කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
පුහුණුවීම්වලදී විදුහල්පති නිල නිවසේ විදුලි බුබුළ කුඩු වෙන්න වෙඩි වැදී ශිෂ්‍ය භටයන්ට වූ අලකලංචියක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
දකුණේ ප්‍රසිද්ධ පාසලකි. මේ දිනවල පාසලේ ශිෂ්‍ය භටයන් පුහුණුවීම්වල යෙදෙනුයේ ළඟ ළඟ එන තරගාවලියක් සඳහාය. ඒ සඳහා ඔවුනට කාලය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේම නැත. දිවා කාලයේ මෙන්ම රෑ ද ඔවුහු පුහුණුවීම්වල නිරත වූහ.
මේ කියන දවසේ ඔවුන් පුහුණු වූවේ මළ හිරු බැස යන වෙලාවේදීය. විදුහල්පති නිල නිවස ආසන්නයේ පාසල් භූමියේය. ඒ අවස්ථාවේදී විදුහල්පති නිල නිවෙසේ එළියේ විදුලි බුබුළු දැල් වෙමින් තිබිණ. ‘ඩෝං’ ශබ්දයත් එක්ක විදුහල්පති නිල නිවෙසේ එළියේ තිබූ විදුලි බුබුළක් බිමට කඩා වැටුණේය.
විදුහල්පති නිල නිවෙසේ සිටි විදුහල්පතිනිය ඇතුළු නිවැසියෝ මහත් බියට පත්වී එළියට පැන්නෝය. ගතවූයේ ටික වේලාවකි. සිදුව ඇති දේ විදුහල්පතිනියට තේරුම් ගිය අතර පුහුණු වෙන්න පැමිණි ශිෂ්‍ය භටයන් අත තැබූ රබර් උණ්ඩ යොදන තුවක්කුවකින් පතුරමක් සිය නිල නිවසේ විදුලි බුබුළට වැදී ඇති බව ඇයට සැලවුණාය.
ශිෂ්‍ය භටයන් සියල්ල විදුහල්පතිනිය ඉදිරියට රැස් කෙරිණ. මෙහි වගකීම ගන්නා ලෙස විදුහල්පතිනිය ශිෂ්‍ය භටයන්ට කීවාය. අත් වැරැද්දකින් එය සිදුවූවාක් යයි ශිෂ්‍ය භටයෝ කීහ. එහෙත් එය පිළිගැනීමට අකැමැති වූ විදුහල්පතිනිය මේ දරුවන්ට සතියක් තහනම් කළාලු. ඇයට විදුහලේ ශිෂ්‍ය භටයන් පේන්න බැරිවීම මෙයට එකම හේතුවලු.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘ඩෝං’ සද්දෙන් මැඩම්ට ශිෂ්‍ය භටයන් තිත්ත වෙලා