IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගුරු දෙවියකුට සයිකල් බාස්ගෙන් පාඩමක්

 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මුදලට වඩා මනුෂ්‍යකම වටිනා බව යතුරු පැදි කාර්මික ශිල්පියකුගෙන් ඉගෙනගත් ගුරුවරයකු පිළිබදව අපූරු පුවතක් අපේ පළාතෙන් අසන්නට ලැබේ.


ගුරු විදුහල්පති වැටුප් විෂමතාව තදේටම ඉහට ගත් ගුරු දෙවියකි. ඒ නිසාම සිය පාසලේ දරුදැරියන්ට ඔන්ලයින් ඉගැන්වීම ද නතර කළේ ගුරු සංගම් ගෙන ගිය වැටුප් විෂමතා විරෝධයට සහය දැක්වීමටය.


එහෙත් තමාගේ උපකාර පන්තියට එන සිසුන් සඳහා මේ ගුරු දෙවියා ඔන්ලයින් ඉගෙන්වීම සිදු කළේය. ඒ මුදලටය.


මේ ළඟදී දිනයක දී රට විවෘත කිරීමත් සමගම ඔහු සිය යතුරු පැදියෙන් නගරයට ගියේ මුළුතැන් ගෙට අවශ්‍ය අඩුමකුඩුම ටිකක් ගෙන ඒමටය. ඒවාත් රැගෙන සිය නිවෙසට එන අතරමග දී ඔහුගේ යතුරු පැදිය ක්‍රියාවිරහිත වූයේ අනපේක්ෂිත මොහොතකය. කර කියා ගන්නට දෙයක් නැතිව සිටි ඔහු දාඩිය මුගුරු පෙරාගෙන ඒ ආසන්නයේ තිබූ යතුරු පැදි අලු‍ත්වැඩියා කරන ස්ථානයකට සිය යතුරු පැදිය තල්ලු‍ කරගෙන ගියේය.


එහි සිටි යතුරු පැදිකාර්මික ශිල්පියා දන්නා වැඩ දමා යතුරු පැදිය යළි සක්‍රීය කළේය.. ඒ වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තුව ගුරු දෙවියා යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් ඇසුවේය. ඔහු කියූ ගාණ ගෙවීමට ඔහු අත මුදල් නොවූයේ ගෙන ආ මුදලින් කලින් බඩු රැගෙන තිබූ නිසාය.


‘‘හරි වැඬේනේ බාස්උන්නැහේ මා ළග එච්චර මුදලක් මේ වෙලාවේ නැහැනේ’’ යයි ගුරු දෙවියා කීවේ තමන් කවුද කියා දන්නා බව ද යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් විමසමිනි. හා ‘‘ඔව්, ඔව්, මම දෙවිදිහකට සර් ගැන දන්නවා. එකක් ප්‍රසිද්ධ ගුරුවරයෙක්. අනෙක් කාරණය තමයි මගේ දරුවාගේ පාසලේ මෙන්ම උපකාර පන්තියේ ද ගුරුවරයා ඔබතුමා’’ යයි යතුරු පැදි කාර්මික ශිල්පියා කීවිට මේ ගුරු දෙවියාගේ ඉහේ මලක් පිපිණාමෙන් විය.


රට වහපු කාලයේ අපට රස්සාවත් නැතිවුණානේ. ඒ නිසා අතේ මුදලු‍ත් නැතිව ගියා. සර්ගේ ඔන්ලයින් පන්තියට දෙන්න මුදල් තිබුණෙත් නැහැ. මම ඒ බව කියලා සර්ගේ වට්ඇප් එකට පස්සේ මුදල් දෙන්නම් කියලා පුතාට යවන්න කියලා මැසේජ් කළාම සර් ආපිට මැසේජ් එකක් එවලා තිබුණා දෙන්නම් කාසිවලට වැඩ නැහැ කියලා. ඒ නිසා එදා ඉදලා පුතාට පන්තියත් නැතිවුණා, යයි කීවේ ගුරු දෙවියාට දවල් තරු පෙන්වමිනි.


ඒකට කමක් නැහැ, දැන් සර් ළග සල්ලි නැහැනේ. මේ බයිසිකලය අරගෙන යන්න. පස්සේ සල්ලි ගෙනත් දෙන්න. කලබලයක් නැහැ. සර් අපි ළඟනම් දෙන්නම් කාසිවලට වැඩ තියෙනවා. මේ ඔක්කෝටම වඩා වටින්නේ මනුෂ්‍යකම යයි ඔහු අතොරක් නැතිව කියාගෙන යද්දී යතුරු පැදිකාර්මික ශිල්පියාගෙන් මනුෂ්‍යකමේ පාඩම ඉගෙන ගත් මේ ගුරු දෙවියා එතනින් ඉක්මනින්ම යතුරු පැදියෙන් ඉගිල ගියේය. ඒ එක්කම ගිය පයින්ම මුදල් රැගෙන ආ ගුරු දෙවියා යතුරු පැදිකාර්මික ශිල්පියා ඉල්ලූ ගාණටත් වැඩියෙන් මුදල් දුන්නත් ඔහු නියම ගාණ පමණක් ගත්තේ ගුරු දෙවියා ඔහුගේ දරුවාට ආයෙත් තඹ සතයක්වත් නොගෙන නොමිලයේ ඉගැන්වීමට සූදානම් වූ බවට කරන ලද ඉල්ලීම ද කාරුණිකව අහක දමමිනි.



අදහස් (3)

ගුරු දෙවියකුට සයිකල් බාස්ගෙන් පාඩමක්

Mangala Wednesday, 13 October 2021 01:28 PM

අද කාලේ ගුරුවරුන්ගේ කථාව ඕක තමයි, හැබැයි හැම ගුරුවරයාම ඔහොම නැහැ. ඕක මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි මේ සමාජ ක්‍රමයේම ප්‍රශ්ණයක්... කොහොම වුණත් කථාව හොඳයි.. හැමෝටම ගන්න දෙයක් තියෙනවා. මනුස්සකම ගැන. කාටකාටත් කවුරු කවුරුත් වුවමනා වෙන වෙලාවල් එනවා. එතකොට තමයි මේ පෙර කළ හොඳ හෝ පෙර කරපු වරද හෝ නොහොඳ ඉදිරියට එන්නේ...

:       1       67

Janith Wednesday, 13 October 2021 04:02 PM

මම නං මේකේ අනිත් පැත්ත. මම ගුරුවරයෙක් නං නෙමෙයි. මනුස්සකම නිසා වැඩ වරද්දාගෙන ඉන්නේ. ඒක නිසා දැන් මම ඉගෙනගත්ත ශාස්ත්‍රය දෙන්නේ මුදලට විතරයි...

:       4       12

දිමුත් Friday, 15 October 2021 12:10 PM

දැන් ඉන්න සමහරක් "ගුරු හොරු"

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site