කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
මළ ගෙදරකට සුදු කොඩි දමන්න ගොස් කෑමට යමක් සොයා මහ මග ගමන් ගත් ලොරි රථයකට අමුතුම සෙල්ලමක් දමා අමුතුම දඬුවමක් විඳින්න සිදුවූ හත්අට දෙනකු පිළිබඳව අමුතුම කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
ඔවුහු මිතුරෝය. එදා රෑ ඔවුහු සෙට්වූහ. ඒ සිය හිතවතකුගේ මළ ගමකදීය. හිතවතා ඔවුනට රාජකාරියක් පැවරුවේය. ඒ සුදු කොඩි දැමීමය. ඔවුහු එය සතුටින් භාර ගත්තෝය. ස්ථානය ගාලු පාරේ බලපිටියය.
කොල්ලන්ට දැන් බඩගිනිය. මධ්‍යම රාත්‍රිය අලුත් දවසකට ප්‍රවිශ්ට වීමට සූදානම්ය. එහෙයින් නගරයේ එකදු වෙළෙඳ සලක්වත් විවෘතව නොතිබිණ. ඔවුනට අලුත් අදහසක් ආවේය. එය ක්‍රියාත්මක කරන්න සිතා සිටි දෙන්නෙක් පාර දෙපැත්තේ සුදු කොඩි අදින ලෙස සිටියහ. ඒ එක්කම ආවේ ලොරි රථයකි. අර දෙන්නා සුදු කොඩිය ලොරියට යාමට නොහැකි වන ආකාරයට එය අල්ලා සිටියහ. ඒ කොඩිය උස්සන ආකාරයටය. ඒනිසාම ලොරියට මද වේලාවක් මහ මග නවතා සිටීමට සිදුවිය.
ඒ සමගම කොල්ලෝ හතර පස් දෙනෙක් ලොරියේ පිටුපසට ගියහ. කොල්ලන්ගේ වෙලාව කියනුයේ එම ලොරි රථයේ පිටුපස වසා තිබුණේ භාගයටය. යට කොටස පමණක්ය. දනිපනි ගා කොල්ලෙක් දෙන්නෙක් ලොරි රථයට නැගී පෙට්ටියක් ඩැහැ ගත්හ. කොල්ලන් සිතුවේ මේ බේකරි කෑම ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක් කියාය. දැන් වැඬේ හරිය. පාර හරහා තිබු සුදු කොඩිය එසවිණ. කොල්ලන් එක්වූවේ ඉස්සූ පෙට්ටියේ තිබී කෑම කන්නය. කට්ටිය තලු මර මර සිටියහ.
කට්ටියම එම පෙට්ටිය විවෘත කළහ. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ එහි තිබුණේ නවකතා, කෙටි කතා ඇතුළු පොත් පත් තොගයකි. දැන් කට්ටියම හොල්මන්ය. ඉස්සූ පොත් පෙට්ටියට කරන්නේ කුමක්දැයි ඔවුහු නොදත්හ. ඒ අතරින් එක් අයෙක් එය භාර ගත්තේය. ඒ එම පොත් තොගය පුස්තකාලයකට දෙන අදහසින්ය. මේ පොත් තොගය දුටු ඔහුගේ මව,පියා කීවේ මේ පොත් තියන්න පොත් රාක්කයක් ඉදිකරන ලෙසය. ඔහුට එය ඉටුකිරීමට අනිවාර්යයෙන්ම සිදුවූවේ නැත්නම් ඉතිං ගෙදරින් විසුමක් නොවන නිසාය. නිවැසියෝ මේ පොත් තොගය ඔහුට ලැබුණු සැටි අදටත් නොදත්හ. ඔහුද එය කියන්න නොගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd