IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


බිරිය හා ගැටුණු සැමියා අඩි 6ක් යට වළක

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
බිරිය පසු පස එළවමින් සිටි සැමියා පය සරමේ පැටලී අඩක් හාරාතිබු වළකට වැටී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශ​යේ ග්‍රාමයකින් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.


වළට වැටී ඇතැයි කියන 52 හැවිරිදි තිදරු පියා කලක සිට සවසට ජයටම මත්පැන් පානය කරන්නෙකි. බිරිය ඊට කොපමණ විරුද්ධ වුවද සැමියා එය අත හැරියේ නැත. සෑම දිනකම මත්පැන් පානය කර නිවසට පැමිණ තමන්ට දෑවැද්දක් දුන්නේ නැතැයි පවසා බිරියට නිතරම දොස් පවරන බවද වාර්තා වෙයි.


තම මව්පියන් ජීවතුන් අතර නැති අවස්ථාවේදී සැමියා මව්පියන්ට දොස් පැවරීම සම්බන්ධයෙන් තිදරු මව කලක සිටම සිටියේ කනස්සල්ලෙනි.


යළි පෙර පරිදි මත්පැන් පානය කර පැමිණ මව්පියන්ට දොස් පවරමින් සිටින අවස්ථාවේදී බිරිය සැමියාගේ කට මිරිකා අල්ලපු නිවෙසකට දුවන්නට වූවාය.


කට මිරිකා දුවමින් සිටි බිරිය පසු පස එළවමින් සිටි සැමියාගේ සරම ද ගැලවිය. පසුව සරම අතට ගෙන බිරිය පසුපස දුවන අවස්ථාවේදී පය සරමේ පැටලී අල්ලපු නිවසේ පදිංචිකරුවන් කපා තිබු අඩි හයක් ගැඹුරු වළකට වැටිණි.


අනේ නෝනා මම ආයේ ඔයාගේ මව්පියන්ට බනින්නේ නෑ. ඉක්මනින් මාව ගොඩට ගන්න. මගේ දකුණු කකුලේ සීරිම් තුවාලත් තියෙනවා ඉක්මනට ගොඩට ගන්න යනුවෙන් ඔහු බිරියගෙන් බැගෑපත්ව ඉල්ලීම් කළේය.

පසුව කාන්තාව අල්ලපු නිවසේ තරුණයකුට කතා කර ගෙන්වාගෙන සිය සැමියා වළෙන් ගොඩට ගෙන අල්ලපු නිවසට රැගෙන ගොස් ප්‍රතිකාර ද කර ඇත.

 



අදහස් (2)

බිරිය හා ගැටුණු සැමියා අඩි 6ක් යට වළක

wini Wednesday, 30 September 2020 06:26 AM

ඔය වගේ මිනිස්සු වළකට වැටුණාම, ඉක්මණට වල වසාදාන්න ඕනේ. මෙයාව ගොඩදාගෙන මොකක්ද මේ කරපු අපරාදේ..

:       3       8

sampath Wednesday, 30 September 2020 10:23 AM

වළකට වැටීම ලාභයක් කියන්නේ ඒකනේ... මේ පවුල සාමදානයෙන් ඉඳීවි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 254 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 305 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1226 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site