තම නිවසේ දොර මුල්ලේ වැටී තිබූ අත් ලේන්සුවක් පොළඟකු යැයි සිතා බියපත්වූ කාන්තාවක් මැදියම් රැයේ මුලූ ගමක් අවදි කරවූ බව කියැවෙන පුවතක් මීගහකිවුල නගරයට නුදුරු කරඳගහමඩ ගම්මානයෙන් වාර්තා වේ.
පොළඟා මරන්නට ගිය ගැමියන් අතරට එක්වූ පුද්ගලයකු පැවැසූ අන්දමට සිද්ධිය මෙසේය.
කරඳගහමඩ හා ඒ අවට ගම්මානවල ගැමියන් නිරතුරුවම සර්පයින්ගේ දෂ්ඨ කිරීම්වලට ගොදුරු වී රෝහල් ගතවන නිසා එම ගම්වාසීහු බහුතරයක් දෙනා සිය නිවෙස්වල ගත කළේ නිරතුරු විමසිල්ලෙනි.
පසුගිය දිනෙක මැදියම් රැයේදී කිසියම් අවශ්‍යතාවක් සඳහා නිවසේ දොර අරින්නට පැමිණි ගෙහිමි කාන්තාවට දැක ගන්නට ලැබුණේ දොර මුල්ලේ ගුලවී සිටි දාරපොළෙඟකි.
ඒ පිිළිබඳ කිසිත් සොයා නොබැලූ කාන්තාව නින්දේ සිටි සිය සැමියා අවදි කර නිවසේ දොර මුල්ලේ පොළඟකු සිටින බවත් වහාම පොළඟා මැරීම සඳහා ගමේ කීප දෙනෙකු කැඳවාගෙන එන ලෙසත් ඔහුට පවසා ඇත්තේ දොර මුල්ලේ සිටි පොළඟා දෙසවත් බලන්නට ඔහුට ඉස්පාසුවක් නොදෙමිනි.
බිරියගේ කලබලය නිසාම මහ රෑ නිවසින් එළියට දිවූ ගෙහිමියාද ගමේ ගෙන් ගෙට ගොස් හත් අට දෙනෙකුම කැඳවාගෙන ආවේ එම නිවසේ සිටි පොළඟා මරණ ආකාරය පිළිබඳවද සැලසුම්ද සකස් කරමිනි.
පොළඟා මරන්නට එක්වූ ගමේ ඇතැමෙකු අත වැටවල්වලින් කඩා ගත් ඉනි කීපයක්ද විය.
පිරිස එනතුරු පොළඟා යන්නේ කොහේදැය බලා සිටි බිරිය තම නිවසට පැමිණි පිරිස පිළිගත්තේ ඔවුනට බොහෝ සේ ස්තූති කරමිනි.
විදුලි පන්දමක් රැගත් එක් තරුණයකු පොළඟා දෙසට විදුලි පන්දම එල්ල කළේ තවත් අයෙක් තම අත තිබූ පොල්ලක් පොළඟා දෙසට එල්ල කරද්දීය.
”මේ පොළගෙක් නෙමෙයි රෙදි ලේන්සුවක්” විදුලි පන්දම අත තිබූ තරුණයා සිනා සී පවසද්දී සෙසු පිිරිසද ඔහුට එක්වූයේ මහ හඬින් සිනා සෙමිනි.
තරුණ පිරිස නිවෙස ඉදිරිපස සිනාසෙද්දී නිවසේ හිමි කාන්තාව හීන් සීරුවේ ගෙට රිංගාගෙන ඇත්තේ කරන්නට අන් යමක් නොතිබූ බැවින්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනා යන වැඩක් උනත් පව් කියල හිතුනා. කොපමණ බයකින්ද මේ අය ඇත්තේ. වෙලේ ගොයම් කපද්දී දවසක් මගේ පිටිපතුල උඩින් තඩි පොලගෙක් ගියා. මම බය උන හැටි දන්නේ මමනේ.(නදී)
ඕක නම් අත් ලේන්සුවක් වෙන්න බැහැ. ගොවි මහත්තයාගේ අමුඩ ලේන්සුව වෙන්ටෑ.(නදී)
ගැණු අපේ අපේ විතරක් නෙමෙයි කුමාරි අක්කේ පිරිමින්ගේ මොළෙත් හැදිමිටේද කියලා වෙලාවකට හිතෙනවා.(නදී)
කුමාරි නංගිගේ පුංචි බොරුව අහු උනා. ගොයම් කපන්නේ වෙලේ නෙවෙයි නංගෝ කුඹුරේ.(නදී)
පිරිමින් ගෙ මොලේ තියෙන්නෙ හැන්දට මිට ගහන්න තමයි. ගංසිකා තාම දන්නෙ නෑ වගේ.....(අ)
සර්පයෙක් දැක්කාම තියන මතකෙත් නැති වෙනවා.ඒ ගැහැනු කෙනා එහෙමවත් සක්තියෙන් අහල පහල අයට කතා කරා.මටනම් බයටයි,අප්පිරියවටයි,හුස්මත් යයි.නිදි මතේට ලේන්සුව පොලගෙක් වගේ පෙන්න ඇත්තේ. (අ)
ගැහැණු කලබල උනාම වෙන්නේ මොනවාද කියලා දන්නේ නැහැ. (නදී)
මේ ලේන්සුව කාගේද කියල බලන්න ඕනා ? රහසක් තියෙයිද දන්නේ නැහැ ? (නදී)