IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ ජය සමරා කෙසෙල් කැන් කඩයකටත් රිංගලා

(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සනිටුහන් වීමත් සමගම දකුණේ තැන් තැන්වල පාර අයිනේ තිබූ අයිතිකරුවකු නොසිටි තාවකාලික කෙසෙල් කැන් කඩයක් දුටු කොලු රැලක් ජය සැමරුම් පොළක් යැයි සිතා කෙසෙල් ගෙඩි ඇති පදම් කඩාගෙන ගිල දමා අමාරුවේ වැටුණු පුවතක් දකුණේ දොඩම්වලට සම්බන්ධ  ප්‍රදේශයකින්  වාර්තා විය.


 වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 


පාර අයිනේ තිබූ පොල් අතු සෙවිලි කළ කුඩා ස්ථානයක  ඉදිරිපස එක පෙළට ඉදුණු කෙසෙල් කැන්  කිහිපයක් එල්ලා තිබුණි. කඩය හිමි කාන්තාවගේ නිවස තිබුණේ ද මේ ආසන්නයේය. 


හදිසි ශාරීරික අවශ්‍යතාවක් නිසා ඇය නිවසට ගියාය. ඒ අතරේ සප්පායම් වූ පිරිසක් බයිසිකල්වලින් ගොස් තැන තැන තිබූ කිරිබත් හා වෙනත් ද්‍රව්‍ය කමින් ජයග්‍රහණය සමරා අතරමගදී පාළු තැනක එල්ලා තිබූ කෙසෙල් කැන් දැක සතුට සමරන්නට එල්ලා  තිබූ ඒවා යැයි සිතා  වහා ඒ තුළට පැන තරගයට මෙන් කෙසෙල් ගෙඩි කන්නට වූයේ හුරේ  දමමිනි. 


ශබ්දය ඇසී කඩය හිමි කාන්තාව දිවවිත් ඔලු අත තබා ගත්තේ මේ දන්සලක් නොව කඩයක් යයි පවසමිනි. ඒ වනවිටත් කැන්වල තිබූ කෙසෙල් සෑහෙන ප්‍රමාණයක් ගිල දමා තිබුණි. කෙසේ වුවද කාන්තාව පැවසුවේ මුදල් ගෙවන ලෙසයි. එහෙත් කන ලද ප්‍රමාණය හෝ කිසිවකු දැන නොසිටි අතර ඇය පැවසුවේ කෙසෙල් ලෙලි ටික දෙස බලන විට කිලෝ දෙකකටත් වඩා ගිල දමා ඇති බවයි. කෙසේ වුවද මෙම පිරිස රුපියල් දෙසීයක් ගෙවා දමා එතනින් පිටවූයේ ඔයින් ගියා මදැයි කියමිනි. 

 



අදහස් (0)

මැතිවරණ ජය සමරා කෙසෙල් කැන් කඩයකටත් රිංගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 379 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site