(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරයේ සිට වේළිඔය නගරය දක්වා ධාවන වූ ශ්‍රී ලංගම බස්රථයක් නියමිත නැවැතුමේ නතර කොකළැයි උරණ වූ මගියකු කොන්දොස්තරවරයාට පහරදීමේ සිද්ධියක් බළංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පහරකෑමට ලක් වූ කොන්දොස්තරවරයා රෝහලේ ප්‍රතිකාර ලබයි.
පහරදුන් බව කියන බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
බලන්ගොඩ නගරයේ සිට වේළිඔය දක්වා ධාවනය කෙරෙන බස්රථයට එම පුද්ගලයා බලන්ගොඩ නගරයේ ටෙලිකොම් හන්දියෙන් ගොඩවී ඇත.
ඔහු එම බස්රයේ ගමන්කර කිරමැටිතැන්න ප්‍රදේශයේදී බස්රථයෙන් බැසීම සඳහා බෙල්එක නාද කර තිබේ. එය නාද නොවීම හේතුවෙන් බස්රථය නොනවත්වා ඉදිරියට ධාවනය කළා යැයි පවසමින් එම මගියා කොන්දොස්තරවරයාට පහරදී තිබේ.
බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ආර්.ජි. කේ. බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි දයානන්ද (53427), නුවන් (39448), ආරියසේන (32186) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.