවිළෙන්න ගිය අවුලක් වඳුරෙක් ඇවිත් ලිහයි

(කතරගම - කේ.ඩී. දේවප්‍රිය)
පවතින වාතාවරණය හමුවේ නිවෙසක ගේට්ටුවක එල්ලන ලද බෑගයක් මුල්කර ගෙන ආරක්ෂක අංශ වෙත යෑමට තිබූ අපූරු පුවතක් වඳුරකු නිසා වැළකී ගිය කථාවක් කතරගම ප්‍රදේශයෙන් වාර්තා විය. 


කතරගම පෙරගිරිගම නිවෙසකි. මෙම නිවෙසේ සිටි පිරිස අඟහරුවාදා දින කතරගම සති පොළ වෙත ගියේ නිවෙසේ දියණියක් හා අසල්වැසි තවත් තරුණියක් සිටියදීය. 


සවස 3 ට පමණ අදාළ නිවෙසේ ගේට්ටුවේ තරමක විශාල කළු ඉටි බෑගයක් එල්ලා තිබෙන අයුරු නිවෙසේ සිටි පිරිස දකින ලදී.


රටේ තැනින් තැන ඇති අභිරහස් පාර්සල් ගැන නිතර දැනුම්දෙන පුවත් පිළිබඳව නිරායාසයෙන් අවදියෙන් සිටිය යුතු නිසා දැනුම්වත්ව නිවෙසේ සිටි තරුණිය වහා සති පොළට ගිය අම්මාට මෙම පුවත ඇගේ ජංගම දුරකතනයෙන් කතා කර පවසා ඇත. 


මෙම සිදුවීම ඇසූ ඇය වහා තවත් පිරිසක් සමඟ නිවෙසට පැමිණියත් අදාළ බෑගය එල්ලා ඇති ගේට්ටුව ඇරීමට නොහැකි නිසා මෙම බෑගය සම්බන්ධ ආරක්ෂක අංශ දැනුම්වත් කළ යුතු බව එතැනට එක් රොක්වී සිටි පිරිස පැවැසූහ. 


හදිසියේ මෙම ස්ථානයට පැමිණි වඳුරකු අදාළ බෑගය කඩාගෙන ගොස් ගසක් උඩට ගැනීමේදී බෑගයේ තිබූ කොස් මදුළු එකින් එක වැටීමට පටන්ගෙන ඇත.


පසුව මෙම බෑගය පිළිබඳ කරුණු අනාවරණය විය. අසල්වැසි කාන්තාවක් විසින් තම නිවෙසේ කොස් ගසකින් කඩාගත් කොස් ටිකක් බෑගයක දමා අදාළ නිවෙසට රැගෙන පැමිණියත් නිවෙස වසා තැබීම නිසා මෙම කොස් බෑගය ගේට්ටුවේ එල්ලා ගිය බව දැන ගන්නට ලැබුණි. 


වඳුරා විසින් කොස් මල්ල රැගෙන නොයන්නට මෙම ස්ථානයට ආරක්ෂක අංශ ද පැමිණ නිකරුණේ කාලය කා දැමීමට ද තිබුණි. 

 



අදහස් (0)

ගමක් ඇවිළෙන්න ගිය අවුලක් වඳුරෙක් ඇවිත් ලිහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site