IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


සාස්තරයක් අහලා පවුලටම හුනියමක් වෙලා

මාවරල පී.එස්. මද්දුමගේ
ඔහු වයස අවුරුදු 56ක් පමණ වූවෙක් විය. 
කල් ගත වී විවාහ වීම නිසා දරුවෝ  වයස අවුරුදු 12 සහ අවුරුදු 8  අතර වූහ. ස්ථිර රැකියාවක් නොකළ මොහු අක්කර බාගයක වූ තේ ඉඩමේ ආදායමෙන් සහ  එදිනෙදා කරගෙන යන කුමන හෝ කුලී වැඩකින් ලැබෙන මුදලින් බිරිඳත් දරු දෙදෙනාත්  ජීවත් කරවීමට  මහත් වෙහෙසක් දැරීය.
ධනවත් ක​ෙමන් සහ යහපත් සරුසාර ජීවිතයක් ළඟා කර ගැනීමට සිහින දකිමින් සිටි ඔහු, තම අනාගතය කෙසේ වේදැයි විපරම් කර බැලීමට අත බලා  ශාස්ත්‍ර කියන ශාස්ත්‍රකරුවකු  හමු වූයේ කේන්දර මන්තර ගුරුකම් ඉතා අධික ලෙස විශ්වාස කිරීම නිසාය.


ඉතා තදබල ලෙස  ග්‍රහ අපල පවතින බවත්, ජීවිත හානි පවා සිදු වීමට  ඉඩ ඇති සෙනසුරු මහ දශා කාලයක් ලබා ඇති බවත්, අත බැලූ  ශාස්ත්‍රකරුවා කීවේය. අපල කාලය දුරු වූ පසුව හොඳ කාලයක් උදාවන බව, පැවැසූ ශාස්ත්‍රකරු, එයින් මිදීමට නම්  කළ යුතු දේ මොනවාදැයි ඔහුට පැහැදිලි කර දුන්නේය.
කනස්සලු‍ සිතින් එදා නිවෙසට ගිය හෙතෙම, දැඩි උදාසීන ගතියකින් කල් ගත කළේ, සිතේ දෝංකාර දුන් අපල කතාව ගැන සිතමිනි. 
මෙසේ කල් ගෙවූ ඔහු, එක් දිනක් නිවෙසින් පිටව ගියේ, “තමන් දුර පළාතක කුලී වැඩකට යන බවත්, නැවත තමන් ආපසු එන තෙක් අම්මා තාත්තාගේ නිවෙසේ දරුවන් සමග සිටින ලෙසත් බිරිඳට දැනුම් දෙමිනි.
සති ගණනක් ගත වුවද සැමියා නිවෙසට නොපැමිණි නිසා කලබලයටත්, වේදනාවටත් පත් බිරිඳ දන්නා හඳුනන කියන අයට විස්තර පවසා සැමියා ගැන සෝදිසි කිරීමට විය.
දිනක්  අසල ගම් වැසියකු බිරිඳට කියා සිටියේ, ස්වාමි පුරුෂයා  පන්සලේ හාමුදුරුවරුන්ට ඇප උපස්ථාන කරමින් සිටිනා බවකි. 
පණිවුඩය ලද විගස තම පියා සමග පන්සල වෙත ගොස් සැමියා හමු විය.


 “මිනිහෝ මොකක්ද මේ කරන පිස්සු වැඩේ. ළමයින් දෙන්නයි මමයි දමල ඇවිත් මෙහෙම ඉන්නේ මොකද? මගෙන් වරදක් නැතුව ඇයි අපි තනි කළේ? ඇය සැර පරුෂ ස්වරයෙන් ඔහුගෙන් විමසුවාය.
  ඉතා අසරණ ලෙස, මදක් නිහඬව සිට  කටහඬ අවදි කළ  ඔහු සඳහන් කළේ කවුරුත් මවිත කරවන පිළිතුරකි. 
“මට බොහොම අපල තියන බව ශාස්ත්‍ර කාරයෙක් කිව්වා. ඔහු කිව්ව අපල දුරුවෙන්න නම් පින් දහම් කරන්න කියලා. ඒක නිසයි මම මෙහෙම ගමනක් ආවෙ.”
 සිද්ධිය තේරුම් ගත් සියලුම දෙනා  එකිනෙකාගේ මුහුණු බලාගත්හ.  



අදහස් (2)

සාස්තරයක් අහලා පවුලටම හුනියමක් වෙලා

Amaraweera Thursday, 21 September 2023 12:27 PM

පින්කරන්න යන්න තියෙන්නේ හොඳම ගුබ්බෑයම කන්න බොන්න ඉන්න තුනම ලැබෙනවා

:       15       8

Amal Dayaratne Thursday, 21 September 2023 01:43 PM

Amaraweera, පන්සලද ගුබ්බෑයම කියන්නේ?

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6122 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 315 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 345 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site