පොසොන් දන්සලට දෙන්න ගෙනා කෙසෙල් කැන්වලට සිදුවූ දෙය සොය සොයා තැන් තැන්වලට දුවන සංවිධායකයන් පිරිසක් පිළිබඳ පුවතක් දකුණු කොනේ ගම්මානයකින් ඊයේ (2) වාර්තා විය.
දහවල් දන්සලේ අතුරුපසට දෙන්න ගමේ කෙල්ලන් කොල්ලන් සූදානම් කොට තිබුණේ කෙසෙල් ගෙඩිය. මේ සඳහා ගමේ එකාලා දුන්නු කෙසෙල් කැන්වලින් බොහෝමයක්ම ඉදී නොතිබුණේ අදට (3) පරිභෝජනයට ගත නොහැකි ආකාරයටය. ඒ නිසා සංවිධායක තරුණ කොටස් දන්සල දෙන ආසන්නයේ වත්තක වළක් කපා ඒ තුළට අමු කෙසෙල් කැන් දමා දුම් ගැසුවේ ඉදවා ගැනීමටය.
සංවිධායක තරුණ පිරිස ඊයේ (2) උදේ නැවතත් කෙසෙල් කැන්වලට දුම්ගැසීමට එතැනට ගියෝය. දෙවියනේ! වළ දමා තිබූ කෙසෙල් කැන් තිබේදැයි සොයා බැලුවේ ඒ සමගමය. එකදු කෙසෙල් කැනක්වත් එහි නොවීය. තරුණයන්ට දෙවියන් බුදුන් සිහිවූයේ එවිටය.
ගමේ කුඩුකාරයන් පිරිස දන්සලට කලින් කෙසෙල් කැන් උස්සා ඇති බව හෙළිවිය. නැතිවූ කෙසෙල් ගෙඩිවලට විකල්පයක් ලෙස අතුරු පසට අයිස් ක්‍රීම් දෙන්න සංවිධායකයන් කටයුතු කරමින් සිටිනවාලු.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
381
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දන්සලේ අතුරුපස වළෙන් අතුරුදන්