IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලමිස්සියන් එක්ක තරඟෙට බනිස් කන්න ගිය ආච්චි අම්මාගේ දත් කුට්ටම බිම

අවුරුදු උත්සවයේ දී තරුණියන් සඳහා පැවැත්වූ බනිස් කෑමේ තරගයට සහභාගි වූ වැඩිහිටි කාන්තාවකගේ බොරු දත් කූට්ටම ගැලවී බිමට වැටීමේ පුවතක් දකුණු පළාතේ රජයේ කාර්යාලයකින් වාර්තාවේ.

සිංහල දෙමළ අලු‍ත් අවුරුදු සැමරීම සඳහා සෑම රජයේ කාර්යාලයකම අවුරුදු උත්සව සංවිධානය කිරීම සිරිත් පරිදි සිදුකෙරිණි. තරුණකම හුවා දැක්වීම සඳහා නිතර උත්සාහ ගන්නා නවීන විලාසිතා වලින් සැරසී නිතර ගමන් බිමන් යාම සිදුකරන අවුරුදු පනස් පහ ඉක්මවා ගිය කාන්තාවක් එම කාර්යාලයේ සේවය කළාය. තම වැඩිමහල් දියණියන් දෙදෙනාගේ වයසේ පසුවන කාර්යාලයේ සිටින සෙසු කාන්තාවන් අතර නිතරම කැපීපෙනෙන චරිතයක් බවට ඇය පත්ව සිටියාය. තරුණ නිලධාරිනියන් සහභාගි වූ සෑම අවුරුදු ක්‍රීඩාවකටම සහභාගි වීමට ඇය අමතක නොකළාය.

අවුරුදු උත්සවයේ විවිධ තරග ඉසව් පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එම තරග ඉසව් අතරින් බනිස් කෑමේ තරගය කාන්තා නිලධාරිනියන් සඳහා ද පැවැත්වීමට සැලසුම් කර තිබුණි. ඩෙනිම් කලිසමක් සහ සල්වාරි කමිසයකින් සැරසී අවුරුදු උත්සවයට පැමිණ සිටි කාන්තාවගේ නමද බනිස් කෑමේ තරග ලේඛනයේ මුලින්ම සඳහන් කර තිබුණි. තරග කාරියන්ගේ දෑත් පිටුපසට කර ගැටගසා තිබූ අතර සංවිධාකයන්ගේ අණින් තරගය ආරම්භ විය.

තරුණ නිලධාරිනියන් බිම පෙරළී බනිස් කෑම සිදුකළ අතර මෙම කාන්තාවද එය අනුගමනය කරමින් බනිස් කෑම ආරම්භ කළාය. තරගය ආරම්භ වී තප්පර කිහිපයක් ගෙවී යද්දී කාන්තාවගේ සවිකරගෙන තිබූ බොරු දත් කුට්ටම ගැලවී එම ස්ථානයේ එළා තිබූ පැදුර මතට වැටුණු අතර අවුරුදු උත්සවය එකම සිනා සාගරයක් විය. දත් කුට්ටම දුටු කාන්තාවට දෙපසින් සිටි තරගකාරියන් දෙදෙනා ඇතිවූ අප්‍රිය තාවය නිසා හටගත් ඕක්කාරය හේතුවෙන් වමනය දමන්නට වූහ. අවුරුදු උළෙලේ සිටි නරඹන්නන්ගේ ඔල්වරසන් දෙගුණ තෙගුණ වූහ.

අවුරුදු උත්සවය එකම සිනා සාගරයක් බවට පත්ව තිබූ අතර දත් කුට්ටම අහුලාගත් කාන්තාව සෙසු නිලධාරීන්ට දෝෂාරෝපණය කරමින් කාර්යාලය තුළට ගියාය. දත් කුට්ටම වැටී තිබුණු ආකාරය නිලධාරීන් ඡායාරූප ගතකර තිබූ අතර එය වට්ස්ඇප් සමූහයන් හරහා ක්ෂණිකව හුවමාරු වන්නට විය. සිය සැමියා ගෙන්වාගෙන කඩිනමින් නිවස බලා ගිය කාන්තාව නිවාඩු ලබාගෙන සතියක පමණ කාලයක් සේවයට නොගිය අතර ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්නට වන නිසා ඇය දුරකතනය ක්‍රියා විරහිත කර ඇති බවද පැවසේ.

හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන

 



අදහස් (0)

ලමිස්සියන් එක්ක තරඟෙට බනිස් කන්න ගිය ආච්චි අම්මාගේ දත් කුට්ටම බිම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site