IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නාන්න සබන් අරගෙන එද්දී වැව් ඉවුරේ සිටි මිතුරා අතුරුදන්

නිදහස් දා රාත‍්‍රියේ මිතුරන් තිදෙනෙකු එක්ව මධුවිතෙන් සප්පායම් වූයේ පොලොන්නරුවේ ප‍්‍රකට වැව් තෙරක් අසලය. එය නිම වනවාත් සමගම එම තිදෙනා තීරණය කළේ වැවට බැස හොඳ හැටි දිය නෑමටය. මේ වනවිට වේලාව ද රාත‍්‍රී 9 ඉක්මවා තිබුණි. ඊළඟ ගැටලූව වූයේ නෑමට සබන් නැතිකමය. අධික වෙරිමතින් සිටි එකමිතුරකු වැව් ඉවුරේ නතර කර ඉතිරි දෙදෙනා ගියේ සබන් කැල්ලක් අරන් අපි ඉක්මනට එනතුරු ඔතන හිටපං යැයි මිතුරාට අවවාද කරමිනි. සබන් ගේනතුරු බලා ඉන්න බැරිව වැව ඉවුරේ සිටි මිතුරා දියට පැන්නේ නා ගැනීමට විය හැකිය. මද වේලාවකින් සබන් රැගෙන ආ මිතුරෝ දෙදෙනා සිය මිතුරාට කථා කළේය. පිළිතුරක් නොලැබිණි. වටපිටාවෙහි සොයා බැලූ නමුදු හෝඩුවාවක් ද නැත. දෙමිතුරන්ට තරු පෙනුණි. කෑගසා අහල පහල අය ද කැඳවාගෙන සොයා බැලූ නමුදු ඔහු සොයා ගැනීමට නොහැකිවිය. දිය නෑමට ගිය අයෙකු අතුරුදන්වීම ගැන පුවතක් ඇසිල්ලකින් දස අතම පැතිර ගියේය. මේ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් කිමිදුම්කරුවෝද යොදා සෙවූ නමුත් දියේ අතුරුදන් පුද්ගලයා හමුවූයේ නැත. ඥාති මිතුරෝ ද දැඩි ලෙස කම්පාවෙන් පසුවෙද්දී වැව මැද පිහිටි දුපතක යමකු ඉන්නා බවට තොරතුරක් ආවේය. ඔරුවක නැගි පිරිසක් එම දූපත කරා ගොස් පසුව සොයා බැලීමේදී හෙළිවූයේ දෙමිතුරන් සබන් ගෙන එන්නට කඩයට ගිය අතර දිය නෑමට පැන්න පුද්ගලයා පිහිනා ගොස් දූපතට ගොඩවී පසුදා පහන්වනතුරු හොඳහැටි නිදාගෙන ඇති බවයි. මෙම සිද්ධිය වාර්තා වූයේ පොලොන්නරුව ප‍්‍රදේශයෙනි.



අදහස් (0)

නාන්න සබන් අරගෙන එද්දී වැව් ඉවුරේ සිටි මිතුරා අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site