IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


හිච්චි පුතා ඇවිල්ලා ගිනි ගෙඩියක් දීලා

(උණවටුන ඩි.ජී. සුගතපාල)

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගමක දුප්පත් පවුලක් විය. පවුලේ වැඩිමහල් දියණිය විවාහ වී වෙනම පළාතක ජීවත් වූ අතර නිවෙසේ සිටියේ මව, පියා සහ දහඅට හැවිරිදි දියණිය පමණි. ඇය ද හරිහැටි අධ්‍යාපනයක් ලැබුවේ නැත. මව්පියෝ වතුවල කුලී වැඩ කරමින් එදිනෙදා ජීවිකාව සරිකර ගත්හ.

දිනක් සවස ඔවුන්ගේ දුප්පත් නිවෙස ඉදිරිපිට අතිසුඛෝපභෝගී වාහනයක් නතර විය. එයින් බැස ගත්තේ ඔවුන්ගේ දුර නෑකමක් ඇති පුද්ගලයෙකි. ”අක්කේ කොහොම ද ඉතින් කාලෙකට පස්සේ” කියමින් ඔහු ගෙට ගොඩවිය.

”අප්පේ මේ අපේ හිච්චි පුතානේ” කියමින් මව ඔහුට වාඩිවන ලෙස ආරාධනා කළාය. ටික වේලාවක් ආගිය තොරතුරු කතා කරමින් සිට ඔහු තමා පැමිණි කාරණාව කිවේය.

”අක්කේ අක්කල කැමති නම් මට පුළුවනි මේ නංගිට රස්සාවක් හොයල දෙන්න. ගෙදර නිකං ඉන්නවට වඩා හොඳයිනේ. හැබැයි කොළඹ කේක් කොම්පැනියක, හොඳ පඩි තමයි ඉතින්. මොකද කියන්නේ?”

”පුතා කියනව නම් අපි කැමතියි. පුතා අපට විශ්වාසයි. දුව මොකද කියන්නේ?” අම්මා ඇසුවාය. කොළඹ ගොස් නැති ඇය කොළඹ නගරය දැක තිබුණේ රූපවාහිනියෙන් පමණි. එනිසා කොළඹ තරුණියක් සේ රැකියාවක් කරන්නට ඇත්නම් කොතරම් හොඳදැයි සිතූ ඇය ද මේ රැකියාවට කැමති වූවාය.

දැන් ඔහුට තවත් ප‍්‍රමාද වීමට වේලාවක් නැත. ඇඳුම් කිහිපයක් බෑගයක දමාගත් ඇය අම්මාගේත් තාත්තාගේත් දෙපා වැඳ මෝටර් රථයේ පිටුපස අසුනේ වාඩි වූවාය. ටික දුරක් පැමිණි ඔහු කොළඹ යාමට ?බෝවන බව පවසා උණවටුනේ හෝටලයකට මෝටර් රථය හැරවිය. ඔහු කීවේ රාත‍්‍රිය හෝටලයේ ගතකොට උදෑසන කොළඹ යන බවය.

ඥාති සහෝදරයා ගැන ඇයට සැකයක් නොවුණත් ටික වේලාවක් යනවිට ඇයට කිසියම් අමුත්තක් සිතට දැනෙන්නට විය. සිදු වූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. කොළඹ කේක් කොම්පැනියේ රැකියාවට යනවා වෙනුවට ඇයට සිදු වූයේ ඔහුට නෑඹුල් කේක් ගෙඩියක රස බැලීමට ඉඩ දීමටය. පසු දින උදෑසන හෝටලයට තවත් කාන්තාවක් ආවාය. ඔහු එම කාන්තාව සමඟ වචන හුවමාරුවක් ද සිදුවිය.

පසුව තිදෙනාම මෝටර් රථයේ නැගී හෝටලයෙන් පිටත් වූහ. කොළඹ යනවා වෙනුවට මෝටර් රථය ගමන් කළේ ඇයගේ නිවෙසට යන පාර දිගේය. මෝටර් රථයේ සිටි කාන්තාව ඔහුගේ අනියම් බිරිය බවට ඇයට හැඟී ගියාය. නිවෙසට කිලෝ මීටර දහයක්, පහළොවක් දුරින් මෝටර් රථය නතර කළ ඔහු තරුණියගේ අතට රුපියල් දහසක් දී මෝටර් රථයෙන් බැස්සුවේය.

රුපියල් දහසකට ඇයගේ ආත්මය කොල්ල කෑ ඔහු අනියම් බිරිය සමඟ ගියේය. ඇයට යාමට තිබුණේ ගමේ පොලිසියට පමණි. එහෙත් අපරාධය සිදුවී ඇත්තේ වෙනත් පොලිස් වසමක නිසා ඇයට එම පොලිසියට යාමට සිදුවිය.

පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය. ඔහු තිස් හැවිරිදි දෙදරු පියකු බවත්, බිරිඳ දරුවන් සමඟ කොළඹ පදිංචි බවත්, ඔහුට තවත් අනියම් බිරියන් සිටින අතර ධනවත් ව්‍යාපාරික පවුලක කෙනකු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

හබරාදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත් වූ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂිකා මංගලිකා සූරිආරච්චි මහත්මිය ඇතුළු නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.



අදහස් (0)

හිච්චි පුතා ඇවිල්ලා ගිනි ගෙඩියක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 600 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 512 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site