IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සැමියාගේ කැරැට්ටුවට බිරියගෙන් උප්පරවැට්ටියක්

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි

සැමියාගේ ස්වභාවය හරි හැටි තේරුම් ගත්  දේශපාලක බිරිඳක ඒ සඳහා අපූරු උපක්‍රමයක් භාවිත කිරීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය.

ගම්පහ දිසාවේ ය.  නම ගිය පක්ෂයක ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. සියුමැලි ළඳුන්ට ඇල්ම බැල්ම දාන්නට  දක්ෂයකු බවට ප්‍රචලිත ය.

සැමියාගේ තත්ත්වය බිරිඳට ද දැනගන්නට ලැබී තිබිණි. ඒ නිසා ඇය පසුවුණේ දැඩි විමසිල්ලෙනි. ගමනට බිමනට යද්දි මඟුල් මුද්ද දමන්නට ඇය සැමියාට බලකළේ ඒ නිසාය.

නාම යෝජනා සමය ආරම්භවීමත් සමඟ දේශපාලන මිතුරකු ඔහු සොයා පැමිණියේ ඉක්මන් ගමනක් යාමට ය. ඔහු කඩිමුඩියේ ලකලෑස්ති විය. මිතුරා මිදුලේ බලාගෙන සිටියේ ය.

තමුසේ යන ගමනක මඟු‍ල් මුද්ද දාගෙන යනවා අද අමතක වුණාද මම හැමදාම කියනවා. බිරිඳගේ දෝස්මුරයත් සමග සැමියා යළි කලබලයෙන් ගෙට යනු මිතුරාට දැකගත හැකි විය.

ඔහු නැවත එළියට එද්දි බිරිඳ විමසිල්ලෙන් ඔහුගේ දෑත් දෙස බලනු මිතුරාට පෙනිණි.

ටික දුරක් යද්දි මිතුරා ඔහුගෙන් මේ ගැන විමසීය.

දන්නවනේ මචං මගේ කැරැට්ටුව හොඳ නෑනේ. ඒ හින්දා ගෑනි විමසිල්ලෙන් ඉන්නේ ඔහු කීය.

මෙතෙක් කල් සැමියාටත් බිරිඳටත් පමණක් සීමාව පැවැති මුද්දේ රහස එළියට ගියේ මේ අනුව ය .

දැන් හමුවන හමුවන පුද්ගලයන් ‘‘මචං මුද්ද දාලද’’ අසද්දී මේ දේශපාලන මිතුරා හීන් සීරුවේ මාරු වන්නට උත්සාහ ගන්නා බවටද දැන ගන්නට ඇත.



අදහස් (0)

සැමියාගේ කැරැට්ටුවට බිරියගෙන් උප්පරවැට්ටියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site